යෙදුමෙන් කියවන්න

දුතිය පබ‍්බතූපමසුත‍්තං

12. 6. 10.

12. 6. 10.

දුතිය පබ‍්බතූපමසුත‍්තං

දුතිය පබ්බතූපම සූත්‍රය

3902. සෙය්‍යථාපි භික‍්ඛවෙ, හිමවා පබ‍්බතරාජා පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, ඨපෙත්‍වා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නුඛො බහුතරං, යං වා හිමවතො පබ‍්බතරාජස‍්ස පරික‍්ඛීණං පරියාදින‍්නං, යා වා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨාති? එතදෙව භන‍්තෙ, බහුතරං හිමවතො පබ‍්බතරාජස‍්ස යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං. අප‍්පමත‍්තිකා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨා. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති හිමවතො පබ‍්බතරාජස‍්ස පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨාති.

3902. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජ අබ පමණ වූ පහණසකුරු (ගල්කැට) සතක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, “ඒ කිමැ” යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? හිමවත් පවුරජුගේ යම් ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් එය හෝ ඉතිරි වූ අබ පමණ වූ යම් පහණසකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ගිණුමටත් නො පැමිණේ. සැසඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි.

එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක‍්ඛං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං අප‍්පමත‍්තකං අවසිට‍්ඨං. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති පුරිමං දුක‍්ඛක‍්ඛන්‍ධං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය යදිදං සත‍්තක‍්ඛත‍්තුපරමතා. යො “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

මහණෙනි, එසෙයින් ම සිවුසස් පිළිවිදි දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද, “මේ දුක් හටගැනුමැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සත්තක්ඛත්තුපරමතාවක් වේ ද, එය ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගිණුමටත් නො පැමිණේ. සැසැඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

අභිසමයවග‍්ගො ඡට‍්ඨො.

සවැනි අභිසමයවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය :

නඛසිඛා පොක‍්ඛරණී ච සම‍්භෙජ‍්ජා අපරෙ දුවෙ, පඨවී ද‍්වෙ සමුද‍්දා ද‍්වෙ දුවෙ ච පබ‍්බතූපමාති.

නඛසිඛා, පොක්ඛරණී යි දෙකෙක් ද අනෙක් සම්භෙජ්ජ සුතුරු දෙකෙක් ද පඨවි සුතුරු දෙකෙක් ද සමුද්ද සුතුරු දෙකෙක් ද පබ්බතූපම සුතුරු දෙකෙක් දැයි මුළුල්ල දසයෙකි යි.