යෙදුමෙන් කියවන්න

නඛසිඛාසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

12. 6. 1.

12. 6. 1.

නඛසිඛාසුත‍්තං

නඛසිඛා සූත්‍රය

3893. අථ ඛො භගවා පරිත‍්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං යො චා’යං මයා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති? එතදෙව භන‍්තෙ, බහුතරං. යදිදං මහාපඨවී, අප‍්පමත‍්තකොයං භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක‍්ඛං -පෙ- යො “ඉදං දුක‍්ඛන‍්ති” යථාභූතං පජානාති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

3893. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නඟා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මවිසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බිඳෙක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉතා බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ... මේ දුක ම ඉතා බොහෝ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ... මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 2.

12. 6. 2.

පොක‍්ඛරණීසුත‍්තං

පොක්ඛරණී සූත්‍රය

3894. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පොක‍්ඛරණී පඤ‍්ඤාස යොජනානි ආයාමෙන, පඤ‍්ඤාස යොජනානි විත්‍ථාරෙන, පඤ‍්ඤාස යොජනානි උබ‍්බෙධෙන, පුණ‍්ණා උදකස‍්ස සමතිත‍්තිකා කාකපෙය්‍යා. තතො පුරිසො කුසග‍්ගෙන උදකං උද‍්ධරෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා කුසග‍්ගෙන උබ‍්භතං, යං වා පොක‍්ඛරණියා උදකන‍්ති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං පොක‍්ඛරණියා උදකං. අප‍්පමත‍්තකං කුසග‍්ගෙන උදකං උබ‍්භතං. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති පොක‍්ඛරණියා උදකං උපනිධාය කුසග‍්ගෙන උදකං උබ‍්භතන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3894. මහණෙනි, යම්සේ අයමින් පනස්යොදුන් වූ විතරින් පනස්යොදුන් වූ ගැඹරින් පනස්යොදුන් වූ මුවවිට සම කොට දියෙන් පිරුණු කවුඩන් විසින් පිය හැකි පොකුණෙක් වේ ද, පුරුෂයෙක් කුසතණඅගින් එයින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? කුසතණඅගින් යම් දියෙක් නගන ලද නම් එය හෝ පොකුණෙහි වූ දිය හෝ දැ යි? වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. කුසතණඅගින් නගන ලද දිය ඉතා මඳ ය. පොකුණෙහි වූ දිය හා සැසඳීමෙහි දී කුසතණඅගින් නගන ලද දිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 3.

12. 6. 3.

සම‍්භෙජ‍්ජසුත‍්තං

සම්භෙජ්ජ සූත්‍රය

3895. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යත්‍ථිමා මහානදියො සංසන්‍දන‍්ති සමෙන‍්ති. සෙය්‍යථිදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තතො පුරිසො ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උද‍්ධරෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි යං වා සම‍්භෙජ‍්ජං උදකන‍්ති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං සම‍්භෙජ‍්ජං උදකං, අප‍්පමත‍්තකානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති. සම‍්භෙජ‍්ජං උදකං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3895. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද එක්වෙද්ද, පුරුෂයෙක් එයින් දෙතුන් දියබිඳක් නඟන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? නගන ලද යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ යම් මුසුදියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, යම් මේ (සෙසුනදීන් හා) මුසුදියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳුහු ඉතා මඳයැ. මුසුදිය හා සැසඳීමෙහි දී නගන ලද දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 4.

12. 6. 4.

දුතියසම‍්භෙජ‍්ජසුත‍්තං

දුතිය සම්භෙජ්ජ සූත්‍රය

3896. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යත්‍ථිමා මහානදියො සංසන්‍දන‍්ති සමෙන‍්ති. සෙය්‍යථිදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තං උදකං පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යං වා සම‍්භෙජ‍්ජං උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං. යානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති? එතදෙව භන‍්තෙ, බහුතරං සම‍්භෙජ‍්ජං උදකං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං, අප‍්පමත‍්තකානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානි. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති සම‍්භෙජ‍්ජං උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3896. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද, එක්වෙද්ද, දෙතුන් දියබිඳක් තබා ඒ දිය ක්‍ෂය වීමට සිඳීමට යන්නේ නම්, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ක්‍ෂය වූ සිඳුණු යම් මුසු දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු වෙත් නම් ඔහු හෝ දැ යි? වහන්ස, ක්‍ෂය වූ සිඳුණු යම් මේ මුසු දියෙක් වේ නම් මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු ඉමඳහ. ක්‍ෂය වූ සිඳුණු මුසුදිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ යම් දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 5.

12. 6. 5.

පඨවිසුත‍්තං

පඨවි සූත්‍රය

3897. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහාපඨවියා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිපෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යා වා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තා, අයං වා මහාපඨවීති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප‍්පමත‍්තිකා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තා. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති මහාපඨවිං උපනිධාය සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තාති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3897. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහපොළොවෙහි ඩෙබරඇට පමණ වූ ගුළි සතක් බහා තබන්නේ නම් මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ඩෙබරඇට පමණ වූ බහා තබන ලද යම් සත්ගුළියක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය මැ ඉබොහෝ යි. බහා තබාන ලද ඩෙබාරඇට පමණ වූ සත්ගුළිය ඉතා මඳ යැ. මහපොළොව හා සැසඳීමෙහි දී ඩෙබරඇට පමණ වූ බහා තබන ලද සත්ගුළිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 6.

12. 6. 6.

දුතිය පඨවිසුත‍්තං

දුතිය පඨවි සූත්‍රය

3898. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාපඨවී පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාපඨවියා පරික‍්ඛීණං පරියාදින‍්නං, යා වා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨාති? එතදෙව භන‍්තෙ, බහුතරං මහාපඨවියා යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං අප‍්පමත‍්තිකා සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨා. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති මහාපඨවියා පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය සත‍්ත කොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨාති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3898. මහණෙනි, යම්සේ මහපොළොව ඩෙබරඇට පමණ වූ සත්ගුළියක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ යම් සත්ගුලියක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහපොළොවෙහි යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ඉතා මඳ ය. මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එමෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 7.

12. 6. 7.

සමුද‍්දසුත‍්තං

සමුද්ද සූත්‍රය

3899. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහාසමුද‍්දතො ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උද‍්ධරෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි, යං වා සමුද‍්දෙ උදකන‍්ති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං මහාසමුද‍්දෙ උදකං, අප‍්පමත‍්තකානි, ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති. මහාසමුද‍්දෙ උදකං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති:

3899. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙන් දෙතුන් දියබිඳක් නගන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? නගන ලද, යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ මුහුදෙහි යම් දියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි යම් දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසැඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 8.

12. 6. 8.

දුතිය සමුද‍්දසුත‍්තං

දුතියසමුද්ද සූත්‍රය

3900. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාසමුද‍්දෙ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං, යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති? එතදෙව භන‍්තෙ, බහුතරං මහාසමුද‍්දෙ උදකං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං, අප‍්පමත‍්තකානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානි. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති මහාසමුද‍්දෙ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3900. මහණෙනි, යම්සේ මහමුහුද දෙතුන් දියබිඳක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ දෙතුන් දිය බිඳෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ දෙතුන් දිය බිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙතුන් දිය බිඳු ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 6. 9.

12. 6. 9.

පබ‍්බතූපමසුත‍්තං

පබ්බතූපම සූත්‍රය

3901. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො හිමවතො පබ‍්බතරාජස‍්ස සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිපෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යා වා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තා, හිමවා පබ‍්බතරාජාති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං හිමවා පබ‍්බතරාජා අප‍්පමත‍්තිකා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තා. සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති හිමවන‍්තං පබ‍්බතරාජානං උපනිධාය. සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තාති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- යොගො කරණීයොති.

3901. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජහුගේ අබ පමණ වූ පහණසකුරු සතක් බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සතෙක් වේ නම් එය හෝ හිමවත් පවුරජ හෝ දැ යි? වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ නම් හේ ම ඉබෙහෙවි. බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමෙහි දී බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.