යෙදුමෙන් කියවන්න

දුතිය සිනෙරුසුත‍්තං

12. 5. 10.

12. 5. 10.

දුතිය සිනෙරුසුත‍්තං

දුතියසිනේරු සූත්‍රය

3892. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සිනෙරුපබ‍්බතරාජා පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා සත‍්ත මුග‍්ගමත‍්තියො පාසාණසක‍්ඛරාති. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා සිනෙරුස‍්ස පබ‍්බතරාජස‍්ස පරික‍්ඛීණං පරියාදින‍්නං, යා වා සත‍්ත මුග‍්ගමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨාති? එතදෙව භන‍්තෙ, බහුතරං සිනෙරුස‍්ස පබ‍්බතරාජස‍්ස යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං, අප‍්පමත‍්තිකා සත‍්ත මුග‍්ගමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨා, සඞ‍්ඛම‍්පි න උපෙන‍්ති, උපනිධිම‍්පි න උපෙන‍්ති, කලභාගම‍්පි න උපෙන‍්ති සිනෙරුස‍්ස පබ‍්බතරාජස‍්ස පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය සත‍්ත මුග‍්ගමත‍්තියො පාසාණසක‍්ඛරා අවසිට‍්ඨාති. එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක‍්ඛං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං, අප‍්පමත‍්තකං අවසිට‍්ඨං. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති, පුරිමං දුක‍්ඛක‍්ඛන්‍ධං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය යදිදං සත‍්තක‍්ඛත‍්තුපරමතා. යො “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානාති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

3892. මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්‍ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳීමට ද නො පැමිණේ. කල භාගයකට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසැඳීමෙහි දී යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් වේ නම් මෙය ගිණුමට දු නො පැමිණේ. සැසඳුමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

පපාතවග‍්ගො පඤ‍්චමො.

පපාතවර්‍ග ය පස්වැනි යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය :

චින‍්තා පපාතො පරිළාහො කූටං වාදොන්‍ධකාරො ච. ඡිග‍්ගලා ච දුවෙ වුත‍්තා සිනෙරු අපරෙ දුවෙති.

චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්‍ධකාර යි සයෙක් ද ඡිග්ගල සුතුරු දෙකෙක් ද අනෙක් සුතුරු දෙකෙක් ද කියන ලද හ යි.