සිනෙරුසුත්තං
12. 5. 9.
12. 5. 9.
සිනෙරුසුත්තං
සිනේරු සූත්රය
3891. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො සිනෙරුස්ස පබ්බතරාජස්ස සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යා වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, සිනෙරු වා පබ්බතරාජාති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං සිනෙරුපබ්බතරාජා. අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. සඞ්ඛම්පි න උපෙන්ති උපනිධිම්පි න උපෙන්ති. කලභාගම්පි න උපෙන්ති. සිනෙරුං පබ්බතරාජං උපනිධාය සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති.
3891. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ.
එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං, සඞ්ඛම්පි න උපෙති උපනිධිම්පි න උපෙති කලභාගම්පි න උපෙති පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුපරමතා. යො “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
මහණෙනි, එසෙයින් ම චතුස්සත්යාවබෝධය කළ දිටුසපන් අරීසවුපුඟුල්හු විසින් මේ දුකෙක් ක්ෂය කරන ලද්දේ ගෙවන ලද්දේ වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් මේ දුකැ යි තතුසේ දනී ද ... මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් (සත්වරක් ඉපදීම පරම කොට ඇති බවෙක්) වේ නම් මෙය ක්ෂය කළ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගණනකට නො පැමිණේ. සැසඳීමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.