දුතිය ඡිග්ගලයුගසුත්තං
12. 5. 8.
12. 5. 8.
දුතිය ඡිග්ගලයුගසුත්තං
දුතියඡිග්ගල සූත්රය
3890. සෙය්යථාපි භික්ඛවෙ, අයං මහාපඨවී එකොදිකා අස්ස. තත්ර පුරිසො එකච්ඡිග්ගලං යුගං පක්ඛිපෙය්ය. තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්ය, පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්ය. තත්රස්ස කාණො කච්ඡපො. සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති? අධිච්චමිදං භන්තෙ, යං සො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං මනුස්සත්තං ලභති. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පති. තස්සිදං භික්ඛවෙ, මනුස්සත්තං ලද්ධං, තථාගතො ච ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො, තථාගතප්පවෙදිතො ච ධම්මවිනයො ලොකෙ දිප්පති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
3890. මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ දැ යි? වහන්ස, ඒ කණකැස්බා දිගුකලෙක සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ ය යන යමෙක් වේ නම් මෙය කිසි දවසක සිදුවන්නෙකි. මහණෙනි, මිනිසත්බව ලබයි යන යමෙක් වේ නම් මෙය දිගුකලක් ඉක්ම යෑමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම අර්හත්සම්යක්සම්බුද්ධ වූ තථාගත තෙමේ ලොව උපදී යන යමෙක් වේ නම් මේ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම තථාගතයන් විසින් පවසන ලද සසුන ලොව බබලයි යන යමෙක් වේ නම් මෙ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි ඔහු විසින් මේ මිනිසත්බව ලදි. තථාගතයන් විසින් පවසන ලද සසුනත් ලොව බබලයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.