යෙදුමෙන් කියවන්න

ඡිග‍්ගලයුගසුත‍්තං

12. 5. 7.

12. 5. 7.

ඡිග‍්ගලයුගසුත‍්තං

ඡිග්ගල සූත්‍රය

3889. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහාසමුද‍්දෙ එකච‍්ඡිග‍්ගලං යුගං පක‍්ඛිපෙය්‍ය. තත්‍රස‍්ස කාණො කච‍්ඡපො. සො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන සකිං සකිං උම‍්මුජ‍්ජෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු ඛො කාණො කච‍්ඡපො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන සකිං සකිං උම‍්මුජ‍්ජන‍්තො අමුස‍්මිං එකච‍්ඡිග‍්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍යාති? යදි නූන භන‍්තෙ, කදාචි කරහචි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙනාති. ඛිප‍්පතරං ඛො සො භික‍්ඛවෙ, කාණො කච‍්ඡපො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන සකිං සකිං උම‍්මුජ‍්ජන‍්තො අමුස‍්මිං එකච‍්ඡිග‍්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, න ත්‍වෙවාහං භික‍්ඛවෙ, සකිං විනිපාතගතෙන බාලෙන මනුස‍්සත‍්තං වදාමි. තං කිස‍්ස හෙතු: නහෙත්‍ථ භික‍්ඛවෙ, අත්‍ථි ධම‍්මචරියා පුඤ‍්ඤකිරියා. අඤ‍්ඤමඤ‍්ඤඛාදිකා එත්‍ථ භික‍්ඛවෙ, වත‍්තති දුබ‍්බලඛාදිකා. තං කිස‍්ස හෙතු: අදිට‍්ඨත‍්තා භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3889. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ඉතා වහා ගෙල පිවිස්වන්නේ ය. මහණෙනි, වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත්බව සුලබ ය යි මම නො ම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි දහම්හි හැසිරීමෙක් පින් කිරීමෙක් නො ම ඇත. මහණෙනි, මෙහි ඔවුනොවුන් කෑමෙක් දුඹුලන් කෑමෙක් පවතී. ඒ කවර හෙයින් යත්” මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක් යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.