අන්ධකාරසුත්තං
12. 5. 6.
12. 5. 6.
අන්ධකාරසුත්තං
අන්ධකාර සූත්‍රය
3888. අත්ථි භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරකා අන්ධකාරතිමිසා. යත්ථාපිමෙසං චන්දිමසුරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්තීති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “මහා වත සො භන්තෙ, අන්ධකාරො. සුමහා වත සො භන්තෙ, අන්ධකාරො. අත්ථි නුඛො භන්තෙ, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චා”ති? අත්ථි ඛො භික්ඛු, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චාති. කතමො පන භන්තෙ, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චාති?
3888. මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
යෙ හි කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං නප්පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප්පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති. තෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජාතන්ධකාරම්පි පපතන්ති, ජරන්ධකාරම්පි පපතන්ති, මරණන්ධකාරම්පි පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසන්ධකාරම්පි පපතන්ති. තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
යෙ ච ඛො කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති -පෙ- අනභිරතා -පෙ- නාභිසඞ්ඛරොන්ති -පෙ- අනභිසඞ්ඛරිත්වා ජාතන්ධකාරම්පි න පපතන්ති. ජරන්ධකාරම්පි න පපතන්ති, මරණන්ධකාරම්පි න පපතන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසන්ධකාරම්පි න පපතන්ති. තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි. තස්මාතිහ භික්ඛු, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා”ති යොගො කරණීයොති.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ දනිද් ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් ... නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ජාති අඳුරට ද නො වැටෙත්. ජරා අඳුරට ද නො වැටෙත්. මරණ අඳුරට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.