යෙදුමෙන් කියවන්න

වාලසුත‍්තං

12. 5. 5.

12. 5. 5.

වාලසුත‍්තං

වාල සූත්‍රය

3887. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො සම‍්බහුලෙ ලිච‍්ඡවිකුමාරකෙ සන්‍ථාගාරෙ උපාසනං කරොන‍්තෙ දූරතොව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතෙන‍්තෙ පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතං, දිස‍්වානස‍්ස එතදහොසි: “සික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවිකුමාරකා සුසික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවිකුමාරකා. යත්‍ර හි නාම දූරතොව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතෙස‍්සන‍්ති පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතන‍්ති.”

3887. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ සිප්හලෙහි විදීමට පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡවීකුමරුන් දුටහ. දැක උන්වහන්සේට මෙබඳු සිතෙක් වියේ. “යම් කෙනෙක් දුරින් ම සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා හීතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො වෙසාලිං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසංකමි. -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “ඉධාහං භන‍්තෙ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසිං. අද‍්දසං ඛ‍්වාහං භන‍්තෙ, සම‍්බහුලෙ ලිච‍්ඡවිකුමාරකෙ සන්‍ථාගාරෙ උපාසනං කරොන‍්තෙ. දූරතොව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතෙන‍්තෙ පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතං. දිස‍්වාන මෙ එතදහොසි, සික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවි කුමාරකා. සුසික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවිකුමාරකා. යත්‍ර හි නාම දූරතො ව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතෙස‍්සන‍්ති පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතන‍්ති”.

ඉක්බිති ඇවැත් අනඳ තෙරණුවෝ විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඇවැත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, මම සිප්හලෙහි විදීම පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡ්විකුමරුන් දිටිමි. දැක මට මෙබඳු සිතෙක් විය: යම් කෙනෙක් සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.

තං කිං මඤ‍්ඤසි ආනන්‍ද, කතමං නුඛො දුක‍්කරතරං වා දුරභිසම‍්භවතරං වා, යො දූරතොව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතෙය්‍ය පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතං, යො වා සතධා භින‍්නස‍්ස වාළස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යාති? එතදෙව භන‍්තෙ, දුක‍්කරතරං චෙව දුරභිසම‍්භවතරං ච යො වා සතධා භින‍්නස‍්ස වාළස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යාති. අථ ඛො තෙ ආනන්‍ද දුප‍්පටිවිජ‍්ඣතරං පටිවිජ‍්ඣන‍්ති යෙ “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පටිවිජ‍්ඣන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති, යථාභූතං පටිවිජ‍්ඣති. තස‍්මාතිහ ආනන්‍ද, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

ආනන්‍ද, ඒ කිමැ යි හඟිවු ද? යමෙක් සියුම් කෙසිසිදුරෙන් පගලිය නො වළහා පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නේ ද, යමෙකුත් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ ද, මෙයින් කිමෙක් ඉතා දුෂ්කර හෝ ඉතා දුලබ හෝ දැ යි? වහන්ස, යමෙක් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ නම් මෙය ම ඉතා දුෂ්කර ද ඉතා දුලබ ද වේ යි. ආනන්‍ද, වැලි යම් කෙනෙක් “මේ දුකැ” යි තතුසේ පිළිවිදිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ පිළිවිදිත්. ආනන්‍ද, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.