යෙදුමෙන් කියවන්න

කූටාගාරසුත‍්තං

12. 5. 4.

12. 5. 4.

කූටාගාරසුත‍්තං

කූටාගාර සූත්‍රය

3886. යො හි භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච දුක‍්ඛසමුදයං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච දුක‍්ඛනිරොධං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච දුක‍්ඛනිරොධගාමිනී පටිපදං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං කූටාගාරස‍්ස හෙට‍්ඨිමං ඝරං අකරිත්‍වා උපරිමං ඝරං ආරොපෙස‍්සාමී”ති නෙතං ඨානං විජ‍්ජති. එවමෙව ඛො භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති නෙතං ඨානං විජ‍්ජති.

3886. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.

යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති. ඨානමෙතං විජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය “අහං කූටාගාරස‍්ස හෙට‍්ඨිමං ඝරං, කරිත්‍වා උපරිමං ඝරං ආරොපෙස‍්සාමී”ති ඨානමෙතං විජ‍්ජති. එවමෙව ඛො භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමීති ඨානමෙතං විජ‍්ජති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටගෙය කොට මතුගෙය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.