යෙදුමෙන් කියවන්න

පරිළාහසුත‍්තං

12. 5. 3.

12. 5. 3.

පරිළාහසුත‍්තං

පරිළාහ සූත්‍රය

3885. අත්‍ථි භික‍්ඛවෙ, මහාපරිළාහො නාම නිරයො. තත්‍ථ යං කිඤ‍්චි චක‍්ඛුනා රූපං පස‍්සති, අනිට‍්ඨරූපංයෙව පස‍්සති, නො ඉට‍්ඨරූපං. අකන‍්තරූපයෙව පස‍්සති, නො කන‍්තරූපං. අමනාපරූපංයෙව පස‍්සති, නො මනාපරූපං. යං කිඤ‍්චි සොතෙන සද‍්දං සුණාති -පෙ- ඝානෙන ගන්‍ධං ඝායති -පෙ- ජිව‍්හාය රසං සායති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති -පෙ- යං කිඤ‍්චි මනසා ධම‍්මං විජානාති, අනිට‍්ඨරූපංයෙව විජානාති. නො ඉට‍්ඨරූපං. අකන‍්තරූපංයෙව විජානාති. නො කන‍්තරූපං. අමනාපරූපංයෙව විජානාති. නො මනාපරූපන‍්ති. එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “මහා වත සො භන‍්තෙ, පරිළාහො සුමහා වත සො භන‍්තෙ, පරිළාහො. අත්‍ථි නු ඛො භන‍්තෙ, එතම‍්හා පරිළාහා අඤ‍්ඤො පරිළාහො මහන‍්තතරො ච භයානකතරොචා”ති? අත්‍ථි ඛො භික‍්ඛු, එතම‍්හා පරිළාහා අඤ‍්ඤො පරිළාහො මහන‍්තතරො ච භයානකතරොචාති. කතමො පන භන‍්තෙ, එතම‍්හා පරිළාහා අඤ‍්ඤො පරිළාහො මහන‍්තතරො ච භයානකතරො චාති?

3885. මහණෙනි, මහාපරිළාහ නම් නිරයෙක් ඇත. එහි යම් කිසි රුවක් ඇසින් දකී නම් අනිටු රුවක් ම දකී. ඉටු රුවක් නො දකී. නො කැමති රුවක් ම දකී. කැමති රුවක් නො දකී. නො මනා රුවක් ම දකී. මනාරුවක් නො දකී. කණින් යම් කිසි සදක් අසා නම් ... නැහැයෙන් ගඳක් ගනී නම් ... දිවින් රසක් විඳී නම් ... කයින් පහසක් පුසී නම් ... සිතින් යම් කිසි දහමක් දනී නම් අනිටු රුවක් ම දනී. ඉටු රුවක් නො දනී. නො කැමති රුවක් ම දනී. කැමති රුවක් නො දනී. නො මනාරුවක් ම දනී. මනාරුවක් නො දනීයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇද්දෝ” යි? මහණ, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇතැ යි. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අන් පරිළාහය කවරේ දැයි?

යෙ හි කෙචි, භික‍්ඛු, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප‍්පජානන‍්ති, තෙ ජාතිසංවත‍්තනිකෙසු සඞ‍්ඛාරෙසු අභිරමන‍්ති -පෙ- තෙ ජාතිසංවත‍්තනිකෙසු සඞ‍්ඛාරෙසු අභිරතා -පෙ- සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසසංවත‍්තනිකෙසු සඞ‍්ඛාරෙසු අභිරතා ජාතිසංවත‍්තනිකෙපි සඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්ති -පෙ- සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසසංවත‍්තනිකෙපි සඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්ති. තෙ ජාතිසංවත‍්තනිකෙපි සඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරිත්‍වා -පෙ- සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසසංවත‍්තනිකෙපි සඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරිත්‍වා ජාතිපරිළාහෙනපි පරිඩය‍්හන‍්ති. ජරාපරිළාහෙනපි පරිඩය‍්හන‍්ති. මරණපරිළාහෙනපි පරිඩය‍්හන‍්ති. සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසපරිළාහෙනපි පරිඩය‍්හන‍්ති. තෙ න පරිමුච‍්චන‍්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. න පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති වදාමි.

මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතු සේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් .. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාතිපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ජරාපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. මරණපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.

යෙ ච ඛො කෙචි භික‍්ඛු, සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන‍්ති, තෙ ජාතිසංවත‍්තනිකෙසු සඞ‍්ඛාරෙසු නාභිරමන‍්ති -පෙ- අනභිරතා -පෙ- නාභිසඞ‍්ඛරොන‍්ති -පෙ- අනභිසඞ‍්ඛරිත්‍වා ජාතිපරිළාහෙනපි න පරිඩය‍්හන‍්ති, ජරාපරිළාහෙනපි න පරිඩය‍්හන‍්ති, මරණපරිළාහෙනපි න පරිඩය‍්හන‍්ති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසපරිළාහෙනපි න පරිඩය‍්හන‍්ති. තෙ පරිමුච‍්චන‍්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති වදාමි. තස‍්මාතිහ භික‍්ඛු, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ-“අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් .. නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ... ජාතිපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ජරාපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. මරණපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.