පපාතසුත්තං
12. 5. 2.
12. 5. 2.
පපාතසුත්තං
පපාත සූත්‍රය
3884. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ආයාම භික්ඛවෙ, යෙන පටිභානකූටො තෙනුපසඞ්කමිස්සාම දිවා විහාරායා”ති. ‘එවම්භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන පටිභානකූටො තෙනුපසඞ්කමි. අද්දසා ඛො අඤ්ඤතරො භික්ඛු පටිභානකූටෙ මහන්තං පපාතං. දිස්වාන භගවන්තං එතදවොච: “මහා වතායං භන්තෙ, පපාතො, සුමහා වතායං භන්තෙ, පපාතො. අත්ථි නු ඛො භන්තෙ, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො චා”ති? “අත්ථි ඛො භික්ඛු, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො චා”ති. කතමො පන භන්තෙ, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො චාති?
3884. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග පිලිබහන්කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්රපාතයක් දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇතැ”යි. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්රපාතය කවරේ දැ යි.
යෙ හි කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති, ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්.
තෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජාතිපපාතම්පි පපතන්ති, ජරාපපාතම්පි පපතන්ති, මරණපපාතම්පි පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපපාතම්පි පපතන්ති. තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට, ජාති ප්‍රපාතයට ද වැටෙත්. ජරාප්රපාතයට ද වැටෙත්. මරණ ප්‍රපාතයට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්රපාතයට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
යෙ ච ඛො කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති. ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති. මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද්ද ... “මේ දුක් වැළැක්මට පුමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්.
තෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, ජාතිපපාතම්පි න පපපතන්ති, ජරාපපාතම්පි න පපතන්ති, මරණපපාතම්පි න පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපපාතම්පි න පපතන්ති. තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි. තස්මාතිහ භික්ඛු, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට, ජාති ප්‍රපාතයට ද නො වැටෙත්. ජරාප්රපාතයට ද නො වැටෙත්. මරණ ප්‍රපාතයට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්රපාතයට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. (සියලු) දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.