යෙදුමෙන් කියවන්න

5. පපාතවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. පපාත වර්ගය

1. චින‍්තාසුත‍්තවණ‍්ණනා

1. චින්තා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ සුමාගධාය පොක‍්ඛරණියාති එවංනාමිකාය පොක‍්ඛරණියා. ලොකචින‍්තං චින‍්තෙන‍්තොති, “කෙන නු ඛො චන්‍දිමසූරියා කතා, කෙන මහාපථවී, කෙන මහාසමුද‍්දො, කෙන සත‍්තා උප‍්පාදිතා, කෙන පබ‍්බතා, කෙන අම‍්බතාලනාළිකෙරාදයො”ති එවරූපං ලොකචින‍්තං චින‍්තෙන‍්තො නිසීදි.

පස්වන වර්ගයේ පළමුවැන්නෙහි - සුමාගාධාය පොක්‍ඛරණීයා = මෙම නම ඇති පොකුණෙහි ලොක චින්තං චින්තෙන්තො = සඳ හිරු සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) මහ පොළව සාදන ලද්දේ කවරකු විසින් ද (නොහොත් කුමකින්ද) මහ සමුදුර සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) සත්ත්වයෝ කවරකු විසින් පහළ කරනු ලැබුවාහුද (නොහොත් කුමන හේතුවකින්ද) පර්වත සාදන ලද්දේ කවරකු විසින් ද? (නොහොත් කුමකින්ද) අඹ තල් පොල් ආදිය සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) ලෝකය පිළිබඳ මෙබඳු සිතුවිලි සිතමින් හුන්නේය.

විචෙතොති විගතචිත‍්තො වික‍්ඛිත‍්තචිත‍්තො වා. භූතංයෙව අද‍්දසාති තෙ කිර අසුරා සම‍්බරිමායං සම‍්පරිවත‍්තෙත්‍වා යථා නෙ සො පුරිසො හත්‍ථිඅස‍්සාදීසු ආරුහන‍්තෙ උක‍්ඛිපිත්‍වා, භිසමුළාලච‍්ඡිද‍්දෙහි පවිසන‍්තෙ පස‍්සති, එවං අධිට‍්ඨහිංසු. තං සන්‍ධාය සත්‍ථා “භූතංයෙව අද‍්දසා”ති ආහ. දෙවානංයෙව මොහයමානාති දෙවානං චිත‍්තං මොහයන‍්තා. තස‍්මාති යස‍්මා ලොකචින‍්තං චින‍්තෙන‍්තො උම‍්මත‍්තකොපි හොති, තස‍්මා.

විචෙකො = සිතුවිලි වලින් තොරවූයේ හෝ අවුල් වූ සිත් ඇත්තේ භුතං යෙව අද්දසා “ඒ පුරුෂයා ඇත් අස් ආදීන් මතට නගින කල්හි අහසට නැගී නෙළුම් අලවල හා දඬුවල සිදුරුවලින් පිවිසෙන අයුරක් පෙනේවා”යි ඒ අසුරයෝ පෙර ලා අධිෂ්ඨාන කළහ. ඒ සඳහා ශාස්තෲන් වහන්සේ “භූතං යෙව අද්දසා” යන ආදිය වදාළහ. දෙවානං යෙව මොහය මානා = දෙවියන්ගේ සිත මුලා කරවන්නාහු තස්මා = ලෝකයේ නිර්මාණය ආදිය පිළිබඳව සිතන පුද්ගලයා ඒ නිසා උමතු වූවෙක් හෝ වෙයි.

2. පපාතසුත‍්තවණ‍්ණනා

2. පපාත සූත්‍ර වර්ණනාව

දුතියෙ පටිභානකූටොති එකො මහන‍්තො පබ‍්බතසදිසො මරියාදපාසාණො. තතියෙ අනිට‍්ඨරූපන‍්ති අනිට‍්ඨසභාවං.

දෙවැන්නෙහි - පටිභාණ කූටො = එක්තරා මහත් වූ පර්වතයක් වැනි වූ මායිම් ගලක් වෙයි. තුන්වැන්නෙහි - අනිට්ඨ රූපං යනු ප්‍රිය නොවන ස්වභාවයයි.

4. කූටාගාරසුත‍්තවණ‍්ණනා

4. කූටාගාර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ හෙට‍්ඨිමං ඝරං අකරිත්‍වාති ථම‍්භභිත‍්තිපාදුස‍්සාපනාදිනා ඝරස‍්ස හෙට‍්ඨිමභාගං අකත්‍වා.

සිවුවැන්නෙහි - හෙට්ඨි මං ඝරං අකරිත්‍වා = කණු, බිත්ති, අත්තිවාරම් උස් කිරීම් ආදියෙන් ගෘහයෙහි යට කොටස සකස් කොට.

5. වාලසුත‍්තවණ‍්ණනා

5. වාල සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සන්‍ථාගාරෙති සිප‍්පුග‍්ගණ‍්හනසාලායං. උපාසනං කරොන‍්තෙති කණ‍්ඩඛිපනසිප‍්පං කරොන‍්තෙ. අසනං අතිපාතෙන‍්තෙති කණ‍්ඩං අතික‍්කමෙන‍්තෙ. පොඞ‍්ඛානුපොඞ‍්ඛන‍්ති එකං කණ‍්ඩං ඛිපිත්‍වා යථා අස‍්ස සරස‍්ස පොඞ‍්ඛං විජ‍්ඣති, අපරං අනුපොඞ‍්ඛං නාම දුතියස‍්ස පොඞ‍්ඛං, පුන අපරං තස‍්ස පොඞ‍්ඛන‍්ති එවං අතිපාතෙන‍්තෙ අද‍්දස. යත්‍ර හි නාමාති යෙ නාම. දුරභිසම‍්භවතරන‍්ති දුක‍්කරතරං. සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යාති එකං වාලං සත‍්තධා භින්‍දිත්‍වා, තස‍්ස එකං භෙදං ගහෙත්‍වා, වාතිඞ‍්ගණමජ‍්ඣෙ බන්‍ධිත්‍වා, අපරං භෙදං කණ‍්ඩස‍්ස අග‍්ගකොටියං බන්‍ධිත්‍වා, උසභමත‍්තෙ ඨිතො කණ‍්ඩබද‍්ධාය කොටියා තං වාතිඞ‍්ගණබද‍්ධකොටිං පටිවිජ‍්ඣෙය්‍යාති අත්‍ථො. තස‍්මාති යස‍්මා එවං දුප‍්පටිවිජ‍්ඣානි චත‍්තාරි සච‍්චානි, තස‍්මා.

පස්වැන්නෙහි - සන්‍ථාගාරෙ - ශිල්ප ඉගෙන ගන්නා ශාලාවෙහි උපාසනං කරොන්තෙ = ඊතල ඈතට විදීමේ ශිල්පය පුහුණුවන්නන් අසතං අති පාතෙන්තෙ = ඊතල ඈතට විදිනාවුන් පොඞ්ඛානු පොඞ්ඛං = එක් ඊතලයක් විද එහි පසු කෙළවරට (දෙවන ඊයක්) විදියි ද, දෙවන ඊතලයේ පසු කෙළවරට නැවත තවත් ඊයක් ද, නැවත එහි ද පසු කෙළවරට තවත් ඊයක් ද යනුවෙන් මෙසේ විදින්නවුන් දුටුවේය. යත්‍රහිනාම = යම් අය විසින් දුරභිසම්භව තරං = වඩා දුෂ්කර වූ සත්තධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටි විජ්ඣෙය්‍ය = එක් අස් ලොමක් සතට පලා ඉන් එකක් ගෙන බටු ගෙඩියක් මැදින් බැඳ පැලූ තවත් ලොම් තීරුවක් ඊතලයේ අග කෙළවරහි බැඳ උසභයෙක (රියන් 140ක) දුර සිට ඊතලයෙහි බඳින ලද කෙළවරින් බටු ගෙඩිය බඳින ලද ලොම් ගස් කෙළවරට විදින්නේය යන අර්ථයයි. තස්මා = යම් හෙයකින් මෙසේ අවබෝධ කිරීමට අපහසු චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන ලද්දේද, එහෙයිනි.

7. ඡිග‍්ගලයුගසුත‍්තවණ‍්ණනා

7. ඡිග්ගල සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අඤ‍්ඤමඤ‍්ඤඛාදිකාති අඤ‍්ඤමඤ‍්ඤං ඛාදනං. දුබ‍්බලඛාදිකාති බලවන‍්තෙහි මච‍්ඡාදීහි දුබ‍්බලානං මච‍්ඡාදීනං ඛාදනං.

සත්වැන්නෙහි - අඤ්ඤමඤ්ඤඛාදිකා = එකිනෙකා කා දැමීම දුබ්බලඛාදිකා = බලවත් මත්ස්‍ය ආදීන් විසින් දුර්වල මත්ස්‍ය ආදීන් කෑම.

8. දුතිය ඡිග‍්ගලයුගසුත‍්තවණ‍්ණනා

8. දුතියඡිග්ගල සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ මහාපථවීති චක‍්කවාළගබ‍්භන‍්තරා මහාපථවී. අධිච‍්චමිදං, භන‍්තෙති ඉදං අධිච‍්චුප‍්පත‍්තිකං සචෙ තං යුගං න පූති භවෙය්‍ය, සමුද‍්දෙ උදකං න සුස‍්සෙය්‍ය, සො ච කච‍්ඡපො න මරෙය්‍ය, අපි නාම යදිච‍්ඡාවසෙන සියාති අත්‍ථො.

අටවැන්නෙහි - මහා පඨවි = සක්වළ අතරෙහි ඇති මහ පොළව අධිච්ච මිදං සන්තෙ = අහඹුවෙන් ලැබුණ එම විය දඬුව ඉදින් දිරාපත් නොවන්නේ ද සමුද්‍රයෙහි ජලය නොවියලෙන්නේද, ඒ කැසුබුවා නො මැරෙන්නේ ද එසේවුව ද එය කලාතුරකින් සිදු වන්නේය යන අර්ථයයි.

එවං අධිච‍්චමිදං, භික‍්ඛවෙති එත්‍ථ මහාසීවත්‍ථෙරො චත‍්තාරි යුගානි දස‍්සෙති – පුරත්‍ථිමචක‍්කවාළමුඛවට‍්ටියං ඨිතෙන පුරිසෙන පක‍්ඛිත‍්තයුගස‍්ස හි ඡිග‍්ගළෙන තස‍්ස අන්‍ධකච‍්ඡපස‍්ස ගීවාය පවෙසනං විය මනුස‍්සපටිලාභො අධිච‍්චපටිලාභී. දක‍්ඛිණචක‍්කවාළමුඛවට‍්ටියං ඨිතෙන පක‍්ඛිත‍්තස‍්ස පන පරිබ‍්භමන‍්තස‍්ස පුරිමයුගං පත්‍වා ඡිග‍්ගළෙන ඡිග‍්ගළුපරි ආරුළ‍්හස‍්ස ඡිග‍්ගළෙන ගීවප‍්පවෙසනං විය තථාගතුප‍්පාදො අධිච‍්චතරසම‍්භවො. පච‍්ඡිමචක‍්කවාළමුඛවට‍්ටියං ඨිතෙන පක‍්ඛිත‍්තස‍්ස පන පරිබ‍්භමන‍්තස‍්ස පුරිමයුගද‍්වයං පත්‍වා ඡිග‍්ගළෙන ඡිග‍්ගළුපරි ආරුළ‍්හස‍්ස ඡිග‍්ගළෙන ගීවප‍්පවෙසනං විය තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දීපනං අධිච‍්චතරසම‍්භවං. උත‍්තරචක‍්කවාළමුඛවට‍්ටියං ඨිතෙන පක‍්ඛිත‍්තස‍්ස පන පරිබ‍්භමන‍්තස‍්ස පුරිමයුගත‍්තයං පත්‍වා ඡිග‍්ගළෙන ඡිග‍්ගළුපරි ආරුළ‍්හස‍්ස ඡිග‍්ගළෙන ගීවප‍්පවෙසනං විය චතුසච‍්චපටිවෙධො අතිවිය අධිච‍්චතරසම‍්භවො වෙදිතබ‍්බො. නවමාදීනි අභිසමයසංයුත‍්තෙ වුත‍්තනයානෙවාති.

මෙසේ අධිච්ච මිදං භික්‍ඛවෙ යන මෙහිදී මහාසීව ස්ථවිර තෙමේ වියදඬු සතරක් දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් (මුහුදට) දමන ලද විය දඬුවක සිදුරෙන් ඒ අන්ධ කැසුබුවාගේ ගෙල ඇතුල් වීම මෙන්ම මිනිස් බව ලැබීම ද අපහසුය. දකුණු සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පාවෙමින් තිබුණ පළමු විය දඬුවෙහි සිදුර මත සිදුර සිටින සේ පිහිටා ඒ සිදුරෙන් අහඹුයෙන් කැසුබු ගෙල ඇතුල්වුවහොත් මෙන් තථාගතයන් වහන්සේ කෙනකුගේ පහළ වීම ද කලාතුරකින් සිදු වන්නකි. අපරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පෙර තිබූ විය දඬු යුගලය මතට පැමිණ සිදුරමත සිදුර සිදුර සිටින සේ පිහිටිය හොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුවෙන් හෝ ඇතුල් වේද, එමෙන්ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය මනාව පවත්නා කාලයක් වීම ද ඉතා කලාතුරකින් සිදු වන්නකි. උතුරු දිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් කැරකෙමින් තිබු පෙර වියදඬු තුන මතට පැමිණ සිදුරු මත සිදුර සිටින සේ පිහිටියහොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුයෙන් ඇතුල්වේද එමෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධය ද ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව දත යුතුය. නවවැන්න ආදිය අභිසමය සංයුත්තයෙහි කියන ලද පිළිවෙළින්ම වේ.

පපාතවග‍්ගො පඤ‍්චමො.

පස්වන පපාත වර්ගය නිමි.