යෙදුමෙන් කියවන්න

4. සීසපාවනවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. සීසපාවන වර්ගය

1. සිංසපාසුත‍්තවණ‍්ණනා

1. සිංසපා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ යදිදං උපරීති යානි ඉමානි උපරි. සීසපාවනෙති සීසපාරුක‍්ඛෙ.

සතරවන වර්ගයේ පළමු වැන්නෙහි - යදිදං උපරි මේවා ඉදිරියෙහි දී (ලැබෙයි නෙහොත් හමුවෙයි) සිංසපාවනෙ = සිංසපා (හෙවත් ඇට්ටේරිය) ගස් ඇති වනයෙහි.

2. ඛදිරසුත‍්තවණ‍්ණනා

2. ඛදිර සූත්‍ර වර්ණනාව

දුතියෙ අනභිසමෙච‍්චාති ඤාණෙන අනභිසමාගන‍්ත්‍වා, අප‍්පටිවිජ‍්ඣිත්‍වාති අත්‍ථො.

දෙවැන්නෙහි - අනභිසමෙච්ච = නුවණින් එක්තැන් කොට නොගෙන අවබෝධ කොට නොගෙන යන අර්ථයයි.

3. දණ‍්ඩසුත‍්තවණ‍්ණනා

3. දණ්ඩ සූත්‍ර වර්ණනාව

තතියෙ අස‍්මා ලොකා පරං ලොකන‍්ති ඉමම‍්හා මනුස‍්සලොකා පරං නිරයම‍්පි, තිරච‍්ඡානයොනිම‍්පි, පෙත‍්තිවිසයම‍්පි, මනුස‍්සලොකම‍්පි, දෙවලොකම‍්පි, ගච‍්ඡන‍්ති, පුනප‍්පුනං වට‍්ටස‍්මිංයෙව නිබ‍්බත‍්තන‍්තීති අත්‍ථො.

තුන්වැන්නෙහි - අස්මා ලොකා පරං ලොකං (මනුෂ්‍යයෝ) මේ මිනිස් ලොවින් මත්තෙහි නිරයට ද, තිරිසන් යෝනියට ද, ප්‍රේත ලෝකයට ද, මිනිස් ලොවට ද, දෙව්ලොවට ද යන්නාහුය. නැවත නැවත සසරෙහිම උපදින්නාහුය යන අර්ථයයි.

5. සත‍්තිසතසුත‍්තවණ‍්ණනා

5. සත්තිසත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ එවඤ‍්චෙතං, භික‍්ඛවෙ, අස‍්සාති, භික‍්ඛවෙ, එවං චෙ එතං භවෙය්‍ය, නිරන‍්තරං සත‍්තිසතෙහි හඤ‍්ඤමානස‍්ස දුක‍්ඛදොමනස‍්සෙහි සහෙවෙස සච‍්චාභිසමයො භවෙය්‍ය චෙති අත්‍ථො.

පස්වැන්නෙහි - එවඤ්චෙ තං භික්‍ඛවෙ අස්ස මහණෙනි, ඉදින් මෙය මෙසේ සිදු වන්නේ නම් යනුයි. නිරතුරුව ශක්තිය පිළිබඳ සිහියෙන් යුතුව කථා කරන්නහුට දුක් දොම්නස් සමගම මේ සත්‍යාවබෝධය සිදු වන්නේ නම් යන අර්ථයයි.

9. ඉන්‍දඛීලසුත‍්තවණ‍්ණනා

9. ඉන්දඛීල සූත්‍ර වර්ණනාව

නවමෙ මුඛං ඔලොකෙන‍්තීති අජ‍්ඣාසයං ඔලොකෙන‍්ති. අජ‍්ඣාසයො ඉධ මුඛන‍්ති අධිප‍්පෙතො.

නවවැන්නෙහි - මුඛං ඔලොකෙන්ති = අදහස දෙස බලත් මෙහිදී අදහස (අජ්ඣාසය) යන්න මුඛය යයි අදහස් කෙරේ.

10. වාදසුත‍්තවණ‍්ණනා

10. වාද සූත්‍ර වර්ණනාව

දසමෙ සිලායූපොති සිලාථම‍්භො. සොළසකුක‍්කුකොති සොළසහත්‍ථො. සොළසකුක‍්කූතිපි පාඨො. හෙට‍්ඨා නෙමඞ‍්ගමාති හෙට‍්ඨා ආවාටං පවිට‍්ඨා. අට‍්ඨ කුක‍්කු උපරිනෙමස‍්සාති අට‍්ඨ හත්‍ථා ආවාටස‍්ස උපරි උග‍්ගන‍්ත්‍වා ඨිතා භවෙය්‍යුං. භුසාති බලවතී. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දසවැන්නෙහි - සිලායවුපො = ගල්ටැඹක් සොළසකුක්කුකො = සොළොස් රියනක් “සොළස කුක්කු” යි ද පාඨයක් වේ. හෙට්ඨානෙමඞ්ගමා = යට පිහිටි ආවාටයට පිවිසියාහු අට්ඨ කුක්කුඋපරි නෙ මස්ස = රියන් අටක් වූ ආවාටයේ මතුයෙහි උඩට මතු වී සිටියාහු වන්නෝය. භුසා = බලවත්වූ සෙස්ස සියලු තැන්හි පහසු වේ.

සීසපාවනවග‍්ගො චතුත්‍ථො.

සිවුවන සිංසපා වර්ගය නිමි.