යෙදුමෙන් කියවන්න

ඛදිරසුත‍්තං

12. 4. 2.

12. 4. 2.

ඛදිරසුත‍්තං

ඛදිර සූත්‍රය

3874. යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච, දුක‍්ඛසමුදයං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච, දුක‍්ඛනිරොධං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච, දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමීති” නෙතං ඨානං විජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං ඛදිරපත‍්තානං වා සල‍්ලපත‍්තානං වා ආමලකපත‍්තානං වා පුටං කරිත්‍වා උදකං වා තාලපක‍්කං වා හරිස‍්සාමී”ති. නෙතං ඨානං විජ‍්ජති; එවමෙව ඛො භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අනභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති. නෙතං ඨානං විජ‍්ජති.

3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.

යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච, -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති. ඨානමෙතං විජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය “අහං පදුමපත‍්තානං වා පලාසපත‍්තානං වා මාලුවාපත‍්තානං වා පුටං කරිත්‍වා උදකං වා තාලපක‍්කං වා හරිස‍්සාමී”ති. ඨානමෙතං විජ‍්ජති, එවමෙව ඛො භික‍්ඛවෙ, යො එවං වදෙය්‍ය: “අහං දුක‍්ඛං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං යථාභූතං අභිසමෙච‍්ච සම‍්මා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති ඨානමෙතං විජ‍්ජති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයො”ති.

මහණෙනි, යමෙකුත් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, යම්සේ යමෙක් “මම පියුම්පතින් හෝ කෑලපතින් හෝ මාලුවාපතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත් ද, මහණෙනි, එසෙයින්ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් ගෙවීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.