සිංසපාසුත්තං
12. 4. 1.
12. 4. 1.
සිංසපාසුත්තං
සිංසපා සූත්‍රය
3873. එකං සමයං භගවා කොසම්බියං විහරති සිංසපාවනෙ. අථ ඛො භගවා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යානි වා මයා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහිතානි යදිදං උපරි සිංසපායෙ”ති? අප්පමත්තකානි භන්තෙ, භගවතා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහිතානි. අථ ඛො එතානෙව බහුතරානි යදිදං උපරි සිංසපායෙති. එවමෙව ඛො භික්ඛවෙ, එතදෙව බහුතරං යං වො මයා අභිඤ්ඤා අනක්ඛාතං. අප්පමත්තකං අක්ඛාතං කස්මා චෙතං භික්ඛවෙ, මයා අනක්ඛාතං? න හෙතං භික්ඛවෙ, අත්ථසංහිතං නාදිබ්රහ්මචරියකං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය නාභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අනක්ඛාතං.
3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.
කිඤ්ච භික්ඛවෙ, මයා අක්ඛාතං: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, මයා අක්ඛාතං, අයං දුක්ඛසමුදයොති මයා අක්ඛාතං, “අයං දුක්ඛනිරොධො”ති මයා අක්ඛාතං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති මයා අක්ඛාතං. කස්මා චෙතං භික්ඛවෙ, මයා අක්ඛාතං? එතං හි භික්ඛවෙ, අත්ථසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං, එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අක්ඛාතං. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
මහණෙනි, කිමෙක් මා විසින් කියන ලද ද යත්: මහණෙනි, මේ දුකැ යි මා විසින් කියන ලදී. මේ දුක් හටගැනුමැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මේ කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත ය. මෙය මඟ බඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්වාණය පිණිස පවතී. එහෙයින් එය මා විසින් කියන ලදී. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.