ගවම්පතිසුත්තං
12. 3. 10.
12. 3. 10.
ගවම්පතිසුත්තං
ගවම්පති සූත්‍රය
3872. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ චෙතීසු විහරන්ති සහජාතියං. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “යො නු ඛො ආවුසො, දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සතී”ති.
3872. එක්කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු වෙති දනව්වෙහි සහජාතිභූමියෙහි වෙසෙත්. එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරෝධයත් දකී. දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දකී” යි.
එවං වුත්තෙ ආයස්මා ගවම්පති ථෙරො භික්ඛූ එතදවොච: “සම්මුඛා මෙතං ආවුසො, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං”. “යො භික්ඛවෙ, දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛසමුදයං පස්සති, දුක්ඛම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධං පස්සති දුක්ඛම්පි සො පස්සති, දුක්ඛසමුදයම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධගාමිනිං පටිපදං පස්සති, දුක්ඛම්පි සො පස්සති, දුක්ඛසමුදයම්පි පස්සති, දුක්ඛනිරොධම්පි පස්සතී”ති.
මෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හේතුව දකී ද, හේ දුකත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්ම දකී ද, හේ දුකත් දකී. දුක් හේතුවත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත දකී ද, හේ දුකත් දකී. දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී” යි.
කොටිගාමවග්ගො තතියො.
තෙවැනි කෝටිගාමවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ද්වෙ කොටිගාමාභිසම්බුද්ධො අරහං ආසවක්ඛයං මිත්තං තථා ච ලොකො ච පරිඤ්ඤෙය්යං ගවම්පතීති.
කොටිගම සූත්‍ර දෙකෙකි, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත යී සතරෙකි. තව ද තථ ලෝක පරිඤ්ඤෙය්‍ය ගවම්පති යී සතරෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.