යෙදුමෙන් කියවන්න

දණ‍්ඩසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

12. 4. 3.

12. 4. 3.

දණ‍්ඩසුත‍්තං

දණ්ඩ සූත්‍රය

3875. සෙය්‍යථාපි භික‍්ඛවෙ, දණ‍්ඩො උපරි වෙහාසං ඛිත‍්තො සකිම‍්පි මූලෙන නිපතති, සකිම‍්පි මජ‍්ඣෙන නිපතති, සකිම‍්පි අග‍්ගෙන නිපතති. එවමෙව ඛො භික‍්ඛවෙ, අවිජ‍්ජානීවරණා සත‍්තා තණ‍්හාසංයොජනා සන්‍ධාවන‍්තා සංසරන‍්තා සකිම‍්පි අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡන‍්ති, සකිම‍්පි පරස‍්මා ලොකා ඉමං ලොකං ආගච‍්ඡන‍්ති. තං කිස‍්ස හෙතු? අදිට‍්ඨත‍්තා භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති” යොගො කරණීයොති.

3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්‍වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.

12. 4. 4.

12. 4. 4.

චෙලසුත‍්තං

චෙල සූත්‍රය

3876. ආදිත‍්තෙ භික‍්ඛවෙ, චෙලෙ වා සීසෙ වා කිමස‍්ස කරණීයන‍්ති? ආදිත‍්තෙ ච පන භන‍්තෙ, චෙලෙ වා සීසෙ වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයන‍්ති. ආදිත‍්තං භික‍්ඛවෙ, චෙලං වා සීසං වා අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා අමනසිකරිත්‍වා අනභිසමෙතානං චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච‍්චස‍්ස, තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා”ති යොගො කරණීයොති.

3876. මහණෙනි, “වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනු පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.