යෙදුමෙන් කියවන්න

සත‍්තිසතසුත‍්තං

12. 4. 5.

12. 4. 5.

සත‍්තිසතසුත‍්තං

සත්තිසත සූත්‍රය

3877. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො වස‍්සසතායුකො වස‍්සසතජීවී තමෙනං එවං වදෙය්‍යුං “එහම‍්භො පුරිස, පුබ‍්බන‍්හසමයං තං සත‍්තිසතෙන හනිස‍්සන‍්ති, මජ‍්ඣන‍්තිකං සමයං සත‍්තිසතෙන හනිස‍්සන‍්ති, සායන‍්හසමයං සත‍්තිසතෙන හනිස‍්සන‍්ති. සො ඛො ත්‍වං අම‍්භො පුරිස, දිවසෙ දිවසෙ තීහි තීහි සත‍්තිසතෙහි හඤ‍්ඤමානො වස‍්සසතායුකො වස‍්සසතජීවී වස‍්සසතස‍්ස අච‍්චයෙන අනභිසමෙතානි චත‍්තාරි අරියසච‍්චානි අභිසමෙස‍්සසීති. අත්‍ථවසිකෙන භික‍්ඛවෙ, කුලපුත‍්තෙන අලං උපගන‍්තුං. තං කිස‍්ස හෙතු: අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො, පුබ‍්බා කොටි න පඤ‍්ඤායති සත‍්තිප‍්පහාරානං අසිප‍්පහාරානං එවඤ‍්චෙ තං භික‍්ඛවෙ, අස‍්ස. න ඛො පනාහං භික‍්ඛවෙ, සහදුක‍්ඛෙන සහදොමනස‍්සෙන චතුන‍්නං අරියසච‍්චානං අභිසමයං වදාමි. අපි චාහං භික‍්ඛවෙ, සහසුඛෙන, සහසොමනස‍්සෙන චතුන‍්නං අරියසච‍්චානං අභිසමයං වදාමි. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

3877. මහණෙනි, “යම්සේ වස් සියයක් ආයු ඇති වස් සියයක් ජීවත්වනසුලු පුරුෂයෙක් වේ ද, තෙල මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බා පුරුෂය, එව. පෙරවරු තා සැත් සියයෙකින් පෙළන්නාහ. මද්දහන සැත් සියයෙකින් පෙළන්නාහ. පස්වරු සැත් සියයෙකින් පෙළන්නාහ. එම්බා පුරුෂය, ඒ තෝ දවස් පතා තුන් තුන් සැත් සියයෙන් පෙළනු ලබන්නේ වස් සියයක් ආයු ඇත්තේ වස් සියයක් ජීවත්වනසුලු වූයේ වස් සියය ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරන්නෙහි” යි. මහණෙනි, අනුසස් දක්නා කුලපුතු විසින් එළඹෙන්නට සුදුසු යි. ඒ කවර හෙයින යත්: “මහණෙනි, මෙසසර නොදත් අක්මුල් ඇත්තේ ය. සැත්පහර කඩුපහර පිළිබඳ පෙරපසු කෙළවරෙක් නො පෙනේ. මහණෙනි, මෙය මෙසේත් වන්නේ ය: “මහණෙනි, මම සදුක් ව සදොම්නස් ව සිවුඅරීසස් අවබෝධයක් නො ම කියමි. මහණෙනි, වැලිදු මම සුව සහිත ව සොම්නස් සහිත ව සිවුඅරීසස් අවබෝධ කිරීම් කියමි. කවර සිවුසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාරියසච්ච” යි වීර්‍ය්‍ය කටයුතු යි.