යෙදුමෙන් කියවන්න

පාණසුත‍්තං

12. 4. 6.

12. 4. 6.

පාණසුත‍්තං

පාණ සූත්‍රය

3878. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො යං ඉමස‍්මිං ජම‍්බුදීපෙ තිණකට‍්ඨසාඛාපලාසං තච‍්ඡෙත්‍වා එකජ‍්ඣං සංහරෙය්‍ය, එකජ‍්ඣං සංහරිත්‍වා සූලං කරෙය්‍ය. සූලං කත්‍වා යෙ මහාසමුද‍්දෙ මහන‍්තකා පාණා තෙ මහන‍්තකෙසු සූලෙසු ආවුණෙය්‍ය, යෙ මහාසමුද‍්දෙ මජ‍්ඣිමකා පාණා තෙ මජ‍්ඣිමකෙසු සූලෙසු ආවුණෙය්‍ය, යෙ මහාසමුද‍්දෙ සුඛුමකා පාණා තෙ සුඛුමකෙසු සූලෙසු ආවුණෙය්‍ය. අපරියාදින‍්නා ච භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ ඔළාරිකා පාණා අස‍්සු. අථ ඉමස‍්මිං ජම‍්බුදීපෙ තිණකට‍්ඨසාඛාපලාසං පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය. අතො බහුතරා ඛො භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ සුඛුමකා පාණා, යෙ න සුකරා සූලෙසු ආවුණිතුං. තං කිස‍්ස හෙතු: සුඛුමත‍්තා භික‍්ඛවෙ, අත‍්තභාවස‍්ස. එවං මහා ඛො භික‍්ඛවෙ, අපායො. එවං මහන‍්තස‍්මා ඛො භික‍්ඛවෙ, අපායම‍්හා පරිමුත‍්තො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො යො “ඉදං දුක‍්ඛන‍්ති” යථාභූතං පජානාති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේ ය. යම් කෙනෙක් හුල්හි අමුණන්නට සුකර නො වෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් ප්‍රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, අත්බැව සියුම් බැවිනි.” මහණෙනි, අපාය මෙසේ මහත් ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දිටුසපන් පුඟුල් තෙමේ මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.