සූරියූපමසුත‍්තං
12. 4. 7.
12. 4. 7.
සූරියූපමසුත‍්තං
සුරියූපම සූත්‍රය
3879. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං සම‍්මාදිට‍්ඨි. සම‍්මාදිට‍්ඨිකස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං “ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානිස‍්සති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානිස‍්සති”. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
3879. මහණෙනි, යම් මේ අරුණෝදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.