දුතිය සුරියූපමසුත්තං
12. 4. 8.
12. 4. 8.
දුතිය සුරියූපමසුත්තං
දුතිය සුරියූපම සූත්‍රය
3880. යාවකීවඤ්ච මෙ භික්ඛවෙ, චන්දිමසුරියා ලොකෙ නූප්පජ්ජන්ති, නෙව තාව මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. අන්ධන්තමං තදා හොති අන්ධකාරතිමිසා. නෙව තාව රත්තින්දිවා පඤ්ඤායන්ති, න මාසද්ධමාසා පඤ්ඤායන්ති, න උතුසංවච්ඡරා පඤ්ඤායන්ති. යතො ච ඛො භික්ඛවෙ, චන්දිමසූරියා ලොකෙ උප්පජ්ජන්ති, අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස. නෙව අන්ධන්තමං තදා හොති, න අන්ධකාරතිමිසා. අථ රත්තින්දිවා පඤ්ඤායන්ති. මාසද්ධමාසා පඤ්ඤායන්ති, උතුසංවච්ඡරා පඤ්ඤායන්ති.
3880. මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ.
එවමෙව ඛො භික්ඛවෙ, යාවකීවඤ්ච තථාගතො ලොකෙ නූප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො, නෙව තාව මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. අන්ධන්තමං තදා හොති. අන්ධකාරතිමිසා. නෙව තාව චතුන්නං අරියසච්චානං ආචික්ඛනා හොති දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. යතො ච ඛො භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. නෙව අන්ධන්තමං තදා හොති. න අන්ධකාරතිමිසා. අථ ඛො චතුන්නං අරියසච්චානං ආචික්ඛනා හොති දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
මහණෙනි, එසෙයින් ම අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදිත් ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වේ. ඒ තාක් චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීමෙක් දේශනා කිරීමෙක් පැනවීමෙක් පිහිටුවීමෙක් විවර කිරීමෙක් බෙදීමෙක් උඩුහුරු කිරීමෙක් නො ම වේ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයෝ යම් කලෙක ලොව උපදිත් ද, එකල මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල ගනඳුර නොම වේ. බලවත් කළුවර නො ම වේ. එකල චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවර කිරීම බෙදීම උඩුහුරු කිරීම වේ. කවර චතුරාර්‍ය්‍යසත්‍යය යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.