ඉන්‍දඛීලසුත‍්තං
12. 4. 9.
12. 4. 9.
ඉන්‍දඛීලසුත‍්තං
ඉන්‍දඛීල සූත්‍රය
3881. යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප‍්පජානන‍්ති. තෙ අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා මුඛං ඔලොකෙන‍්ති “අයං නූන භවං ජානං ජානාති, පස‍්සං පස‍්සතී”ති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, තූලපිචු වා කප‍්පාසපිචු වා ලහුකො වාතූපාදානො සමෙ භූමිභාගෙ නික‍්ඛිත‍්තො. තමෙනං පුරත්‍ථිමො වාතො පච‍්ඡිමෙන සංහරෙය්‍ය, පච‍්ඡිමො වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය, උත‍්තරො වාතො දක‍්ඛිණෙන සංහරෙය්‍ය, දක‍්ඛිණො වාතො උත‍්තරෙන සංහරෙය්‍ය. තං කිස‍්ස හෙතු: ලහුකත‍්තා භික‍්ඛවෙ, කප‍්පාසපිචුනො. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප‍්පජානන‍්ති. තෙ අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා මුඛං ඔලොකෙන‍්ති “අයං නූන භවං ජානං ජානාති, පස‍්සං පස‍්සතී”ති. තං කිස‍්ස හෙතු? අදිට‍්ඨත‍්තා, භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං.
3881. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. මහණෙනි, යම්සේ සැහැල්ලු වූ වාගන්නා හිඹුල්පුලුන හෝ කපුපුලුන හෝ සමබිමක තබන ලද්දේ වේ ද, ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට ගෙනයන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට ගෙනයන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට ගෙනයන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට ගෙනයන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, කපුපුලුන සැහැල්ලු බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් නුදුටු බැවිනි.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන‍්ති, තෙ නාඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා මුඛං ඔලොකෙන‍්ති “අයං නූන භවං ජානං ජානාති, පස‍්සං පස‍්සතී”ති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයොඛීලො වා ඉන්‍දඛීලො වා ගම‍්භීරනෙමො සුනිඛාතො අචලො අසම‍්පකම‍්පී. පුරත්‍ථිමාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි, නෙව නං සඞ‍්කම‍්පෙය්‍ය න සම‍්පකම‍්පෙය්‍ය න සම‍්පචාලෙය්‍ය. පච‍්ඡිමාය චෙපි දිසාය -පෙ- උත‍්තරාය චෙපි දිසාය -පෙ- දක‍්ඛිණාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි, නෙව නං සඞ‍්කම‍්පෙය්‍ය න සම‍්පකම‍්පෙය්‍ය න සම‍්පචාලෙය්‍ය. තං කිස‍්ස හෙතු? ගම‍්භීරත‍්තා භික‍්ඛවෙ, නෙමස‍්ස, සුනිඛාතත‍්තා ඉන්‍දඛීලස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානන‍්ති -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන‍්ති, තෙ නාඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා මුඛං ඔලොකෙන‍්ති “අයං නූන භවං ජානං ජානාති, පස‍්සං පස‍්සතී”ති. තං කිස‍්ස හෙතු? සුදිට‍්ඨත‍්තා භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළ දිගින් ... ඉදිනුදු උතුරු දිගින් ... ඉදිනුදු දකුණුදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි. හිම්කණුව මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතුසේ දනිද්ද, ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් මැනවින් දුටු බැවිනි. කවර සිවුඅරීසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුඃඛ යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.