යෙදුමෙන් කියවන්න

ඛෙත‍්තවත්‍ථුසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

12. 10. 1.

12. 10. 1.

ඛෙත‍්තවත්‍ථුසුත‍්තං

ඛෙත්තවත්‍ථු සූත්‍රය

3933. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.

3933. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 10. 2.

12. 10. 2.

කයවික‍්කයසුත‍්තං

කයවික්කය සූත්‍රය

3934. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ කයවික‍්කයා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ කයවික‍්කයා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.

3934. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 10. 3.

12. 10. 3.

දූතෙය්‍යසුත‍්තං

දූතෙය්‍ය සූත්‍රය

3935. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දූතෙය්‍යපහිණගමනානුයොගා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.

3935. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 10. 4-6.

12. 10. 4-6.

තුලාකූටාදිසුත‍්තානි

තුලාකූටාදි සූත්‍ර

3936-3938. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තුලාකූට-කංසකූට-මානකූටා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තුලාකූට-කංසකූට-මානකූටා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.

3936-3938. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 10. 7-9.

12. 10. 7-9.

උක‍්කොටනාදිසුත‍්තානි

උක්කෝටනාදි සූත්‍ර

3939-3941. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ උක‍්කොටන-වඤ‍්චන-නිකතිසාචියොගා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ උක‍්කොටන-වඤ‍්චන-නිකතිසාචියොගා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.

3939-3941. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.