යෙදුමෙන් කියවන්න

7. වීරියාරම‍්භවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

7. වීර්‍ය්‍යාරම්භ වර්‍ගය

1. 7. 1.

1. 7. 1.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ විරියාරම‍්භො. ආරද‍්ධවිරියස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 2.

1. 7. 2.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ මහිච‍්ඡතා. මහිච‍්ඡස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්තී.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 3.

1. 7. 3.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ අප‍්පිච‍්ඡතා. අප‍්පිච‍්ඡස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 4.

1. 7. 4.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ අසන‍්තුට‍්ඨිතා. අසන‍්තුට‍්ඨස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් නොසතුටු බව (ලෝභය) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ලද දැයින් නොසතුටු වන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 5.

1. 7. 5.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ සන‍්තුට‍්ඨිතා. සන‍්තුට‍්ඨස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 6.

1. 7. 6.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො භික‍්ඛවෙ මනසි කරොතො අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 7.

1. 7. 7.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික‍්ඛවෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 8.

1. 7. 8.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ අසම‍්පජඤ‍්ඤං. අසම‍්පජානස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, (මෝහ සඞ්ඛ්‍යාත) අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, සම්මූඪ පුද්ගලයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 9.

1. 7. 9.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ සම‍්පජඤ‍්ඤං. සම‍්පජානස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යක්ප්‍රඥාව (තීරණප්‍රඥාව) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 7. 10.

1. 7. 10.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ පාපමිත‍්තතා. පාපමිත‍්තස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්තීති.

මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, පාප මිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තහුට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

වග‍්ගො සත‍්තමො.

සත්වන වග යි.