යෙදුමෙන් කියවන්න

වීරියාරම‍්භවග‍්ගො අට‍්ඨකථා

වීරියාරම‍්භවග‍්ගො

වීර්යාරම්හ වර්ගය

සත‍්තමස‍්ස පඨමෙ වීරියාරම‍්භොති චතුකිච‍්චස‍්ස සම‍්මප‍්පධානවීරියස‍්ස ආරම‍්භො, ආරද‍්ධපග‍්ගහිතපරිපුණ‍්ණවීරියතාති අත්‍ථො.

සත්වෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි විරියාරම්හො යනු කෘත්‍යසතරක් ඇති සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙහි ආරම්භයයි. දැඩිකොටගත් පිරිපුන් වීර්‍ය්‍ය ඇතිබවය යන අර්‍ත්‍ථයි.

දුතියෙ මහිච‍්ඡතාති මහාලොභො. යං සන්‍ධාය වුත‍්තං –

දෙවැන්නෙහි ‘මභිච්ඡතා’ යනු මහාලෝභයයි.

“තත්‍ථ කතමා මහිච‍්ඡතා? ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි පඤ‍්චහි වා කාමගුණෙහි අසන‍්තුට‍්ඨස‍්ස භිය්‍යොකම්‍යතා, යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතා මහිච‍්ඡතා රාගො සාරාගො චිත‍්තස‍්ස සාරාගො. අයං වුච‍්චති මහිච‍්ඡතා”ති (විභ· 850).

‘තත්‍ථ කතමා මහිච්ඡතා? ඉතරීතරචීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය හෙසජ්ජ පරික්‍ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස හීය්‍යොකම්‍යතායා එවරූපා ඉච්ඡං ඉචඡාගතං මහිච්ඡතා’ රාගො සාරාගො චිත්තස්ස සාරාගො අයං වුච්චති මහිච්ඡතා’ (එහි මහිච්ඡතාව කවරීදයත් යම් යම් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් (යන) පිරිකරෙහි හෝ පස් ආකාර කාම ගුණයන්හි හෝ අසතුටු (අතෘප්තිකර) වූවහුගේ වැඩියෙන් කැමැති වීමක් වේද එබඳුවූ කැමැත්ත, කැමැත්තට වසඟවීම, වැඩිලෝභය, ඇල්ම, දැඩි ආශාව, සිතේ දැඩි ඇල්ම යන මෙය මහිච්ඡතායි කියනුලැබේ)යි යමක් සඳහා කියනලද්දේද, ඒ මහාලෝභයයි.

තතියෙ අප‍්පිච‍්ඡතාති අලොභො. අප‍්පිච‍්ඡස‍්සාති අනිච‍්ඡස‍්ස. එත්‍ථ හි බ්‍යඤ‍්ජනං සාවසෙසං විය, අත්‍ථො පන නිරවසෙසො. න හි අප‍්පමත‍්තිකාය ඉච‍්ඡාය අත්‍ථිභාවෙන සො අප‍්පිච‍්ඡොති වුත‍්තො, ඉච‍්ඡාය පන අභාවෙන පුනප‍්පුනං ආසෙවිතස‍්ස අලොභස‍්සෙව භාවෙන අප‍්පිච‍්ඡොති වුත‍්තො.

තෙවැන්නෙහි අප්පිච්ඡතා යනු ආලෝභයයි. අප්පිච්ඡස්ස යනු නොකැමැත්තහුගේයි. මෙහි බ්‍යංජනය (වචනාර්‍ත්‍ථය) ඉතිරිව තිබෙන්නක් මෙනි. (එහෙත්) අර්‍ත්‍ථය වනාහි (ඉච්ඡාව) නොඉතිරිවූවකි. ඉතා අඩු ආසාවක් ඇති බැවින් එය අප්පිච්ඡයයි නොකියනලදී. ඉච්ඡාවේ අභාවයෙන් නැවත නැවත ඇසුරුකරන ලද අලෝභයාගේම වශයෙන් අප්පිච්ඡයයි කියනලදී.

අපිචෙත්‍ථ අත්‍රිච‍්ඡතා, පාපිච‍්ඡතා, මහිච‍්ඡතා අප‍්පිච‍්ඡතාති අයං භෙදො වෙදිතබ‍්බො. තත්‍ථ සකලාභෙ අතිත‍්තස‍්ස පරලාභෙ පත්‍ථනා අත්‍රිච‍්ඡතා නාම, යාය සමන‍්නාගතස‍්ස එකභාජනෙ පක‍්කපූවෙපි අත‍්තනො පත‍්තෙ පතිතෙ න සුපක‍්කො විය ඛුද‍්දකො ච විය ඛායති, ස‍්වෙව පන පරස‍්ස පත‍්තෙ පක‍්ඛිත‍්තො සුපක‍්කො විය මහන‍්තො විය ච ඛායති. අසන‍්තගුණසම‍්භාවනතා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා පාපිච‍්ඡතා නාම, සා “ඉධෙකච‍්චො අස‍්සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූ”තිආදිනා නයෙන අභිධම‍්මෙ ආගතායෙව, තාය සමන‍්නාගතො පුග‍්ගලො කොහඤ‍්ඤෙ පතිට‍්ඨාති. සන‍්තගුණසම‍්භාවනතා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා මහිච‍්ඡතා නාම, සාපි “ඉධෙකච‍්චො සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, සීලවා සමානො සීලවාති මං ජනො ජානාතූ”ති ඉමිනා නයෙන ආගතායෙව. තාය සමන‍්නාගතො පුග‍්ගලො දුස‍්සන‍්තප‍්පයො හොති, විජාතමාතාපිස‍්ස චිත‍්තං ගහෙතුං න සක‍්කොති. තෙනෙතං වුච‍්චති –

තවද මෙහි අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන මේ භේදය දතයුතුයි. එහි ස්වකීය ලාභයෙහි අතෘප්තවූවහුගේ අන්‍යලාභයාගේ කැමැත්ත අත්‍රිවඡතායි. යමකින් යුක්තවූවහුගේ එකම භාජනයෙහි පිසූ කැවුමකුදු තමාගේ පාත්‍රයෙහි වැටුනු විට නොමනාව පිසනලද්දක්සේද කුඩාවූවක්සේද හැඟෙයිද එයම අනුන්ගේ පාත්‍රයෙහි හෙළන ලද්දේ මනාව පිසුවක් ලෙසද විශාලවූවක් ලෙසද හැඟෙයිද ඒ නොපවත්නා ගුණ හෙළි කෙරෙන බවද පිළිගැනීමෙහි පමණ නොදැනීමද පිපිච්ඡතා නමි. ‘මෙහි ඇතැමෙක් ශ්‍රද්ධානැත්තේම ශ්‍රධ්ධා ඇත්තකු ලෙස මා ජනයා දනීවා’යි ආදි ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ආ යමක් වේද එයින් යුක්තවූ පුද්ගලයා කුහකබවෙහි පිහිටයි. පවත්නා ගුණ හෙළිකෙරෙන බවද පිළිගැනීමෙහි පමණ නොදැනීමද මහිච්ඡාතා නමි. මෙහි ඇතමෙක් ශ්‍රද්ධා ඇත්තේම ජනයා මා ශ්‍රද්ධා ඇත්තකුකොට දනීවායි කැමතිවෙයි. සිල්වත්වූයේම ජනයා මා සිල්වතකු කොට දනීවායි කැමතිවෙයි යන මේ ක්‍රමයෙන් යමක් පැමිණියේද එයින් යුක්තවූ පුද්ගලයා සන්තර්පණයට දුෂ්කරවූයේ වෙයි. වැදූ මවද ඔහුගේ සිත ගැනීමට නොහැක්කේවෙයි. එහෙයින් මෙය කියනලදී.

“අග‍්ගික‍්ඛන්‍ධො සමුද‍්දො ච, මහිච‍්ඡො චාපි පුග‍්ගලො; සකටෙන පච‍්චයෙ දෙන‍්තු, තයොපෙතෙ අතප‍්පයා”ති.

ගිනිගොඩද මුහුදද මහාලෝභී පුද්ගලයාද යන මේ තිදෙනා ගැලෙන් (යාලෙන්) ප්‍රත්‍යය දෙනලද්දේවුවද ඔවුහු තෘප්ත කළ නොහැක්කෝයි.

සන‍්තගුණනිගූහනතා පන පටිග‍්ගහණෙ ච මත‍්තඤ‍්ඤුතා අප‍්පිච‍්ඡතා නාම, තාය සමන‍්නාගතො පුග‍්ගලො අත‍්තනි විජ‍්ජමානම‍්පි ගුණං පටිච‍්ඡාදෙතුකාමතාය සද‍්ධො සමානො “සද‍්ධොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති. සීලවා, පවිවිත‍්තො, බහුස‍්සුතො, ආරද‍්ධවීරියො, සමාධිසම‍්පන‍්නො, පඤ‍්ඤවා, ඛීණාසවො සමානො “ඛීණාසවොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති සෙය්‍යථාපි මජ‍්ඣන‍්තිකත්‍ථෙරො.

පවත්නා ගුණ සඟවනබවද පිළිගැනීමෙහි පමණ දැනීමද අප්පිච්ඡාතා නමි. එයින් යුක්තවූ පුද්ගලයා තමා කෙරෙහි පවත්නාවූද ගුණය සඟවනු කැමැත්තෙන් ශ්‍රද්ධා ඇත්තේම මා ශ්‍රද්ධා ඇත්තෙකුයයි ජනයා දනීවායි නොකැමතිවෙයි. සිල්වත්වූයේ විවේකීවූයේ බහුශ්‍රැතවූයේ, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥා ඇත්තේ, ක්‍ෂය කළ ආශ්‍රවයන් ඇත්තේම ක්‍ෂයකළ ආශ්‍රවයන් ඇත්තෙකු කොට ජනයා මා දනීවායි නොකැමතිවෙයි. මජ්ක්‍ධනතික තෙරුන්වහන්සේ මෙනි.

ථෙරො කිර මහාඛීණාසවො අහොසි, පත‍්තචීවරං පනස‍්ස පාදමත‍්තමෙව අග‍්ඝති. සො අසොකස‍්ස ධම‍්මරඤ‍්ඤො විහාරමහදිවසෙ සඞ‍්ඝත්‍ථෙරො අහොසි. අථස‍්ස අතිලූඛභාවං දිස‍්වා මනුස‍්සා, “භන‍්තෙ, ථොකං බහි හොථා”ති ආහංසු. ථෙරො “මාදිසෙ ඛීණාසවෙ රඤ‍්ඤො සඞ‍්ගහං අකරොන‍්තෙ අඤ‍්ඤො කො කරිස‍්සතී”ති පථවියං නිමුජ‍්ජිත්‍වා සඞ‍්ඝත්‍ථෙරස‍්ස උක‍්ඛිත‍්තපිණ‍්ඩං ගණ‍්හන‍්තොයෙව උම‍්මුජ‍්ජි. එවං ඛීණාසවො සමානො “ඛීණාසවොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති. එවං අප‍්පිච‍්ඡො ච පන භික‍්ඛු අනුප‍්පන‍්නං ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නං ථාවරං කරොති, දායකානං චිත‍්තං ආරාධෙති. යථා යථා හි සො අත‍්තනො අප‍්පිච‍්ඡතාය අප‍්පං ගණ‍්හාති, තථා තථා තස‍්ස වත‍්තෙ පසන‍්නා මනුස‍්සා බහූ දෙන‍්ති.

මෙම තෙරුන්වහන්සේ වනාහි මහ ක්‍ෂීණාශ්‍රවයෙක් වූයේය. උන්වහන්සේට පාසිවුරු වනාහි පාදමාත්‍රයක් වටී. උන්වහන්සේ අශොකධර්‍මරාජයාගේ විහාර පූජා දිනයෙහි සංඝස්ථවිරයෝ වූහ. ඉක්බිති මිනිස්සු උන්වහන්සේගේ අතිශයින්ම රූක්‍ෂභාවය දැක ස්වාමීනි, ටිකක් ඉවත් වන්නැයි කීවාහුය. තෙරුන්වහන්සේ, මාවැනි ක්‍ෂිණාශ්‍රවයන් රජුට සංග්‍රහ නොකෙරෙත් නම් අන් කවරෙක් කරත්දැයි පොළොවෙහි ගැලී සංඝස්ථවිරයන්ගේ උඩට නැගූ අහරපිඬ ගන්නේම (යළි) මතුවූහ. මෙසේ ක්‍ෂීණාශ්‍රවවූයේම ක්‍ෂීණාශුවයෙකැයි මා ජනයා දනීවායි නොකැමති වූහ. මෙසේ අල්පේච්ඡවූ භික්‍ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත සතුටුකරයි. යම් යම්සේ හෙතෙම තමාගේ අල්පේච්ඡතාවෙන් ටිකක් ගනියිද ඒ ඒ අකාරයෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝ දෙත්.

අපරොපි චතුබ‍්බිධො අප‍්පිච‍්ඡො – පච‍්චයඅප‍්පිච‍්ඡො, ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො, පරියත‍්තිඅප‍්පිච‍්ඡො, අධිගමඅප‍්පිච‍්ඡොති. තත්‍ථ චතූසු පච‍්චයෙසු අප‍්පිච‍්ඡො පච‍්චයඅප‍්පිච‍්ඡො නාම. සො දායකස‍්ස වසං ජානාති, දෙය්‍යධම‍්මස‍්ස වසං ජානාති, අත‍්තනො ථාමං ජානාති. යදි හි දෙය්‍යධම‍්මො බහු හොති, දායකො අප‍්පමත‍්තකං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණෙනෙව ගණ‍්හාති.

අපිස්බව ඇත්තා අන්‍යවූද සතරාකාරයෙකි. පච්චයපපිචේඡා ධුතඞ්ගප්පිචෙඡා පරියත්තිඅප්පිචේඡා අධිගමප්පිචේඡා යනුවෙනි. එහි සිවුපසයෙහි අපිස්වූයේ පච්චයපපිච්ඡ නමි. හෙතෙම දායකයාගේ වයස (හැකියා) දනී. දානවස්තුවේ වසය දනී. තම ශක්තිය දනී. ඉදින් දානවස්තුව බොහෝ වේද දායකයා මඳක්දෙනු කැමැත්තේ වෙයිද දායකයාගේ වශයෙන් මඳක් ගනී. දානවස්තුව මඳ වේද දායකයා බොහෝ දෙනු කැමැත්තේ වෙයිද දානවස්තුවේ වශයෙන් මඳක් ගනී. දානවස්තුවක් බොහෝද දායකයාද බොහෝ දෙනු කැමැත්තේද තම ශක්තිය දැන පමණටම ගනී.

ධුතඞ‍්ගසමාදානස‍්ස අත‍්තනි අත්‍ථිභාවං නජානාපෙතුකාමො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො නාම. තස‍්ස විභාවනත්‍ථං ඉමානි වත්‍ථූනි – සොසානිකමහාකුමාරත්‍ථෙරො කිර සට‍්ඨි වස‍්සානි සුසානෙ වසි, අඤ‍්ඤො එකභික‍්ඛුපි න අඤ‍්ඤාසි. තෙනෙවාහ –

ධුතඞ්ග සමාදානය තමා කෙරෙහි ඇතිබව නොදන්වනු කැමැත්තේ ධුතඞ්ගප්පිච්ඡ නමි. ඔහු ප්‍රකට කරනු සඳහා මේ කථාවස්තු (ඉදිරිපත්කරනුලැබේ): සොසානික මහා කුමාර තෙරුන්වහන්සේ සැටවසක් සොහොනෙහි විසූහ. අන් එකද භික්‍ෂුවක්වුවද නොදත්තේය. එහෙයින්ම කීහ:

“සුසානෙ සට‍්ඨි වස‍්සානි, අබ‍්බොකිණ‍්ණං වසාමහං; දුතියො මං න ජානෙය්‍ය, අහො සොසානිකුත‍්තමො”ති.

සැටවසක් සොහොනෙහි මම (අන්අය සමඟ) මුසුනොවී වසමි. දෙවැන්නෙක් මා නොදන්නේය. උතුම්වූ සොසානිකාංගය ආශ්ච්ර්‍ය්‍යයය.

චෙතියපබ‍්බතෙ ද‍්වෙ භාතිකත්‍ථෙරා වසිංසු. කනිට‍්ඨො උපට‍්ඨාකෙන පෙසිතං උච‍්ඡුඛණ‍්ඩිකං ගහෙත්‍වා ජෙට‍්ඨස‍්ස සන‍්තිකං අගමාසි “පරිභොගං, භන‍්තෙ, කරොථා”ති. ථෙරස‍්ස ච භත‍්තකිච‍්චං කත්‍වා මුඛවික‍්ඛාලනකාලො අහොසි. සො “අලං, ආවුසො”ති ආහ. කච‍්චි, භන‍්තෙ, එකාසනිකත්‍ථාති? ආහරාවුසො, උච‍්ඡුඛණ‍්ඩිකන‍්ති පඤ‍්ඤාස වස‍්සානි එකාසනිකො සමානොපි ධුතඞ‍්ගං නිගූහමානො පරිභොගං කත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා පුන ධුතඞ‍්ගං අධිට‍්ඨාය ගතො.

සෑපව්වෙහි දෙබෑ තෙරවරු විසූහ. කණිටු තෙරණුවෝ උපස්ථායකයෙකු විසින් එවනලද උක්මිටියක් ගෙන දෙටු තෙරුණුවන් වෙත ගියහ. ‘ස්වාමීනි පරිභෝග කරන්නැ’යි (දුන්හ.) තෙරුන්වහන්සේගේද බත්කිස කොට මුවසෝදන කාලය විය. හෙතෙම ‘ඇවැත්නි දැන් සෑහේය’යි පැවසීය. ‘කිම ස්වාමීනි? ඒකාසනිකාංගය පුරන්නේදැයි විමසීය. ‘ඇවැත්නි උක්මිටිය ගෙන එව’යි පණස්වසක් එකාසනිකාංධාරි වූයේ වුවද ධුතංගය සඟවනු ලබන්නේ පරිභෝග කොට මුව සෝදා නැවත ධුතඞ්ගය අදිටන් කොට වැඩියේය.

යො පන සාකෙතතිස‍්සත්‍ථෙරො විය බහුස‍්සුතභාවං ජානාපෙතුං න ඉච‍්ඡති, අයං පරියත‍්තිඅප‍්පිච‍්ඡො නාම. ථෙරො කිර “ඛණො නත්‍ථීති උද‍්දෙසපරිපුච‍්ඡාසු ඔකාසං අකරොන‍්තො කදා මරණක‍්ඛණං, භන‍්තෙ, ලභිස‍්සථා”ති චොදිතො ගණං විස‍්සජ‍්ජෙත්‍වා කණිකාරවාලිකසමුද‍්දවිහාරං ගතො. තත්‍ථ අන‍්තොවස‍්සං ථෙරනවමජ‍්ඣිමානං උපකාරො හුත්‍වා මහාපවාරණාය උපොසථදිවසෙ ධම‍්මකථාය ජනපදං ඛොභෙත්‍වා ගතො.

යමෙක් වනාහි සාකෙතතිස්ස තෙරුන් මෙන් බහුශ්‍රැත භාවය හඟවන්නට නොකැමති වේද මෙතෙම පරියත්ති අප්පිච්ඡ නම්වෙයි. තෙරන්වහන්සේ වනාහි ක්‍ෂණයක් නැතැයි උදෙසීම්විමසීම්හි ඉඩක් තොබන්නේ ‘ස්වාමීනි මරණමොහොත ලබන්නහුදැ’යි චෝදනා කරනු ලබන්නේ සමූහයා අතහැර කණිකාරවාලුක සමුද්ද විහාරයට වැඩියේ එහි ඇතුළුවස ස්ථවිර නවකමධ්‍යම භික්‍ෂූන්වහන්සේට උපකාරවත්ව මහාපවාරණය සඳහා පෙහෙවස් දිනයෙහි ධර්‍මකථාවෙන් දනව්ව කලඹා වැඩියහ.

යො පන සොතාපන‍්නාදීසු අඤ‍්ඤතරො හුත්‍වා සොතාපන‍්නාදිභාවං ජානාපෙතුං න ඉච‍්ඡති, අයං අධිගමප‍්පිච‍්ඡො නාම තයො කුලපුත‍්තා (ම· නි· 1.325) විය ඝටීකාරකුම‍්භකාරො (ම· නි· 2.282 ආදයො) විය ච. ඉමස‍්මිං පනත්‍ථෙ ලද‍්ධාසෙවනෙන බලවඅලොභෙන සමන‍්නාගතො සෙක‍්ඛොපි පුථුජ‍්ජනොපි අප‍්පිච‍්ඡොති වෙදිතබ‍්බො.

යමෙක් වනාහි සෝවාන් ආදියෙන් කෙනෙකුට සෝවාන් ආදි බව හඟවන්නට නොකැමති වේද මෙතෙම අධිගමප්පිච්ඡනමි. කුලපුත්‍රයන් තුන්දෙනා මෙන්ද ඝටීකාර කුඹල්කරු මෙන්ද වේ. මේ අර්‍ත්‍ථය වනාහි ලබනලද ඇසුරැ කිරීමෙන්, තද අලෝභයෙන් යුක්තවූ ශෛක්‍ෂයාද පෘථග්ජනයාද අප්පිච්ඡයයි දතයුතුය.

චතුත්‍ථෙ අසන‍්තුට‍්ඨිතාති අසන‍්තුට‍්ඨෙ පුග‍්ගලෙ සෙවන‍්තස‍්ස භජන‍්තස‍්ස පයිරුපාසන‍්තස‍්ස උප‍්පන‍්නො අසන‍්තොසසඞ‍්ඛාතො ලොභො.

සිවුවැන්නෙහි අසන්තුට්ඨිතා යනු නොසතුටුවූ පුද්ගලයකු ඇසුරැකරන්නාවූ, ආශ්‍රයකරන්නාවූ තැනැත්තාට උපන්නාවූ, අසනේතාෂ සංඛ්‍යාත ලෝභයයි.

පඤ‍්චමෙ සන‍්තුට‍්ඨිතාති සන‍්තුට‍්ඨෙ පුග‍්ගලෙ සෙවන‍්තස‍්ස භජන‍්තස‍්ස පයිරුපාසන‍්තස‍්ස උප‍්පන‍්නො අලොභසඞ‍්ඛාතො සන‍්තොසො. සන‍්තුට‍්ඨස‍්සාති ඉතරීතරපච‍්චයසන‍්තොසෙන සමන‍්නාගතස‍්ස. සො පනෙස සන‍්තොසො ද‍්වාදසවිධො හොති. සෙය්‍යථිදං – චීවරෙ යථාලාභසන‍්තොසො, යථාබලසන‍්තොසො, යථාසාරුප‍්පසන‍්තොසොති තිවිධො. එවං පිණ‍්ඩපාතාදීසු.

පස්වැන්නෙහි සන්තුට්ඨිතා යනු සතුටුවූ පුද්ගලයකු ඇසුරුකරන්නාවූ, භජනයකරන්නාවූ, ආශ්‍රය කරන්නාවූ තැනැත්තාට උපන් අලෝභ සංඛ්‍යාත සන්තෝෂයයි. සන්තුට්ඨස්ස යනු යම් යම් ප්‍රත්‍යය පිළිබඳ සන්තෝෂයෙන් යුක්තවූවහුගේයි. ඒ මේ සතුට දොළොස් ආකාරවෙයි. කෙසේද යත්? සිවුරෙහි යථාලාභ සන්තෝෂය, යථාබලසන්තෝෂය යථාසාරුප්‍ය සන්තෝෂයයි ත්‍රිවිධය. මෙසේ පිණ්ඩපාතාදියෙහිද වේ.

තස‍්සායං පභෙදසංවණ‍්ණනා – ඉධ භික‍්ඛු චීවරං ලභති සුන්‍දරං වා අසුන්‍දරං වා. සො තෙනෙව යාපෙති අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස චීවරෙ යථාලාභසන‍්තොසො. අථ පන පකතිදුබ‍්බලො වා හොති ආබාධජරාභිභූතො වා, ගරුං චීවරං පාරුපන‍්තො කිලමති. සො සභාගෙන භික‍්ඛුනා සද‍්ධිං තං පරිවත‍්තෙත්‍වා ලහුකෙන යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාබලසන‍්තොසො. අපරො පණීතපච‍්චයලාභී හොති. සො පට‍්ටචීවරාදීනං අඤ‍්ඤතරං මහග‍්ඝචීවරං බහූනි වා පන චීවරානි ලභිත්‍වා “ඉදං ථෙරානං චිරපබ‍්බජිතානං, ඉදං බහුස‍්සුතානං අනුරූපං, ඉදං ගිලානානං, ඉදං අප‍්පලාභානං හොතූ”ති දත්‍වා තෙසං පුරාණචීවරං වා සඞ‍්කාරකූටාදිතො වා නන‍්තකානි උච‍්චිනිත්‍වා තෙහි සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මේ එහි ප්‍රබේද සංවර්‍ණනාවයි: මෙහි භික්‍ෂුව සොඳුරු හෝ නොසොඳුරු හෝ සිවුරක් ලබයි. හෙතෙම එයින් යැපෙයි. අනෙකක් නොපතයි. ලබන්නේද පිළිනොගනියි. මේ ඔහුට සිවුරෙහි යථාලාභ සන්තෝෂයයි. අන් භික්‍ෂුවක් වනාහි පියෙවි දුබලයෙක් වූයේ හෝ රෝගජරාවෙන් මඬනා ලද්දේ හෝ ගරු සිවුරක් පොරවන්නේ කලාන්ත වේද හෙතෙම සහාග භික්‍ෂුවක සමඟ එය මාරුකොට ලහුසිවුරකින් යැපෙන්නේවුවද සතුටු ඇත්තේමවෙයි. මෙය ඔහුගේ සිවුරෙහි යථාබලසනේතාෂයයි. අනෙකෙක් ප්‍රණීත ප්‍රත්‍යය ලාභියෙක් වෙයි. හෙතෙම පටසිවුරු ආදිය අතුරෙන් යම් මාහැඟි සිවුරක් හෝ බොහෝ සිවුරු හෝ ලැබ මෙය බොහෝ කලින් පැවිදිවූ තෙරුන්ට, මෙය බුහුශ්‍රැතයන්ට සුදුසුය, මෙය ගිලනුන්ට, මෙය අල්පලාභීන්ට වේවායිද ඔවුන්ගේ පරණ සිවුරු හෝ කුණුගොඩවල් ආදියෙන් රෙදිකඩමාලු හෝ රැස්කොට ඒවායින් සඟළසිවුරක් කොට දරන්නේ නමුදු සතුටු ඇත්තේම වෙයි. මෙය ඔහුගේ සිවුරෙහි යථාසරුප්‍ය සන්තෝෂය නමි.

ඉධ පන භික‍්ඛු පිණ‍්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා පිණ‍්ඩපාතං ලභති, යෙනස‍්ස පරිභුත‍්තෙන අඵාසු හොති, සො සභාගස‍්ස භික‍්ඛුනො තං දත්‍වා තස‍්ස හත්‍ථතො සප‍්පායභොජනං භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාබලසන‍්තොසො. අපරො බහුං පණීතං පිණ‍්ඩපාතං ලභති. සො තං චීවරං විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභගිලානානං දත්‍වා තෙසං වා සෙසකං පිණ‍්ඩාය වා චරිත්‍වා මිස‍්සකාහාරං භුඤ‍්ජන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මෙහි වනාහි භික්‍ෂුව නීරස හෝ රසවත් පිණ්ඩාහාරය ලබයි. හෙතෙම එයින්ම යැපෙයි. අනෙකක් නොපතයි. ලබන්නේවුවද නොගනියි. මෙය ඔහුගේ පිණ්ඩපාතයෙහි යථාලාභ සන්තෝෂයයි. යමෙක් වනාහි තමන්ගේ ප්‍රකෘතියට (ස්වභාවයට) විරුද්ධවූ හෝ රෝගයන්ට විරුද්ධවූ හෝ පිණ්ඩපාතයක් ලබයි. යම් අහරක් වැළඳීමෙන් ඔහුට අපහසුවක් වේද හෙතෙම සභාග (සමාන පැවතුම් ඇති) භික්‍ෂුවකට එය දී ඔහුගේ අතින් ගැලපෙන බොජුනක් වළඳා මහණදම් කරන්නේවුද සතුටුවූයේම වෙයි. මේ ඔහුගේ පිණ්ඬපාතයෙහි යථාබල සන්තෝෂයයි. අන් භික්‍ෂුවක් බොහෝ රසවත් වූ පිණ්ඩපාතයක් ලබයි. හෙතෙම එය සිවුර මෙන් කලින් පැවිදිවූ, බොහෝ ඇසූපිරූ තැන්ඇති, අඩුවෙන් ලබන, ගිලන්වූ අයට දී ඔවුන්ට අයත්වූ අහරක් හෝ පිඬුහැසිර මිශ්‍රහාරයක් හෝ වළඳන්නේද සතුටුවූයේම වෙයි. මෙය ඔහුගේ පිණ්ඩපාතයෙහි යථාසරුප්‍ය සන්තෝෂයයි.

ඉධ පන භික‍්ඛු සෙනාසනං ලභති මනාපං වා අමනාපං වා, සො තෙන නෙව සොමනස‍්සං න දොමනස‍්සං උප‍්පාදෙති, අන‍්තමසො තිණසන්‍ථාරකෙනාපි යථාලද‍්ධෙනෙව තුස‍්සති. අයමස‍්ස සෙනාසනෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා සෙනාසනං ලභති, යත්‍ථස‍්ස වසතො අඵාසු හොති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස සන‍්තකෙ සප‍්පායසෙනාසනෙ වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාබලසන‍්තොසො.

මෙහි වනාහි භික්‍ෂුව කැමති හෝ නොකැමති සෙනසුනක් ලබයි. හෙතෙම එයින් සොම්නසක් හෝ දොම්නස (තරහ) ක් නොඋපදවයි. යටත් පිරිසෙයින් තණඇතිරියකිනුදු ලද අයුරින්ම (සතුටුවෙයි. මෙය ඔහුගේ සෙනසුනෙහි යථාලාභසන්තෝෂයයි. යමෙක් වනාහි තමන්ගේ ප්‍රකෘතියට විරුද්ධවූ හෝ ව්‍යාධීන්ට විරුද්ධවූ හෝ සෙනසුනක් ලබයි. යමක වීසීමෙන් ඔහුට අපහසුවක් වේද හෙතෙම එය සහාග භික්‍ෂුවකට දී ඔහුට අයත් ගැලපෙන සෙනසුනක වසන්නේද සතුටු වූයේම වෙයි. මෙය ඔහුගේ සෙනුනෙහි යථාබලසන්තෝෂයයි.

අපරො මහාපුඤ‍්ඤො ලෙණමණ‍්ඩපකූටාගාරාදීනි බහූනි පණීතසෙනාසනානි ලභති. සො තානි චීවරාදීනි විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභගිලානානං දත්‍වා යත්‍ථ කත්‍ථචි වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො. යොපි “උත‍්තමසෙනාසනං නාම පමාදට‍්ඨානං, තත්‍ථ නිසින‍්නස‍්ස ථිනමිද‍්ධං ඔක‍්කමති, නිද‍්දාභිභූතස‍්ස පුන පටිබුජ‍්ඣතො පාපවිතක‍්කා පාතුභවන‍්තී”ති පටිසඤ‍්චික‍්ඛිත්‍වා තාදිසං සෙනාසනං පත‍්තම‍්පි න සම‍්පටිච‍්ඡති, සො තං පටික‍්ඛිපිත්‍වා අබ‍්භොකාසරුක‍්ඛමූලාදීසු වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයම‍්පිස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො.

අනෙකෙක් මහ පිනැත්තේ ලෙන් මණ්ඩප කුළුගෙවල් ආදී බොහෝ මනා සෙනසුන් ලබයි. හෙතෙම ඒවාද සිවුරුආදිය මෙන් බොහෝ කලින් පැවිදිවූ, ඇසූපිරූතැන් ඇති, අඩුවෙන් ලබන, ගිලන්වූ භික්‍ෂූන්ටදී යම්කිසි තැනක වසන්නේද සතුටුවූයේම වෙයි. මෙය ඔහුගේ සෙනසුනෙහි යථාසාරුප්‍ය සන්තෝෂයයි. යමෙක් වනාහි, ‘උතුම් සෙනසුන නම් පමාවට කරුණකි. යමක හුන්නහුට ථිනමිද්ධය ඇතුල් වේද නින්දෙන් මැඬුනහුට යළි පිබිදෙන විට පාපවිතර්‍කයෝ පහළවෙති’යි නුවණින් සලකා එබඳුවූ සෙනස්නක් ලැබුනේ වුවද නොපිළගනියි. හෙතෙම එය පිළිකෙව් කොට හිස්තැන් ගස්මුල ආදියෙහි වසන්නේවුවද සතුටු වූයේම වෙයි. මෙය ඔහුගේ සෙනසුනෙහි යථාසාරැප්‍ය සන්තෝෂයයි.

ඉධ පන භික‍්ඛු භෙසජ‍්ජං ලභති ලූඛං වා පණීතං වා, සො යං ලභති, තෙනෙව තුස‍්සති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාලාභසන‍්තොසො. යො පන තෙලෙන අත්‍ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස හත්‍ථතො තෙලං ගහෙත්‍වා අඤ‍්ඤදෙව වා පරියෙසිත්‍වා භෙසජ‍්ජං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාබලසන‍්තොසො.

මෙහි වනාහි භික්‍ෂුව රළුවූ හෝ රසවත්වූ හෝ බෙහෙතක් ලබයි. හෙතෙම යමක් ලබයිද එයින්ම සතුටුවෙයි. අනෙකක් නොපතයි. ලබන්නේද නොගනියි. මෙය ඔහුගේ සෙනසුනෙහි යථාසාරුප්‍ය සන්තෝෂයයි. මෙහි වනාහි භික්‍ෂුව රළුවූ හෝ රසවත්වූ හෝ බෙහෙතක් ලබයි. හෙතෙම යමක් ලබයිද එයින්ම සතුටුවෙයි. අනෙකක් නොපතයි. ලබන්නේද නොගනියි. මෙය ඔහුගේ ගිලන්පසෙහි යථාලාභසන්තෝෂයයි.

අපරො මහාපුඤ‍්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ‍්ජං ලභති. සො තං චීවරං විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභගිලානානං දත්‍වා තෙසං ආභතෙන යෙන කෙනචි යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. යො පන එකස‍්මිං භාජනෙ මුත‍්තහරීතකං ඨපෙත්‍වා එකස‍්මිං චතුමධුරං – “ගණ‍්හථ, භන‍්තෙ, යදිච‍්ඡක”න‍්ති වුච‍්චමානො “සචස‍්ස තෙසු අඤ‍්ඤතරෙනපි රොගො වූපසම‍්මති, අථ මුත‍්තහරීතකං නාම බුද‍්ධාදීහි වණ‍්ණිත”න‍්ති චතුමධුරං පටික‍්ඛිපිත්‍වා මුත‍්තහරීතකෙන භෙසජ‍්ජං කරොන‍්තොපි පරමසන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාසාරුප‍්පසන‍්තොසො. ඉමෙසං පන පච‍්චෙකපච‍්චයෙසු තිණ‍්ණං තිණ‍්ණං සන‍්තොසානං යථාසාරුප‍්පසන‍්තොසොව අග‍්ගො.

යමෙක් වනාහි තෙලෙන් වැඩක් ඇත්තේ පැණිලබයි. හෙතෙම එය සහාග භික්‍ෂුවකට දී ඔහු අතින් තෙල් ගෙන හෝ අන්දිනෙක හෝ සොයා බෙහෙත් කරන්නේද සතුටුවූයේම වෙයි. මෙය ඔහුගේ ගිලන්පසෙහි යථාබල සන්තෝෂයයි. අනෙකෙක් මහපිනැත්තේ බොහෝ තෙල්මීපැණි ආදී රසවත් බෙහෙත් ලබයි. හෙතෙම එය සිවුර මෙන් බොහෝ කලින් පැවිදිවූ බොහෝ ඇසූපිරුතැන් ඇති, අඩුවෙන් ලබන, ගිලන්වූ, භික්‍ෂූන්ටදී ඔවුන්ගේ ගෙනෙන ලද යම්කිසිවකින් යැපෙන්නේද සතුටුවූයේමවෙයි. යමෙක් වනාහි එක් බඳුනක මුත්තහරීටකය (සුලුදිය හා අරළුදැමූ බෙහෙත් පානය) දමා එක් බඳුනක චතුමධුරය දමා ස්වාමීනි, කැමැති දෙයක් ගනු මැනවැයි කියනු ලබන්නේද ඉදින් එයින් යමකින් ඔහුගේ රෝගය සංසිඳේද, ඉක්බිති මුත්තහරීටකය නම් බුද්ධාදීන් විසින් වර්‍ණනා කරන ලදැයි චතුමධුරය ප්‍රතික්‍ෂෙපකොට මුත්තහරීටකයෙන් බෙහෙත් කරන්නේද බෙහෙවින් සතුටුයේම වෙයි. මෙය ඔහුගේ ගිලන්පසෙහි යථාසරුප්‍ය සන්තෝෂයයි. මේ එක් එක් ප්‍රත්‍යයෙක්හි තුන් තුන් සතුටෙන් යතාසාරුප්‍ය සන්තෝෂයම අග්‍රයි.

ඡට‍්ඨසත‍්තමෙසු අයොනිසොමනසිකාරයොනිසොමනසිකාරා හෙට‍්ඨා වුත‍්තලක‍්ඛණාව. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සවෙනි සත්වෙනි සූත්‍රයන්හි අයොනිසොමනසිකාරයොනිසො මනසිකාරයෝ යට කියනලද ලක්‍ෂණ ඇත්තෝමවෙත්. මෙහි සෙස්සපළට අරුත් ඇත්තේමයි.

අට‍්ඨමෙ අසම‍්පජඤ‍්ඤන‍්ති අසම‍්පජානභාවො, මොහස‍්සෙතං අධිවචනං. අසම‍්පජානස‍්සාති අජානන‍්තස‍්ස සම‍්මුළ‍්හස‍්ස.

අටවැන්නෙහි අසම්පජඤ්ඤං යනු නොදන්නාබවයි. මෙය මෝහයට නමකි. අසම්පජානස්ස යනු නොදන්නහුගේ, මුළාවූවහුගේයි.

නවමෙ සම‍්පජඤ‍්ඤන‍්ති සම‍්පජානභාවො, පඤ‍්ඤායෙතං නාමං. සම‍්පජානස‍්සාති සම‍්පජානන‍්තස‍්ස.

නවවැන්නෙහි සම්පජඤ්ඤං යන දන්නාබවයි. මෙය ප්‍රඥාවට නමකි. සම්පජානස්ස යනු දන්නහුගේයි.

දසමෙ පාපමිත‍්තතාති යස‍්ස පාපා ලාමකා මිත‍්තා, සො පාපමිත‍්තො. පාපමිත‍්තස‍්ස භාවො පාපමිත‍්තතා, තෙනාකාරෙන පවත‍්තානං චතුන‍්නං ඛන්‍ධානමෙවෙතං නාමං. වුත‍්තම‍්පි චෙතං –

දසවැන්නෙහි පාපමිත්තතා යනු යමෙකුට පවිටුවූ ලාමකවූ මිතුරෝ වෙත්ද හෙතෙම පාපිමිතෙතා නමි. පවිටු මිතුරන් ඇත්තාගේ ස්වභාවය පාපමිත්තතායි. ඒ අයුරින් පවත්නා වූ ස්කන්‍ධසතරටම මේ නමකි. මෙය කියන ලද්දේමය.

“තත්‍ථ කතමා පාපමිත‍්තතා? යෙ තෙ පුග‍්ගලා අස‍්සද‍්ධා දුස‍්සීලා අප‍්පස‍්සුතා මච‍්ඡරිනො දුප‍්පඤ‍්ඤා. යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම‍්භජනා භත‍්ති සම‍්භත‍්ති සම‍්පවඞ‍්කතා. අයං වුච‍්චති පාපමිත‍්තතා”ති (විභ· 901).

‘එහි පාපමිත්තතාව කෙසේදයත්? සැදැහැනැති, දුසිල්වූ ඇසූපිරූ තැන්නැති, මසුරුවූ මෝඩවූ යම් ඒ පුද්ගලයෝ වෙත්ද ඔවුන්ගේ යම් ඇසුරක් ආශ්‍රයක් එක්ව ඇසුරුකිරීමක් භජනයක් දැඩිභජනයක් භක්තියක් දැඩි ඇදහීමක් සබැඳියාවක් වේද එය පාපමිත්තතායි කියනුලැබේ.’

වීරියාරම‍්භාදිවග‍්ගවණ‍්ණනා.

සත්වෙනි වර්‍ගයයි