කල්යාණමිත්තවග්ගො අට්ඨකථා
කල්යාණමිත්තවග්ගො
කල්‍යාණමිත්‍ර වර්ගය
අට්ඨමස්ස පඨමෙ කල්යාණමිත්තතාති කල්යාණා මිත්තා අස්සාති කල්යාණමිත්තො, තස්ස භාවො කල්යාණමිත්තතා. සෙසං වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බං.
අටවෙනි වර්ගයේ පළමු සූත්‍රයෙහි කල්යාණමිත්තතා යනු කලණමිරෝ මොහුටනුයි කලණමිතුරන් ඇත්තෙයි. ඔහුගේ ස්වභාවය කල්‍යාණ මිත්තායි. සෙස්ස කියනලද්දේට ප්රතිපක්ෂ ක්‍රමයෙන්ම දතයුතයි.
දුතියෙ අනුයොගොති යොගො පයොගො. අනනුයොගොති අයොගො අප්පයොගො. අනුයොගාති අනුයොගෙන. අනනුයොගාති අනනුයොගෙන. කුසලානං ධම්මානන්ති චතුභූමකකුසලධම්මානං. තතියං උත්තානත්ථමෙව.
දෙවැන්නෙහි අනුයොගො යනු යෙදීමයි. ප්‍රයෝගයයි. අනනුයොගො යනු නොයෙදීමයි, අප්රයෝගයයි. අනුයොගා යනු යෙදීමෙනි. අනනුයොගා යනු නොයෙදීමෙනි. කුසලානං ධම්මානං යනු චතුභූමකකුශලධර්මයන්ගේයි. තෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
චතුත්ථෙ බොජ්ඣඞ්ගාති බුජ්ඣනකසත්තස්ස අඞ්ගභූතා සත්ත ධම්මා. යාය වා ධම්මසාමග්ගියා සො බුජ්ඣති, සම්මොහනිද්දාතො වා වුට්ඨාති, චතුසච්චධම්මං වා සච්ඡිකරොති. තස්සා බොධියා අඞ්ගභූතාතිපි බොජ්ඣඞ්ගා. “බොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣඞ්ගා? බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, බොධාය සංවත්තන්තීති බොජ්ඣඞ්ගා”ති (පටි· ම· 2.17). එවං පනෙතං පදං විභත්තමෙව.
සිවුවැන්නෙහි, බොජ්ක්ධඞ්ගා යනු අවබෝධකරන (බුදුවන) සත්වයාට අංගවූ ධර්මසතයි. යම්වූ හෝ ධර්මයන්ගේ එකතුවකින් හෙතෙම අවබෝධකරයිද සසරින් හෝ නැඟී සිටියිද සිවුසස්දම් හෝ පසක් කරයිද ඒ අවබෝධයට අංග වූයේනූයි බොජ්ක්ධඞ්ගයෝ වෙත්ද අවබෝධකෙරෙතියි බොජක්ධඞ්ගයෝයි. වටහාගනිතැයි බොජ්ක්ධඞ්ගයෝයි ප්‍රතිවේධ කෙරෙතැයි බොජ්ක්ධඞ්ගයෝයි. අවබෝධය සඳහා පවතිතැයි බොජ්ක්ධඞ්ගයෝයි. මෙසේ වනාහි මේ පදය බෙදා දක්වන ලද්දේමය.
පඤ්චමෙ භාවනාපාරිපූරිං ගච්ඡන්තීති ඉමිනා පදෙන බොජ්ඣඞ්ගානං යාථාවසරසභූමි නාම කථිතා. සා පනෙසා චතුබ්බිධා හොති – විපස්සනා, විපස්සනාපාදකජ්ඣානං, මග්ගො, ඵලන්ති. තත්ථ විපස්සනාය උප්පජ්ජනකාලෙ බොජ්ඣඞ්ගා කාමාවචරා හොන්ති, විපස්සනාපාදකජ්ඣානම්හි උප්පජ්ජනකාලෙ රූපාවචරඅරූපාවචරා, මග්ගඵලෙසු උප්පජ්ජනකාලෙ ලොකුත්තරා. ඉති ඉමස්මිං සුත්තෙ බොජ්ඣඞ්ගා චතුභූමකා කථිතා.
පස්වැන්නෙහි ‘භාවනාපාරිපූරිං ගච්ඡනති” යන මේ පදයෙන් බෝධ්යංගයන්ගේ හැසිරෙන ආකාරයෙන් භූමිය කියනලදී. ඒ භූමිය වනාහි සතරාකාරවෙයි. විදර්ශනාව හටගන්නා කල්හි බෝධ්‍යංගයෝ කාමාවචර වෙත්. විදර්ශනා පාදකධ්යානය උපදින කල්හි රූපාවචරඅරූපාවචරයෝ වෙත්. මාර්ගඵලයන් උපදිනා කල්හි ලෝකෝත්තරයෝයි. මේ සූත්‍රයෙහි චතුභූමික බෝධ්‍යංගයෝ කියනලදහ.
ඡට්ඨස්ස අට්ඨුප්පත්තිකො නික්ඛෙපො. අට්ඨුප්පත්තියං හෙතං නික්ඛිත්තං, සම්බහුලා කිර භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා. තෙසං අන්තරෙ බන්ධුලමල්ලසෙනාපතිං ආරබ්භ අයං කථා උදපාදි, “ආවුසො, අසුකං නාම කුලං පුබ්බෙ බහුඤාතිකං අහොසි බහුපක්ඛං, ඉදානි අප්පඤාතිකං අප්පපක්ඛං ජාත”න්ති. අථ භගවා තෙසං චිත්තාචාරං ඤත්වා “මයි ගතෙ මහතී දෙසනා භවිස්සතී”ති ඤත්වා ගන්ධකුටිතො නික්ඛම්ම ධම්මසභායං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති ආහ. භගවා අඤ්ඤා ගාමනිගමාදිකථා නත්ථි, අසුකං නාම කුලං පුබ්බෙ බහුඤාතිකං අහොසි බහුපක්ඛං, ඉදානි අප්පඤාතිකං අප්පපක්ඛං ජාතන්ති වදන්තා නිසින්නම්හාති. සත්ථා ඉමිස්සා අට්ඨුප්පත්තියා අප්පමත්තිකා එසා, භික්ඛවෙ, පරිහානීති ඉදං සුත්තං ආරභි.
සවෙනි සූත්‍රයාගේ අර්ත්ථොත්පත්තික නික්ෂෙපයයි. මෙය අර්ත්ථොත්පත්තික දෙසනලදී. බොහෝ භික්ෂූහූ වනාහි ධර්මසභාවෙහි හුන්නාහුය. ඔවුනතුරෙහි බන්ධුලමල්ල සෙනෙවිහි අරභයා මේ කථාව හටගත්තේය. ‘ඇවැත්නි, අසුවල්නම් කුලය පෙර බොහෝ නෑයන් ඇත්තේ විය. බොහෝ (විහිදීගිය) පැති ඇත්තේ විය. දැන් අඩු නෑයන් අඩුපැති ඇත්තක්විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගේ සිත්හරසර දැන මා ගියවිට මහත් දෙසුමක් වන්නේයයි දැන ගඳකිළියෙන් නික්ම දම්සභාවෙහි පනවනලද උතුම් බුද්ධාසනයෙහි හිඳ, මහණෙනි දැන් කවරනම් කථාවකින් යුක්තව හුන්නහුදැයි ඇසූසේක. භාග්‍යවතුන් වහන්ස, අන් ගම්නියම්ගම් ආදිය පිළිබඳ කථාවක් නැත. අසුවල් නම් කුලය පෙර බොහෝ නෑයන් ඇත්තේවිය. බොහෝ පැති ඇත්තේවිය. දැන් අඩු නෑයන් ඇත්තේ අඩු පැති ඇත්තේ වීයයි කියමින් හුන්නහුම්හයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ මේ අර්ත්ථොත්පත්තියෙහි අප්පමතතිකා එසා භික්ඛවෙ පරිහානි යන මේ සූත්‍රය ආරම්භ කළසේක.
තත්ථ අප්පමත්තිකාති පරිත්තා පරිත්තප්පමාණා. එතාය හි පරිහානියා සග්ගතො වා මග්ගතො වා පරිහානි නාම නත්ථි, දිට්ඨධම්මිකපරිහානිමත්තමෙව එතන්ති ආහ. එතං පතිකිට්ඨන්ති එතං පච්ඡිමං එතං ලාමකං. යදිදං පඤ්ඤාපරිහානීති යා එසා මම සාසනෙ කම්මස්සකතපඤ්ඤාය ඣානපඤ්ඤාය විපස්සනාපඤ්ඤාය මග්ගපඤ්ඤාය ඵලපඤ්ඤාය ච පරිහානි, එසා පච්ඡිමා, එසා ලාමකා, එසා ඡඩ්ඩනීයාති අත්ථො.
එහි අප්පමත්තිකා එසා භික්ඛවේ පරිහානි යන මේ සූත්‍රය ආරම්භ කළසේක. එහි අප්පමතතිකා යනු අඩුවැඩි පමණයි. මේ පිරිහීමෙන් නම් නැත. මේවනාහි ඉහාත්මයෙහි පිරීහීම් පමණක්මයයි. වදාළසේක. එතං පතිකිට්ඨං යන් මෙය පැසුළුය (අන්තිමය.) මෙය ලාමකය. යනුයි. යදිදං පඤ්ඤපරිහානි යනු මගේ සසුනෙහි යම් මේ කරනලද කර්මයාගේ විපාක ඇත යන නුවණින් විදසුන් නුවණින් මග නුවණින් පලනුවණින්ද පිරිහීමක් වේද එය අන්තිමය; එය ලාමකය; එය අත්හැරදමිය යුත්තකි යන අර්‍ත්‍ථයි .
සත්තමම්පි අට්ඨුප්පත්තියමෙව කථිතං. ධම්මසභායං කිර නිසින්නෙසු භික්ඛූසු එකච්චෙ එවං ආහංසු – “අසුකං නාම කුලං පුබ්බෙ අප්පඤාතිකං අප්පපක්ඛං අහොසි, ඉදානි තං බහුඤාතිකං බහුපක්ඛං ජාත”න්ති. කං සන්ධාය එවමාහංසූති? විසාඛං උපාසිකං වෙසාලිකෙ ච ලිච්ඡවී. සත්ථා තෙසං චිත්තාචාරං ඤත්වා පුරිමනයෙනෙව ආගන්ත්වා ධම්මාසනෙ නිසින්නො “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි. තෙ යථාභූතං කථයිංසු. සත්ථා ඉමිස්සා අට්ඨුප්පත්තියා ඉමං සුත්තං ආරභි. තත්ථ අප්පමත්තිකාති තං සම්පත්තිං නිස්සාය සග්ගං වා මග්ගං වා සම්පත්තානං අභාවතො පරිත්තා. යදිදං පඤ්ඤාවුද්ධීති කම්මස්සකතපඤ්ඤාදීනං වුද්ධි. තස්මාති යස්මා ඤාතීනං වුද්ධි නාම දිට්ඨධම්මිකමත්තා අප්පා පරිත්තා, සා සග්ගං වා මග්ගං වා පාපෙතුං අසමත්ථා, තස්මා. පඤ්ඤාවුද්ධියාති කම්මස්සකතාදිපඤ්ඤාය වුද්ධියා.
සත්වැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. දම් සභාවෙහි හුන්නාවූ භික්ෂූන් අතුරෙන් ඇතැම්හු අසුවල් නම් කුලය පෙර අඩු නෑයන් ඇති අඩු පැති ඇතිවූවක් විය. දැන් බොහෝ නෑයන් ඇති බොහෝ පැති ඇතිවූවක් වීය’යි මෙසේ කීවාහුය. කවරෙකු සඳහා මෙසේ කීවාහුදයත් විශාඛා උවැසියද විශාලාවෙහි ලිච්ඡාවීන්ද සඳහායි. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිත්හසර දැන පෙර කියනලද ක්‍රමයෙන්ම අවුත් ධර්මාසනයෙහි වැඩහුන්සේක, ‘මහණෙනි දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නහුදැයි ඇසූසේක. ඔවුහු ඇති සැටියෙන් කීය. ශාස්තෘන්වහන්සේ මේ අර්ත්ථොත්පත්තියෙහි මේ සූත්‍රය ඇරඹුසේක. එහි අප්පමතතිකා යනු ඒ සැපත නිසා ස්වර්ගයට හෝ මාර්ගයට හෝ පැමිණියවුන් නොමැති බැවින් අඩුය යනුයි. යදිදං පඤ්ඤචුද්ධි යනු කම්මස්සකත ඤණාදීන්ගේ වැඩීමයි. තස්මා යනු යම් හෙයකින් ඥාතීන්ගේ වෘද්ධිය නම් ඉහාත්මයට පමණක්වූයේ අඩුවූයේ කුඩාවූයේ ස්වර්ගයට හෝ මාර්ගයට පමුණුවන්නට අසමත්වූයේවෙයි. එහෙයිනි., පඤ්ඤාවුද්ධියා යනු කම්මස්සකතාදී ප්‍රඥාවේ වර්ධනයෙනි.
අට්ඨමම්පි අට්ඨුප්පත්තියමෙව කථිතං. සම්බහුලා කිර භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා මහාධනසෙට්ඨිපුත්තං ආරබ්භ “අසුකං නාම කුලං පුබ්බෙ මහාභොගං මහාහිරඤ්ඤසුවණ්ණං අහොසි, තං ඉදානි අප්පභොගං ජාත”න්ති කථයිංසු. සත්ථා පුරිමනයෙනෙව ආගන්ත්වා තෙසං වචනං සුත්වා ඉමං සුත්තං ආරභි.
අටවැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. බොහෝ භික්ෂුහු ධම්සභාවෙහි හුන්නාහු මහාධන සිටුපුත්‍රයා අරභයා අසුවල් නම් කුලය පෙර මහා භෝග ඇත්තේ මහා රන්රුවන් ඇත්තේ විය. දැන් එය අල්පභෝගවූයේ වීයයි පැවසූහ. දැන් එය මහාභෝග ඇත්තේවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය ඇරඹූසේක.
නවමම්පි අට්ඨුප්පත්තියමෙව වුත්තං. ධම්මසභායං කිර සන්නිසින්නා භික්ඛූ කාකවලියසෙට්ඨිඤ්ච පුණ්ණසෙට්ඨිඤ්ච ආරබ්භ “අසුකං නාම කුලං පුබ්බෙ අප්පභොගං අහොසි, තං ඉදානි මහාභොගං ජාත”න්ති කථයිංසු. සත්ථා පුරිමනයෙනෙව ආගන්ත්වා තෙසං වචනං සුත්වා ඉමං සුත්තං ආරභි. සෙසං ඉමෙසු ද්වීසුපි හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
නවවැන්නද අර්ත්ථොත්පත්තියෙහි කියනලදී. දම්සභාවෙහි හුන්නාවූ භික්ෂුහු කාකවලිය සිටුද පුණ්ණක සිටුද අරභයා අසුවල් නම් කුලය පෙර අල්පභෝග වූයේය. දැන් එය මහාභෝග ඇත්තෙවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය ඇරඹූසේක. සෙස්ස මේ සූත්රදෙක්හි යටකියනලද ක්‍රමයෙන්ම දතුයුතුය.
දසමම්පි අට්ඨුප්පත්තියං වුත්තං. ධම්මසභායං කිර භික්ඛූ කොසලමහාරාජානං ආරබ්භ “අසුකං නාම කුලං පුබ්බෙ මහායසං මහාපරිවාරං අහොසි, ඉදානි අප්පයසං අප්පපරිවාරං ජාත”න්ති කථයිංසු. භගවා පුරිමනයෙනෙව ආගන්ත්වා තෙසං වචනං සුත්වා ඉමං ධම්මදෙසනං ආරභි. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
දසවැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. ධර්මසභාවෙහි භික්ෂූහු කොසොල් මහරජු අරභයා අසුවල්නම් කුලය පෙර මහයසස් ඇත්තේ මහ පිරිවර ඇත්තේවිය. දැන් අඩුයසස් අඩුපිරිවර ඇත්තේවීයයි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවට ඔවුන්ගේ වචනය අසා මේ දෙසුම ඇරඹුසේක. ඉතිරිය කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.
කල්යාණමිත්තතාදිවග්ගවණ්ණනා.
අටවෙනි වර්ගයයි.