පභස්සරවග්ගො අට්ඨකථා
පභස්සරවග්ගො
ප්‍රභාස්වර වර්ගය
ඡට්ඨස්ස පඨමෙ තං අස්සුතවා පුථුජ්ජනොති තං භවඞ්ගචිත්තං සුතවිරහිතො පුථුජ්ජනො. තත්ථ ආගමාධිගමාභාවා ඤෙය්යො අස්සුතවා ඉති. යො හි ඉදං සුත්තං ආදිතො පට්ඨාය අත්ථවසෙන උපපරික්ඛන්තො “ඉදං භවඞ්ගචිත්තං නාම පකතිපරිසුද්ධම්පි ජවනක්ඛණෙ උප්පන්නෙහි ලොභාදීහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ”න්ති නෙව ආගමවසෙන න අධිගමවසෙන ජානාති, යස්ස ච ඛන්ධධාතුආයතනපච්චයාකාරසතිපට්ඨානාදීසු උග්ගහපරිපුච්ඡාවිනිච්ඡයවිරහිතත්තා යථාභූතඤාණපටිවෙධසාධකො නෙව ආගමො, පටිපත්තියා අධිගන්තබ්බස්ස අනධිගතත්තා න අධිගමො අත්ථි. සො ආගමාධිගමාභාවා ඤෙය්යො අස්සුතවා ඉති. ස්වායං –
සවෙනි වර්ගයේ පළමුවෙනි සූත්‍රයෙහි, තං අස්සුතවා පුථුජ්ජනො යනු ශ්‍රැතවත් භාවයෙන් තොරවූ පෘථග්ජන තෙමේ ඒ භවංගසිත යනුයි. එහි ආගම අධිගම අභාවයෙන් අස්සුතවායි දතයුතුයි. යමෙක් වනාහි මේ සූත්‍රය මුලපටන් අර්‍ත්‍ථවශයෙන් සලකන්නේ මේ භවඞ්ගසිත නම් ප්‍රකෘතියෙන් පිරිසුදුවූවත් ජවන ක්ෂණයෙහි ලෝභාදී උපකේලෂයන්ගෙන් කිළිටිවූයේයයි ආගමවශයෙන් අධිගම වශයෙන්ද නොදනියි ද යමකුට ස්කන්ධ ධාතු ආයතන ප්‍රතීත්‍යසමුත්පාද සතිපට්ඨානාදියෙහි උගෙනීම් විමසීම් නිශ්චයකිරීම් නොමැතිබැවින් යථාභූතඥාන ප්‍රතිවේධය (අවබෝධ) ඇතිකරන්නාවූ ආගමද නැත්තේද ප්‍රතිපත්තියෙන් අවබෝධ කළයුතුදෙය අවබෝධ නොකළබැවින් අධිගමයද නැත්තේද හෙතෙම ආගාමාධිගම අභාවයෙන් අශ්රැතවත්යයි දතයුතුය. ඒ මෙතෙම:-
“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො; පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති”.
‘බොහෝ (කෙලෙස්) ඇති කරවන්නාවූ කාරණයන්ගෙන් පුථුජ්ජන නම්වෙයි. බොහෝ දෙනා ඇතුළත් වනබැවින්ද පුථුජ්ජන හෝ නම්වෙයි’.
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො. යථාහ –
හෙතෙම වනාහි බොහෝවූ නානා ආකාර ඇති කෙලෙසුන් ජනනය කිරීම් ආදී හේතූන්ගෙන් පුථුජ්ජනවෙයි. යම්සේ කියනලද්දේද,
“පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා, පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා, පුථු නානාසන්තාපෙහි සන්තප්පන්තීති පුථුජ්ජනා, පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා”ති (මහානි· 51, 94).
බොහෝ කෙලසුන් උපදවත්නුයි පුථුජ්ජනානම්වෙත්, බොහෝවූ විනාශ නොකරන ලද සත්කායදෘෂ්ටිකයෝයි පුථුජ්ජනා නම් වෙත්. බොහෝ ශාස්තෘවරුන්ගේ මුහුණ දෙස බලන්නාහුයි පුථුජ්ජනායි. බොහෝවූ සියලු ගතීන්ගෙන් නොනැගිටියාහුයි පුථුජ්ජනායි. බොහෝවූ නානා ආකාර කුශලාකුශලයන් රැස්කරතියි පුථුජ්ජනායි. සන්තාපයන්ගෙන් තවතැයි පුථුජ්ජනායි. බොහෝවූ නොයෙක් පරිළාභයන්ගෙන් දවතැයි පුථුජ්ජනායි. බොහෝවූ පඤ්චකාම ගුණයන්හි ඇලුණාහු ගිජුවූවාහු බැඳුණාහු තදින් ගැළුණාහු ඇතුළුවූවාහු රැඳුණාහු ගිලුණාහු එරීගියාහුයි පුථුජ්ජනායි. බොහෝවූ (වෙන් වෙන් වූ) පංච නීවරණයන්ගෙන් වට වූවාහු වසනලද්දාහු, යටපත් කරන ලද්දාහු ආවරණය කරනලද්දාහු සඟවනුලද්දාහු යටිකුරු කරනලද්දාහුයි පුථුජ්ජනායි
පුථූනං වා ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනො, පුථු වා අයං විසුංයෙව සඞ්ඛං ගතො, විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනොති පුථුජ්ජනො. එවමෙතෙහි “අස්සුතවා පුථුජ්ජනො”ති ද්වීහි පදෙහි යෙ තෙ –
බොහෝවූ සංඛ්යාපථය ඉක්මවන ලද්දාවූ, ආර්ය්යධම්යන්හි පරාංමුඛවූ ලාමක ධර්මයන්හි හැසිරෙන්නාවූ ජනයන් ඇතුළත් වනබැවින්ද පුථුජ්ජනායි. වෙන්වූ හෝ මෙතෙම වෙන් වෙන්වම පළටවූයේ සීලසුතාදි ගුණයන්ගෙන් යුක්තවූ ආර්ය්යයන්ගෙන් ඈත්වූ ජනතෙමේ යනුවෙන්ද පුථුජ්ජන නම්වෙයි. මෙසේ අස්සුතවා පුථුජ්ජනො යන මේ පද දෙකින් යම් ඒ පෘථග්ජනයෝ වෙත්ද?
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. –
“ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් පුථුජ්ජනයෝ දෙදෙනෙක් දෙසන ලද්දාහුය. එකෙක් අන්ධපෘථග්ජනයායි. අනෙකා කල්‍යාණ පෘථග්ජනයායි. (යනුවෙන්)
ද්වෙ පුථුජ්ජනා වුත්තා, තෙසු අන්ධපුථුජ්ජනො වුත්තො හොතීති වෙදිතබ්බො.
පෘථග්ජනයෝ දෙදෙනෙක් කියනලදහ.” ඔවුනතුරෙන් අන්ධපෘථග්ජනයා (මෙහිදී) කියනලදැයි දතයුතිය.
යථාභූතං නප්පජානාතීති “ඉදඤ්ච භවඞ්ගචිත්තං එවං ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං නාම හොති, එවං විප්පමුත්තං නාමා”ති යථාසභාවතො න ජානාති. තස්මාති යස්මා න ජානාති, තස්මා. චිත්තභාවනා නත්ථීති චිත්තට්ඨිති චිත්තපරිග්ගහො නත්ථි, නත්ථිභාවෙනෙව “නත්ථී”ති වදාමීති දස්සෙති.
යථාභූතං නප්පජානාති යනු මේ භවාංග සිත මෙසේ ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් කිළිටිවූයේ නම්වෙයි. මෙසේ මිඳුණේ නම්වේයයි ස්වභාවයට අනුව නොදනියි. තස්මා යනු යම්හෙයකින් නොදනියිද එහෙයිනියි. චිත්තභාවනා නත්ථි යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් නැත. නැති බැවින්ම නැතැයි කියමැයි දක්වනුලබයි.
දුතියෙ සුතවාති සුතසම්පන්නො. විත්ථාරතො පනෙත්ථ අස්සුතවාති පදස්ස පටිපක්ඛවසෙන අත්ථො වෙදිතබ්බො. අරියසාවකොති අත්ථි අරියො න සාවකො, සෙය්යථාපි බුද්ධා චෙව පච්චෙකබුද්ධා ච; අත්ථි සාවකො න අරියො, සෙය්යථාපි ගිහී අනාගතඵලො; අත්ථි නෙව අරියො න සාවකො සෙය්යථාපි පුථුතිත්ථියා. අත්ථි අරියොචෙව සාවකො ච, සෙය්යථාපි සමණා සක්යපුත්තියා ආගතඵලා විඤ්ඤාතසාසනා. ඉධ පන ගිහී වා හොතු පබ්බජිතො වා, යො කොචි සුතවාති එත්ථ වුත්තස්ස අත්ථස්ස වසෙන සුතසම්පන්නො, අයං අරියසාවකොති වෙදිතබ්බො. යථාභූතං පජානාතීති “එවමිදං භවඞ්ගචිත්තං ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං හොති, එවං උපක්කිලිට්ඨ”න්ති යථාසභාවතො ජානාති. චිත්තභාවනා අත්ථීති චිත්තට්ඨිති චිත්තපරිග්ගහො අත්ථි, අත්ථිභාවෙනෙව “අත්ථී”ති වදාමීති දස්සෙති. ඉමස්මිං සුත්තෙ බලවවිපස්සනා කථිතා. කෙචි තරුණවිපස්සනාති වදන්ති.
දෙවැන්නෙහි සුතවා යනු ශ්රැතවත්බවින් යුක්තවූයේයි. විස්තර වශයෙන් මෙහි අස්සුතවා යන පදයට ප්රතිපක්ෂ වශයෙන් අර්ත්ථය දතයුතුයි. අරියසාවකො යනු බුදුවරුන් හා පසේබුදුවරුන් යම්සේද එසේ වූ ශ්‍රාවක නොවන ආර්‍ය්‍යයෙක් ඇත. නොලද (සෝවාන් ආදී) ඵල ඇති ගිහියා යම්සේද එසේවූ ආර්‍ය්‍ය නොවන ශ්‍රාවකයෙක් ඇත. අන්‍යතීර්ථකයෝ යම්සේද එසේවූ ආර්ය්යනොවූද ශ්රාවකනොවූද අයෙක් වෙත්. පැමිණි ඵල ඇති සසුන දන්නා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ යම්සේද එසේවූ ආර්ය්යවූද ශ්රාවකවූද අයෙක්වෙත්. මෙහි වනාහි ගිහියෙක් හෝ වේවා! පැවිද්දෙක් හෝ වේවා! යම් කිසි සුතවා යනුවෙන් මෙහි කියනලද පදයාගේ අර්‍ත්‍ථවශයෙන් ශ්‍රැතවත්වූ මේ ආර්ය්යශ්රාවකයායි දතයුතුයි. යථාභූතං පජානාති යනු මෙසේ මේ භවාංග සිත ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් මිදුණේ වෙයි. මෙසේ කිළිටිවූයේයි ස්වභාවය පරිද්දෙන් දනී. චිත්තභාවනා යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් ඇත. ඇති බැවින්ම ඇතැයි කියමැයි දක්වනු ලබයි. මෙම සූත්‍රයෙහි බලවත් විදර්ශනාව කියනලදී ඇතමෙක් තරුණවිදර්ශනාවයයි කියති.
තතියං අට්ඨුප්පත්තියං කථිතං. කතරායං පන අට්ඨුප්පත්තියං? අග්ගික්ඛන්ධොපමසුත්තන්තඅට්ඨුප්පත්තියං. භගවා කිර එකස්මිං සමයෙ සාවත්ථිං උපනිස්සාය ජෙතවනමහාවිහාරෙ පටිවසති. බුද්ධානඤ්ච යත්ථ කත්ථචි පටිවසන්තානං පඤ්චවිධං කිච්චං අවිජහිතමෙව හොති. පඤ්ච හි බුද්ධකිච්චානි – පුරෙභත්තකිච්චං, පච්ඡාභත්තකිච්චං, පුරිමයාමකිච්චං, මජ්ඣිමයාමකිච්චං, පච්ඡිමයාමකිච්චන්ති.
තෙවැන්න අර්ත්ථොත්පත්තියෙහි කියනලදී. කවර අර්ත්ථොත්පත්තියකදීදයත්! අග්ගික්ඛවන්ධාපම සූත්‍රාන්ත අර්ත්ථොත්පත්තියෙහියි. භාග්‍යවතුන්වහන්සේ වනාහි එක් සමයෙක්හි සැවත්නුවර ඇසුරුකොට දෙව්රම් මහවෙහෙරෙහි වාසය කරනසේක. යම්කිසි තැනක වසන්නාවූ බුදුවරුන්ගේවනාහි පසු ආකාර කෘත්‍යයක් අත්නොහරින ලද්දේම පවතියි. පෙරබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුලු යම්කිසයයි බුදුකිස පසෙකි.
තත්රිදං පුරෙභත්තකිච්චං – භගවා හි පාතොව වුට්ඨාය උපට්ඨාකානුග්ගහත්ථං සරීරඵාසුකත්ථඤ්ච මුඛධොවනාදිසරීරපරිකම්මං කත්වා යාව භික්ඛාචාරවෙලා තාව විවිත්තාසනෙ වීතිනාමෙත්වා භික්ඛාචාරවෙලාය නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා චීවරං පාරුපිත්වා පත්තමාදාය කදාචි එකකොව, කදාචි භික්ඛුසඞ්ඝපරිවුතො ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති කදාචි පකතියා, කදාචි අනෙකෙහි පාටිහාරියෙහි වත්තමානෙහි. සෙය්යථිදං – පිණ්ඩාය පවිසතො ලොකනාථස්ස පුරතො පුරතො ගන්ත්වා මුදුගතවාතා පථවිං සොධෙන්ති, වලාහකා උදකඵුසිතානි මුඤ්චන්තා මග්ගෙ රෙණුං වූපසමෙත්වා උපරි විතානං හුත්වා තිට්ඨන්ති, අපරෙ වාතා පුප්ඵානි උපසංහරිත්වා මග්ගෙ ඔකිරන්ති, උන්නතා භූමිප්පදෙසා ඔනමන්ති, ඔනතා උන්නමන්ති, පාදනික්ඛෙපසමයෙ සමාව භූමි හොති, සුඛසම්ඵස්සානි පදුමපුප්ඵානි වා පාදෙ සම්පටිච්ඡන්ති. ඉන්දඛීලස්ස අන්තො ඨපිතමත්තෙ දක්ඛිණපාදෙ සරීරතො ඡබ්බණ්ණරස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසපිඤ්ජරානි විය චිත්රපටපරික්ඛිත්තානි විය ච පාසාදකූටාගාරාදීනි අලඞ්කරොන්තියො ඉතො චිතො ච ධාවන්ති, හත්ථිඅස්සවිහඞ්ගාදයො සකසකට්ඨානෙසු ඨිතායෙව මධුරෙනාකාරෙන සද්දං කරොන්ති, තථා භෙරිවීණාදීනි තූරියානි මනුස්සානඤ්ච කායූපගානි ආභරණානි. තෙන සඤ්ඤාණෙන මනුස්සා ජානන්ති “අජ්ජ භගවා ඉධ පිණ්ඩාය පවිට්ඨො”ති. තෙ සුනිවත්ථා සුපාරුතා ගන්ධපුප්ඵාදීනි ආදාය ඝරා නික්ඛමිත්වා අන්තරවීථිං පටිපජ්ජිත්වා භගවන්තං ගන්ධපුප්ඵාදීහි සක්කච්චං පූජෙත්වා වන්දිත්වා “අම්හාකං, භන්තෙ, දස භික්ඛූ, අම්හාකං වීසති, පඤ්ඤාසං…පෙ… සතං දෙථා”ති යාචිත්වා භගවතොපි පත්තං ගහෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා සක්කච්චං පිණ්ඩපාතෙන පටිමානෙන්ති. භගවා කතභත්තකිච්චො තෙසං උපනිස්සයචිත්තසන්තානානි ඔලොකෙත්වා තථා ධම්මං දෙසෙති, යථා කෙචි සරණගමනෙසු පතිට්ඨහන්ති, කෙචි පඤ්චසු සීලෙසු, කෙචි සොතාපත්තිසකදාගාමිඅනාගාමිඵලානං අඤ්ඤතරස්මිං, කෙචි පබ්බජිත්වා අග්ගඵලෙ අරහත්තෙති. එවං මහාජනං අනුග්ගහෙත්වා උට්ඨායාසනා විහාරං ගච්ඡති. තත්ථ ගන්ත්වා ගන්ධමණ්ඩලමාළෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදති භික්ඛූනං භත්තකිච්චපරියොසානං ආගමයමානො. තතො භික්ඛූනං භත්තකිච්චපරියොසානෙ උපට්ඨාකො භගවතො නිවෙදෙති. අථ භගවා ගන්ධකුටිං පවිසති. ඉදං තාව පුරෙභත්තකිච්චං.
එහි මේ පෙරබත් කිසයි: භාග්‍යවතුන්වහන්සේ වනාහි උදෑසනින්ම නැගිට, උපස්ථායකයන්ට අනුග්‍රහා සඳහාත් ශරීරපහසුව සඳහාත් මුව දෙවීම් ආදි සිරුර පිරිසුදු කිරීම්කොට පිඬුසිඟායන වේලාව දක්වා විවේකාසනයක කල් යවා පිඬු හැසිරෙන වේලෙහි හැඳ කාබහන (සිවුරැපටිය) බැඳ සිවුර පොරවා පාත්‍රය රැගෙන කිසිවිටෙක හුදෙකලාව කිසිවිටෙක බික්සඟන පිරිවරනලදුයේ ගමය හෝ නියම්ගමට පිඬුපිණිස පිවිසෙනසේක. ඇතැම්විටෙක ප්‍රකෘතියෙන්ද ඇතැම්විටෙක පවත්වනු ලබන්නාවූ නොයෙක් පෙළහරින්ද යුතුවයි. කෙසේදයත්? පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන්වහන්සේට පෙරටුව ගොස් මෙළෙක් ගති ඇති සුළඟ පොළොව පිරිසුදු කරයි. වලාකුළු දියබිඳු හෙළමින් මගෙහි දූවිලි සංසිඳුවා මත්තෙහි වියනක් වී සිටියි. අන් සුළඟක් මල් රැගෙනවුත් මඟෙහි විසුරුවයි. උස්වූ බිම්පෙදෙස් පහත්කරයි. පහත් බිම්පෙදෙස් උස්කරයි. පා තබන විට සමබිමක් වෙයි. සුවපහස් ඇති නෙළුම්මල් හෝ දෙපා පිළිගනියි. දකුණුපස ඉන්ද්රඛීලයෙන් (නුවරදොරටුව ඉදිරියේ ඇති ස්තම්භයෙන්) ඇතුළතට තැබූ කෙණෙහි සිරුරෙන් සවණක් රැස්නික්මී පහයකුළුගෙවල් ආදිය රන්රස කලබ් මෙන්ද සිතුවම්පටකින් වටකරනලද්දාක් මෙන්ද කරමින් ඔබිමොබ විසිරෙයි. ඇත්අස් කුරැළු ආදීහු තම තමන්ගේ තැන්වල සිටියාහුම මිහිරි අයුරින් හඬනංවත් බෙර වෙණ ආදී තූර්ය්යභාණ්ඩයෝද මිනිසුන්ගේ සිරුරුගත අබරණද එසේමය. ඒ දැනීමෙන් මිනිස්සු අද භාග්‍යවතුන්වහන්සේ පිඬු පිණිස පිවිසිසේක්යයි දනිති. ඔවුහු මනාව හැඳ මනාව පොරවා සුවද මල් ආදිය ගෙන ගෙවලින් නික්ම ඇතුල්වීදියට එළඹ භාග්‍යවතුන්වහන්සේ ගඳමල් ආදියෙන් මනාව පුදා වැඳ, ‘ස්වාමීනි, අපට භික්ෂූන් දසනමක්, අපට විසිනමක් අපට සියක් නමක් දෙනුමැනවැයි ඉල්වා භාග්යවතුන්වහන්සේගේද පාත්‍රය ගෙන අසුනක් පනවා සකසා පිණ්ඩපාතයෙන් ගෞරව දක්වති. භාග්‍යවතුන්වහන්සේ කරනලද බත්කිස ඇත්තාහු ඔවුන්ගේ සිත් බලා යම්සේ ඇතමෙක් සරණාගමනයෙහි පිහිටත්ද ඇතැමෙක් පන්සිල්හි පිහිටත් ද ඇතැමෙක් සෝවාන් සකෘදාගාමී, අනාගාමී ඵලයන්ගෙන් යමක පිහිටත්ද ඇතැමෙක් පැවිදිව අග්රඵලයවූ රහත්බවෙහි පිහිටත්ද එසේ දම් දෙසනසේක. මෙසේ මහජනයාට අනුග්‍රහකොට අසුනෙන් නැඟිට විහාරයට වඩිනසේක. එහි ගන්ධමණ්ඩලමාලයෙහි පනවනලද උතුම් බුද්ධාසනයෙහි භිකෂූන්ගේ බත්කිස නිමාව බලාපොරොත්තු වෙමින් වැඩහිඳනසේක. ඉක්බිති භික්ෂූන්ගේ බත්කිස අවසානයෙහි උපස්ථායකයෙක් භාග්‍යවතුන්වහන්සේට සැලකරයි. අනතුරුව භාග්‍යවතුන්වහන්සේ ගඳකිළියට පිවිසෙන සේක. මේ වනාහි පෙරබත් කිසයි.
අථ භගවා එවං කතපුරෙභත්තකිච්චො ගන්ධකුටියා උපට්ඨානෙ නිසීදිත්වා පාදෙ පක්ඛාලෙත්වා පාදපීඨෙ ඨත්වා භික්ඛුසඞ්ඝං ඔවදති – “භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මස්සවන”න්ති. තත්ථ කෙචි භගවන්තං කම්මට්ඨානං පුච්ඡන්ති. භගවා තෙසං චරියානුරූපං කම්මට්ඨානං දෙති. තතො සබ්බෙපි භගවන්තං වන්දිත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි ගච්ඡන්ති. කෙචි අරඤ්ඤං, කෙචි රුක්ඛමූලං, කෙචි පබ්බතාදීනං අඤ්ඤතරං, කෙචි චාතුමහාරාජිකභවනං…පෙ… කෙචි වසවත්තිභවනන්ති. තතො භගවා ගන්ධකුටිං පවිසිත්වා සචෙ ආකඞ්ඛති, දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො මුහුත්තං සීහසෙය්යං කප්පෙති. අථ සමස්සාසිතකායො උට්ඨහිත්වා දුතියභාගෙ ලොකං වොලොකෙති. තතියභාගෙ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති, තත්ථ මහාජනො පුරෙභත්තං දානං දත්වා පච්ඡාභත්තං සුනිවත්ථො සුපාරුතො ගන්ධපුප්ඵාදීනි ආදාය විහාරෙ සන්නිපතති. තතො භගවා සම්පත්තපරිසාය අනුරූපෙන පාටිහාරියෙන ගන්ත්වා ධම්මසභායං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසජ්ජ ධම්මං දෙසෙති කාලයුත්තං සමයයුත්තං, අථ කාලං විදිත්වා පරිසං උය්යොජෙති, මනුස්සා භගවන්තං වන්දිත්වා පක්කමන්ති. ඉදං පච්ඡාභත්තකිච්චං.
ඉක්බිති මෙසේ කරනලද පෙරබත්කිස ඇති භාග්‍යවතුන්වහන්සේ ගඳකිළි රැස්වීම්හලෙහි හිඳ පා දොවා පාපුටුවෙහි සිට, මහණෙනි නොපමාව (විමුක්තිය) සම්පාදනය කරවු. ලොව බුදුකෙනෙකුගේ උපත දුලබය. මිනිසත්බව ලැබීම දුලබය. ක්ෂණසම්පත්තිය දුලබය. පැවිද්ද දුලබය. දහම් ඇසීම දුලබයයි. බික්සඟනට අවවාද කරනසේක. එහි ඇතමෙක් භාග්‍යවතුන්වහන්සේගෙන් කමටහන් විමසති. භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ගේ චරිතයට ගැලපෙන සේ කමටහන් දෙනසේක. ඉක්බිති සියලු දෙනම භාග්‍යවතුන් වැඳ තමතමන්ගේ රාත්රිස්ථාන දිවාස්ථානයන්ට යති. කිසිවෙක් වනයටද කිසිවෙක් ගස්මුලටද කිසිවෙක් පර්වතාදියෙන් යමකටද කිසිවෙක් චාතුම්මහාරාජික දෙව් විමනටද -පො- කිසිවෙක් වසවත්ති දෙව්විමනටද යති. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ගඳකිළියට පිවිස ඉදින් කැමතිසේක් නම් දකුණු ඇලයෙන් සිහි ඇතිසේක් මනා දැනීම් ඇතිසේක් මොහොතක් සීහ සෙය්යාවෙන් සැතපෙනසේක. ඉක්බිති අස්වසනලද සිරැර ඇත්තෙ නැගිට දෙවෙනි භාගයෙහි ලොව බලාවදාරණසේක. තෙවෙනි භාගයෙහි යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වසනසේක්ද එහි ජනතාව පෙරබතෙහි දන්දී පසුබත් වේලෙහි මනාව හැඳ මනාව පොරවා සුවඳ මල් ආදිය ගෙන විහාරයට රැස්වේද ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ සැපත් පිරිසට සුදුසු පෙළහරින් ගොස් ධර්මසභාවෙහි පනවනලද උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ කාලයට ගැලපෙන්නාවූද සමයයට සුසුදුවූද ධර්මයක් දෙසනසේක. ඉක්බිති කල් දැන පිරිස පිටත් කරවනසේක. මිනිස්සු භාග්‍යවතුන්වහන්සේ වැඳ පිටත්ව යති. මේ පසුබත්කිසයි.
සො එවං නිට්ඨිතපච්ඡාභත්තකිච්චො සචෙ ගත්තානි ඔසිඤ්චිතුකාමො හොති, බුද්ධාසනා උට්ඨාය න්හානකොට්ඨකං පවිසිත්වා උපට්ඨාකෙන පටියාදිතඋදකෙන ගත්තානි උතුං ගණ්හාපෙති. උපට්ඨාකොපි බුද්ධාසනං ආනෙත්වා ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤපෙති. භගවා සුරත්තදුපට්ටං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා උත්තරාසඞ්ගං එකංසං කත්වා තත්ථ ආගන්ත්වා නිසීදති එකකොව මුහුත්තං පටිසල්ලීනො, අථ භික්ඛූ තතො තතො ආගම්ම භගවතො උපට්ඨානං ආගච්ඡන්ති. තත්ථ එකච්චෙ පඤ්හං පුච්ඡන්ති, එකච්චෙ කම්මට්ඨානං, එකච්චෙ ධම්මස්සවනං යාචන්ති. භගවා තෙසං අධිප්පායං සම්පාදෙන්තො පුරිමයාමං විතිනාමෙති. ඉදං පුරිමයාමකිච්චං.
මෙසේ නිමවන ලද පසුබත්කිස ඇති බුදුරජාණන්වහන්සේ ඉදින් සිරුර සිරුර දියසනහනු කැමැතිසේක් නම් බුද්ධාසනයෙන් නැඟිට නහන කොටුවට පිවිස උපස්ථායකයෙකු විසින් පිළියෙළ කරනලද දියෙන් සිරුර සෘතුගන්වන (සනහන) සේක. උපස්ථායකයාද බුද්ධාසනය ගෙනවුන් ගඳකිළි පිරිවෙණෙහි පනවයි. භාග්‍යයවතුන්වහන්සේ රත් දෙපට සිවුරක් හැඳ කාබහන (සිවුරපටිය) බැඳ උතුරුසළුව එකස්කොට එහි අවුත් හුදෙකලාව මොහොතක් විවේකයෙන් වැඩහිඳිනාසේක. ඉක්බිති භික්ෂූන්වහන්සේ ඒ ඒ තැනින් අවුත් භාග්‍යවතුන් සමීපයට යති. එහි ඇතැම්හු පැන පුළුවසති ඇතැම්හු කමටහන් විමසති. ඇතැම්හු දේශනයට ආරාධනා කරති. භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ගේ අරමුණු සපුරමින් පළමුයම ගතකරනසේක. මෙය පෙරයම්කිසයි.
පුරිමයාමකිච්චපරියොසානෙ පන භික්ඛූසු භගවන්තං වන්දිත්වා පක්කන්තෙසු සකලදසසහස්සිලොකධාතුදෙවතායො ඔකාසං ලභමානා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති යථාභිසඞ්ඛතං අන්තමසො චතුරක්ඛරම්පි. භගවා තාසං දෙවතානං පඤ්හං විස්සජ්ජෙන්තො මජ්ඣිමයාමං වීතිනාමෙති. ඉදං මජ්ඣිමයාමකිච්චං.
පෙරයම්කිස අවසන්හි භික්ෂුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ වැඳ ඉක්ම ගිය පසු සියලු දසදහසක් ලෝකධාතූන්හි දෙවිවරැ අවස්ථාව ලබන්නාහු භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ (තමන්) පිළියෙළ කරගන්නාලද පරිද්දෙන් යටත්පිරිසෙයින් අකුරුසතරක ප්රශ්නයකුදු අසති. භාග්‍යවතුන්වහන්සේ ඒ දෙවිවරුන්ගේ පැන විසඳනසේක් මැඳුම්යම ඉක්මවනසේක. මේ මැඳුම්යම්කිසයි.
පච්ඡිමයාමං පන තයො කොට්ඨාසෙ කත්වා පුරෙභත්තතො පට්ඨාය නිසජ්ජාපීළිතස්ස සරීරස්ස කිලාසුභාවමොචනත්ථං එකං කොට්ඨාසං චඞ්කමෙන වීතිනාමෙති, දුතියකොට්ඨාසෙ ගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො සීහසෙය්යං කප්පෙති. තතියකොට්ඨාසෙ පච්චුට්ඨාය නිසීදිත්වා පුරිමබුද්ධානං සන්තිකෙ දානසීලාදිවසෙන කතාධිකාරපුග්ගලදස්සනත්ථං බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙති. ඉදං පච්ඡිමයාමකිච්චං.
පැසුලුයම වනාහි තුන්කොටසක්කොට පෙරබතෙහි පටන් හිඳීමෙන් පෙළුණු සිරුරේ වෙහෙසකරබව නැතිකරනු සඳහා එක් කාලපරිච්චේදයක් සක්මනින් ගෙවනසේක. දෙවෙනි කාලපරිච්චේදයෙහි ගඳකිළියට පිවිස දකුණු ඇලයෙන් මනාසිහියෙන් මනා දැනුමෙන් සීහසෙය්යාව කරනසේක. තෙවෙනි කාලපරිච්චේදයෙහි යළි නැගිට හිඳ මුල්බුදුවරැන්ගේ සමීපයෙහි දානසීලාදිවශයෙන් කරනලද ප්‍රාර්‍ත්‍ථනා ඇති පුද්ගලයන් දැකීම සඳහා බුදුඇසින් ලොව බලා වදාරණසේක. මේ පැසුලුයම් කිසයි.
තම්පි දිවසං භගවා ඉමස්මිංයෙව කිච්චෙ ඨිතො ලොකං ඔලොකෙන්තො ඉදං අද්දස – මයා කොසලරට්ඨෙ චාරිකං චරන්තෙන අග්ගික්ඛන්ධෙන උපමෙත්වා එකස්මිං සුත්තෙ දෙසිතෙ සට්ඨි භික්ඛූ අරහත්තං පාපුණිස්සන්ති, සට්ඨිමත්තානං උණ්හං ලොහිතං මුඛතො උග්ගච්ඡිස්සති, සට්ඨිමත්තා ගිහිභාවං ගමිස්සන්ති. තත්ථ යෙ අරහත්තං පාපුණිස්සන්ති, තෙ යංකිඤ්චි ධම්මදෙසනං සුත්වා පාපුණිස්සන්තෙව. ඉතරෙසං පන භික්ඛූනං සඞ්ගහත්ථාය චාරිකං චරිතුකාමො හුත්වා, “ආනන්ද, භික්ඛූනං ආරොචෙහී”ති ආහ.
ඒ දිනයෙහිද භාග්‍යවතුන්වහන්සේ මෙම කිසෙහිම සිටිසේක් ලොව බලාවදාරමින් මෙය දුටුසේක: කොසොල් රටෙහි චාරිකාවෙහි හැසිරෙන මා ගිනිගොඩක් හා උපමා කොට එක් දහමක් දෙසූ කල්හි භික්ෂූන් සැටනමක් රහත්බවට පැමිණෙති. සැටක් පමණ භික්ෂූහු ගිහිබවට හැරෙති. එහි යමෙක් රහත්බවට පැමිණෙන්නහුද ඔවුහු කිසියම් දම්දෙසුමක් අසා පැමිණෙන්නාහුමය. සෙසු භික්ෂූන්වහන්සේට සංග්රහකරනු සඳහා චාරිකාවෙහි හැසිරෙනු කැමැතිසේක්වී ‘ආනන්දය, භික්ෂූන්ට සැලකරන්නැ’යි පැවසූ සේක.
ථෙරො අනුපරිවෙණං ගන්ත්වා, “ආවුසො, සත්ථා මහාජනස්ස සඞ්ගහත්ථාය චාරිකං චරිතුකාමො, ගන්තුකාමා ආගච්ඡථා”ති ආහ. භික්ඛූ මහාලාභං ලභිත්වා විය තුට්ඨමානසා “ලභිස්සාම වත මහාජනස්ස ධම්මං දෙසෙන්තස්ස භගවතො සුවණ්ණවණ්ණං සරීරං ඔලොකෙතුං මධුරඤ්ච ධම්මකථං සොතු”න්ති පරුළ්හකෙසා කෙසෙ ඔහාරෙත්වා මලග්ගහිතපත්තා පත්තෙ පචිත්වා කිලිට්ඨචීවරා චීවරානි ධොවිත්වා ගමනසජ්ජා අහෙසුං. සත්ථා අපරිච්ඡින්නෙන භික්ඛුසඞ්ඝෙන පරිවුතො කොසලරට්ඨං චාරිකාය නික්ඛන්තො ගාමනිගමපටිපාටියා එකදිවසං ගාවුතඅඩ්ඪයොජනතිගාවුතයොජනපරමං චාරිකං චරන්තො එකස්මිං පදෙසෙ මහන්තං සුසිරරුක්ඛං අග්ගිනා සම්පජ්ජලිතං දිස්වා “ඉමමෙව වත්ථුං කත්වා සත්තහි අඞ්ගෙහි පටිමණ්ඩෙත්වා ධම්මදෙසනං කථෙස්සාමී”ති ගමනං පච්ඡින්දිත්වා අඤ්ඤතරං රුක්ඛමූලං උපසඞ්කමිත්වා නිසජ්ජාකාරං දස්සෙසි. ආනන්දත්ථෙරො සත්ථු අධිප්පායං ඤත්වා “අද්ධා කාරණං භවිස්සති, න අකාරණෙන තථාගතා ගමනං පච්ඡින්දිත්වා නිසීදන්තී”ති චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. සත්ථා නිසීදිත්වා භික්ඛූ ආමන්තෙත්වා “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, අමුං මහන්තං අග්ගික්ඛන්ධ”න්ති අග්ගික්ඛන්ධොපමසුත්තන්තං (අ· නි· 7.72) දෙසෙති.
තෙරුන්වහන්සේ පිරිවෙනක් පාසාගොස් ‘ඇවැත්ති, ශාස්තෘන්වහන්සේ මහජනයාට සංග්‍රහ සඳහා චාරිකාවෙහි හැසිරෙනු කැමැතිසේක! යනු කැමැත්තෝ එනු මැනවැ’යි කීහ. භික්ෂූහු මහාලාභයක් ලැබ මෙන් සතුටු සිත් ඇත්තාහු මහජනයාට දම්දෙසන්නාවූ බුදුන්වහන්සේගේ රන්වන් සිරුර දැකීමටයද මිහිරි දම්දෙසුමක් අසන්නටද ලබන්නෙමුයයි වැඩුණුකෙස් ඇත්තෝ කෙස් බහා, මලගැනුණු පාත්‍ර ඇත්තෝ පාත්‍ර පුළුස්සා කිලිටි සිවුරැ ඇත්තෝ සිවුරැ සෝදා ගමනට සැරසුණෝවූහ. ශාස්තෘන්වහන්සේ නොපිරිසුන් බික්සඟනින් පිරිවරන ලද සේක් කොසොල් රටට චාරිකාවෙහි නික්මෙනසේක් ගම්නියම්ගම් පිළිවෙළින් දිනකට ගව්දෙගව්, තුන්ගව් යොදුනත් පරමකොට ඇති චාරිකාවෙහි හැසිරෙන්නාහු එක් පෙදෙසක මහත්වූ බෙණ ඇති රුකක් ගින්නෙන් දුදිලෙනු දැක මෙයම වස්තුකොට අංගතකින් යුක්තව දම්දෙසුමක් කරන්නෙමැයි ගමන නවත්වා එක්තරා රුක්මුලකට එළඹ වැඩහිඳිනා අයුරක් දැක්වූසේක. අනඳ තෙරුන්වහන්සේ හාස්තෘන්වහන්සේගේ අදහස දැන, ඒකාන්තයෙනම් කරුණක් වන්නේය. නිකරුණේහි තථාගතවරැ ගමන නවතා නොහිඳිතියි සිවුගුණයක්කොට සඟළ සිවුර පැනවූසේක. ශාස්තෘන්වහන්සේ හිඳ භික්ෂූන් අමතා මහණෙනි තොප මේ මහත්වූ ගිනි කඳ නොදුටුවහුදැ’යි අග්ගික්ඛන්ධාපම සූත්‍රාන්තය දෙසූසේක.
ඉමස්මිඤ්ච පන වෙය්යාකරණෙ භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි, සට්ඨිමත්තා භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිංසු, සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු. තඤ්හි වෙය්යාකරණං සුත්වා සට්ඨිමත්තානං භික්ඛූනං නාමකායො සන්තත්තො, නාමකායෙ සන්තත්තෙ කරජකායො සන්තත්තො, කරජකායෙ සන්තත්තෙ නිධානගතං උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි. සට්ඨිමත්තා භික්ඛූ “දුක්කරං වත බුද්ධසාසනෙ යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තා, සට්ඨිමත්තා භික්ඛූ සත්ථු දෙසනාභිමුඛං ඤාණං පෙසෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පත්තා.
මේ විවරණය දෙසනුලබනකල්හි සැටක් පමණ භික්ෂූන්ගේ සිත් අශ්රවයන්ගෙන් දැඩිකොට නොගෙන මිදුණේය. ඒ විවිරණයම අසා සැටක් පමණ භික්ෂූන්ගේ නාමකායය තැති ගත්තේය. නාමකාය තැති ගත් කල්හි කරජකාය (භෞතික-රූපකාය) තැති ගත්තේය. කරජකාය තැතිගත් කල්හි (ශරීර) නිධාන ගතවූ උණුලේ මුවින් නික්මුණේය. සැටක් පමණ භික්ෂූහු ‘භාග්‍යවතුන්වහන්ස දුෂ්කරය. භාග්‍යවතුන්වහන්ස, බෙහෙවින් දුෂ්කරය, බුදුසසුනෙහි දිව ඇතිතෙක් පිරිපුන් පිරිසුදු බඹසර හැසිරීමට’යයි ශික්ෂාප්රත්යඛ්යානය කොට ගිහි බවට පත්වූහ. සැටක් පමණ භික්ෂූහු ශාස්තෘන්වහන්සේගේ ධර්ම දෙශනාවට අභිමුඛව ඥානය මෙහෙයවා සිවුපිළිසිඹියා සමඟ රහත්බවලැබූහ.
තත්ථ යෙසං උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි, තෙ පාරාජිකං ආපජ්ජිංසු. යෙ ගිහිභාවං පත්තා, තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි මද්දන්තා විචරිංසු. යෙ අරහත්තං පත්තා, තෙ පරිසුද්ධසීලාව අහෙසුං. සත්ථු ධම්මදෙසනා ඉමෙසං තිණ්ණම්පි සඵලාව ජාතාති. අරහත්තං පත්තානං තාව සඵලා හොතු, ඉතරෙසං කථං සඵලා ජාතාති? තෙපි හි සචෙ ඉමං ධම්මදෙසනං න සුණෙය්යුං, පමත්තාව හුත්වා ඨානං ජහිතුං න සක්කුණෙය්යුං. තතො නෙසං තං පාපං වඩ්ඪමානං අපායෙසුයෙව සංසීදාපෙය්ය. ඉමං පන දෙසනං සුත්වා ජාතසංවෙගා ඨානං ජහිත්වා සාමණෙරභූමියං ඨිතා දස සීලානි පූරෙත්වා යොනිසො මනසිකාරෙ යුත්තප්පයුත්තා කෙචි සොතාපන්නා කෙචි සකදාගාමිනො කෙචි අනාගාමිනො අහෙසුං, කෙචි දෙවලොකෙ නිබ්බත්තිංසු, එවං පාරාජිකාපන්නානම්පි සඵලා අහොසි. ඉතරෙ පන සචෙ ඉමං ධම්මදෙසනං න සුණෙය්යුං, ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ අනුපුබ්බෙන සඞ්ඝාදිසෙසම්පි පාරාජිකම්පි පාපුණිත්වා අපායෙසුයෙව උප්පජ්ජිත්වා මහාදුක්ඛං අනුභවෙය්යුං. ඉමං පන දෙසනං සුත්වා “අහො සල්ලෙඛිතං බුද්ධසාසනං, න සක්කා අම්හෙහි යාවජීවං ඉමං පටිපත්තිං පූරෙතුං, සික්ඛං පච්චක්ඛාය උපාසකධම්මං පූරෙත්වා දුක්ඛා මුච්චිස්සාමා”ති ගිහිභාවං උපගමිංසු. තෙ තීසු සරණෙසු පතිට්ඨාය පඤ්ච සීලානි රක්ඛිත්වා උපාසකධම්මං පූරෙත්වා කෙචි සොතාපන්නා කෙචි සකදාගාමිනො කෙචි අනාගාමිනො ජාතා, කෙචි දෙවලොකෙ නිබ්බත්තාති. එවං තෙසම්පි සඵලාව අහොසි.
එහි යමෙකුගේ මුවින් උණුලේ නික්මුණේද ඔවුහු පරිජි ඇවතට පැමිණියාහු වූහ. යමෙක් ගිහිබවට පැමිණියාහුද ඔවුහු කුඩා අණුකුඩා සිත සික පද මඬිමින් හැසුරැණාහු වූහ. යමෙක් රහත් බවට පැමිණියාහුද ඔවුහු පිරිසුදු සිල් ඇත්තෝමවූහ. ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය මේ තුන් කොටසටම සඵලවූයේමවිය. රහත්බවට පැමිණියවුනට සඵලවූබව සැබවි. සෙසු අයට කෙසේ සඵලවූයේද? ඉදින් ඔවුහුද මේ ධර්ම දේශනය නොඇසුවාහු නම් පමා වූවන්ට ස්ථානය අත්හරින්නට නොහැකිවන්නාහුය. එහෙයින් ඔවුන්ගේ එම පාපාය වැඩෙමින් අපායයන්හිම ගිල්වන්නේය. මේ ධර්මදේශනය අසා හටගත් සංවේග ඇත්තෝ (පැවති තම තත්වය) ස්ථානය අතහැර සාමණේරභූමියේ සිටියාහු දසසිල් පුරා නුවණින් මෙනෙහිකිරීමෙහි නියුතුවූවාහු ඇතැම්හු සෝවාන්වූවාහු ඇතැම්හු සකෘදාගාමීවූවාහු ඇතැම්හු අනාගාමීවූවාහුය. ඇතැම්හු දෙව්ලොව උපන්හ. මෙසේ පරිජිවූවන්ටද සඵලවිය. සෙස්සෝ මේ ධර්මදේශනය නොඇසුවාහු නම් කල්යත්ම සඟවෙසෙසටද පරිජියටද එළඹෙන්නාහුය. මේ දෙසුම අසා ‘අහෝ බුදුසසුන බෙහෙවින් සියුම්ය. අපවිසින් මේ පිළිවෙත දිවි ඇතිතෙක් සපිරීමට නොහැකිය. ශික්ෂා ප්රත්යාඛ්යානයකොට උවසුදම් පුරා දුකින් මිදෙමුයයි ගිහීබවට එළඹුණාහුය. ඔවුහු තෙසරණෙහි පිහිටා පන්සිල් රැක උවසුදම් පුරන්නාහු ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමීවූවාහුය. ඇතැම්හු අනාගාමීවූවාහුය. ඇතැම්හු දෙව්ලොව උපන්නාහුය. මෙසේ ඔවුනටද සඵලම වූයේය.
ඉමං පන සත්ථු ධම්මදෙසනං සුත්වා දෙවසඞ්ඝා යෙහිපි සුතා, යෙහිපි න සුතා, සබ්බෙසංයෙව ආරොචෙන්තා විචරිංසු. භික්ඛූ සුත්වා සුත්වා “දුක්කරං, භො, බුද්ධානං සාසනෙ යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති එකක්ඛණෙනෙව දසපි භික්ඛූ වීසතිපි සට්ඨිපි සතම්පි සහස්සම්පි භික්ඛූ ගිහී හොන්ති. සත්ථා යථාරුචියා චාරිකං චරිත්වා පුන ජෙතවනමෙව ආගන්ත්වා භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවෙ, තථාගතො චාරිකං චරමානො චිරං ආකිණ්ණො විහාසි, ඉච්ඡාමහං, භික්ඛවෙ, අඩ්ඪමාසං පටිසල්ලීයිතුං, නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. අඩ්ඪමාසං එකීභාවෙන වීතිනාමෙත්වා පටිසල්ලානා වුට්ඨිතො ආනන්දත්ථෙරෙන සද්ධිං විහාරචාරිකං චරමානො ඔලොකිතොලොකිතට්ඨානෙ තනුභූතං භික්ඛුසඞ්ඝං දිස්වා ජානන්තොයෙව ථෙරං පුච්ඡි – “ආනන්ද, අඤ්ඤස්මිං කාලෙ තථාගතෙ චාරිකං චරිත්වා ජෙතවනං ආගතෙ සකලවිහාරො කාසාවපජ්ජොතො ඉසිවාතප්පටිවාතො හොති, ඉදානි පන තනුභූතො භික්ඛුසඞ්ඝො දිස්සති, යෙභුය්යෙන ච උප්පණ්ඩුපණ්ඩුකජාතා භික්ඛූ, කිං නු ඛො එත”න්ති? එතරහි භගවා තුම්හාකං අග්ගික්ඛන්ධොපමධම්මදෙසනං කථිතකාලතො පට්ඨාය භික්ඛූ සංවෙගප්පත්තා හුත්වා “මයං එතං ධම්මං සබ්බප්පකාරෙන පරිපූරෙතුං න සක්ඛිස්සාම, අසම්මාවත්තන්තානඤ්ච ජනස්ස සද්ධාදෙය්යං පරිභුඤ්ජිතුං අයුත්ත”න්ති ගිහිභාවං සඞ්කමන්තීති.
ශාස්තෘන්වහන්සේගේ මේ ධර්මදේශනය අසා දේවසමූහයා යමකුත් විසින් අසනලදද යමකුත් විසින් නොඅසනලදද සියල්ලන්ටම සැලකරමින්ම හැසිරුණාහුය. භක්ෂුහු අස අසා භවත්නි, බුදුසසුනෙහි දිවිඇති තෙක් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරීමට දුෂ්කරයයි එකෙණෙහිම භික්ෂූන් දසදෙනක් විසිදෙනෙක් සැටදෙනෙක් සිය දෙනෙක් දහස්දෙනෙක් ගිහිවෙත්, ශාස්තෘන්වහන්සේ කැමැති පරිද්දෙන් සැරිසරා යළි දෙව්රමටම අවුත් භික්ෂූන් අමතා ‘මහණෙනි, තථාගතතෙමේ චාරිකාවෙහි හැසිරෙමින් බොහෝ කලක් ගනසංගනිකායෙහි (බොහෝ දෙනාගෙන් ගැවසීගන්නා ලදුව) විසීය. මහණෙනි, මම අඩමසක් විවේක ගැනීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙන එන්නකු හැර අන් කිසිවකු විසිනුදු නොඑළඹිය යුත්තේ වෙමි’යි වදාළසේක. අඩමසක් හුදෙකලාවෙන් කල්යවා විවේකයෙන් නැගීසිටිසේක් අනඳ තෙරුන් සමඟ විහාරචාරිකාවෙහි හැසිරෙන්නේ බැලූ බැලූ තන්හි තුනීවූ (අඩුවූ) භික්ෂූ සංඝයා දැක (කරුණු) දන්නේම, ‘ආනන්දය, අන් කල්හි තථාගතයන් චාරිකාවෙහි හැසිර දෙව්රමට ආකල්හි සියලු විහාරය කසාවතින් බබළන්නේ බික්සඟන පැහැස හමන සුළඟින් පරිපුන්වූයේ වෙයි. දැන් වනාහි තුනීවීගිය බික්සඟන දක්නට ලැබේ. භික්ෂුහුද බෙහෙවින් සුදුමැලි වූවාහුය. මේ කිමෙක්දැයි තෙරුන් විමසූසේක. ‘භාග්යවතුන්වහන්වන්ස, ඔබවහන්සේ අග්ගික්ඛන්ධොපම ධර්මදේශනාව දෙසනලද කාලයේ සිට භික්ෂූහු සංවේගයට පැමිණියාහු වී ඇති මේ ධර්මය සර්වප්රකාරයෙන් පුරන්නට නොහැක්කෝවෙමු. නොමනාව පවතින්නවුන්ට ජනයාගේ සැදැහැයෙන් දෙන දේ පරිභෝග කරන්නට නොසුදුසුයයි ගිහිබවට හැරෙතැයි තෙරුන්වහන්සේ පැවසූසේක.
තස්මිං ඛණෙ භගවතො ධම්මසංවෙගො උප්පජ්ජි. තතො ථෙරං ආහ – “මයි පටිසල්ලානෙ වීතිනාමෙන්තෙ න කොචි මම පුත්තානං එකං අස්සාසට්ඨානං කථෙසි. සාගරස්ස හි ඔතරණතිත්ථානි විය බහූනි ඉමස්මිං සාසනෙ අස්සාසකාරණානි. ගච්ඡානන්ද, ගන්ධකුටිපරිවෙණෙ බුද්ධාසනං පඤ්ඤාපෙත්වා භික්ඛුසඞ්ඝං සන්නිපාතෙහී”ති. ථෙරො තථා අකාසි. සත්ථා බුද්ධාසනවරගතො භික්ඛූ ආමන්තෙත්වා, “භික්ඛවෙ, මෙත්තාය සබ්බපුබ්බභාගො නාම නෙව අප්පනා, න උපචාරො, සත්තානං හිතඵරණමත්තමෙවා”ති වත්වා ඉමිස්සා අට්ඨුප්පත්තියා ඉමං චූළච්ඡරාසඞ්ඝාතසුත්තං දෙසෙසි.
එකෙණෙහි භාග්‍යවතුන් වහන්සේට ධර්මසංවේගය පහළවිය. එහෙයින් තෙරුන්වහන්සේට, ‘මා විවේකයෙන් වසන කල්හි කිසිවක් මගේ පුතුන්ට එක් අස්වැසිලිහේතුවකුදු නොකීවේද? සයුරට බස්නා තොටුපලවල් මෙන් මේ සසුනෙහි අස්වැසීමට කරුණු බොහෝවෙයි. ආනන්දය, යන්න. ගඳකිළි පිරිවෙණෙහි බුද්ධාසනය පනවා භික්ෂුසංඝයා,රැස්කරවන්නැයි පැවසූසේක. තෙරහු එසේ කළහ. ශාස්තෘන්වහන්සේ උතුම් බුද්ධාසනගතවූ සේක් භික්ෂූන් අමතා, ‘මහණෙනි, මෛත්‍රියේ සියල්ලෙන් මුල් කොටස නම් අර්පණාව (ධ්‍යානය) ද නොව, උපචාරයද නොව සත්වයන්ට හිතවත්භාවය පැතිරීම පමණි’යි වදාරා මේ අර්ත්ථොත්පත්තියෙහි මේ චුල්ලච්ඡරාසංඝාත සූත්‍රය දෙසූසේක.
තත්ථ අච්ඡරාසඞ්ඝාතමත්තන්ති අච්ඡරාපහරණමත්තං, ද්වෙ අඞ්ගුලියො පහරිත්වා සද්දකරණමත්තන්ති අත්ථො. මෙත්තාචිත්තන්ති සබ්බසත්තානං හිතඵරණචිත්තං. ආසෙවතීති කථං ආසෙවති? ආවජ්ජෙන්තො ආසෙවති, ජානන්තො ආසෙවති, පස්සන්තො ආසෙවති, පච්චවෙක්ඛන්තො ආසෙවති, චිත්තං අධිට්ඨහන්තො ආසෙවති, සද්ධාය අධිමුච්චන්තො ආසෙවති, වීරියං පග්ගණ්හන්තො ආසෙවති, සතිං උපට්ඨාපෙන්තො ආසෙවති, චිත්තං සමාදහන්තො ආසෙවති, පඤ්ඤාය පජානන්තො ආසෙවති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො ආසෙවති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො ආසෙවති, පහාතබ්බං පජහන්තො ආසෙවති, භාවෙතබ්බං භාවෙන්තො ආසෙවති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො ආසෙවතීති (පටි· ම· 2.2). ඉධ පන මෙත්තාපුබ්බභාගෙන හිතඵරණප්පවත්තනමත්තෙනෙව ආසෙවතීති වෙදිතබ්බො.
එහි අච්ඡරාසංඝාතමත්තං යනු අසුරුගසක පමණකි. ඇඟිලි දෙක ගටා හඬනඟන පමණකි. යන අර්‍ත්‍ථයි. මෙත්තං චිත්තං යනු සියලු සතුන්ට හිතවත්බව පතුරුවන සිතයි. ආසෙවති යනු කෙසේ ඇසුරුකරයිද යත්? මෙනෙහි කරමින් ඇසුරුකරයි. දනිමින් ඇසුරුකරයි. දකිමින් ඇසුරුකරයි. ප්රත්යවේක්ෂා කරමින් ඇසුරුකරයි. සැදැහැයෙන් තහවුරැ ලෙස පිහිටමින් ඇසුරුකරයි. වීර්‍ය්‍යය දැඩිකොට ගනිමින් ඇසුරුකරයි. සිහිය පිහිටුවමින් ඇසුරුකරයි. සිත එක්තැන් කරමින් ඇසුරුකරයි. නුවණින් දනිමින් ඇසුරුකරයි. මනාව දතයුතුදේ මනාව දනිමින් ඇසුරුකරයි. විශේෂයෙන් දතයුතුදෙය විශේෂයෙන් දනිමින් ඇසුරුකරයි. අත්හළයුතුදැය අත්හරිමින් ඇසුරුකරයි. වැඩියයුතුදැය වඩමින් ඇසුරුකරයි. මෙහි වනාහි මෛත්‍රියෙහි පෙර කොටසින් හිතවත්බව පැතිරීම පවත්වන පමණින්ම ඇසුරුකරතියි දතයුතුය.
අරිත්තජ්ඣානොති අතුච්ඡජ්ඣානො අපරිච්චත්තජ්ඣානො වා. විහරතීති ඉරියති පවත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතීති. ඉමිනා පදෙන මෙත්තං ආසෙවන්තස්ස භික්ඛුනො ඉරියාපථවිහාරො කථිතො. සත්ථුසාසනකරොති සත්ථු අනුසාසනිකරො. ඔවාදපතිකරොති ඔවාදකාරකො. එත්ථ ච සකිංවචනං ඔවාදො, පුනප්පුනවචනං අනුසාසනී. සම්මුඛාවචනම්පි ඔවාදො, පෙසෙත්වා පරම්මුඛාවචනං, අනුසාසනී. ඔතිණ්ණෙ වත්ථුස්මිං වචනං ඔවාදො, ඔතිණ්ණෙ වා අනොතිණ්ණෙ වා වත්ථුස්මිං තන්තිඨපනවසෙන වචනං අනුසාසනී. එවං විසෙසො වෙදිතබ්බො. පරමත්ථතො පන ඔවාදොති වා අනුසාසනීති වා එසෙ එකෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ තඤ්ඤෙවාති. එත්ථ ච “අච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ, භික්ඛවෙ, භික්ඛු මෙත්තාචිත්තං ආසෙවතී”ති ඉදමෙව සත්ථුසාසනඤ්චෙව ඔවාදො ච, තස්ස කරණතො එස සාසනකරො ඔවාදපතිකරොති වෙදිතබ්බො.
‘අරිත්තජක්ධානෙ’ යනු නොසිස්ධ්යාන ඇත්තේ හෝ අත් නොහරිනලද ධ්‍යාන ඇත්තේහෝයි විහරති යනු ඉරියව් පවත්වයි. පවතියි. රකියි, යැපෙයි, ජීවත්වෙයි. හැසිරෙයි. වාසය කරයි. එහෙයින් වාසය කරයි (විහරති)යි කියනුලැබේ. මේ පදයෙන් මෛත්‍රිය ඇසුරු කරන භික්ෂුවගේ ඉරියව් පැවැත්වීම කියනලදී. සත්ථුසාසනකරො යනු ශාස්තෘන්වහන්සේගේ අනුශාසනාව කරන්නාවූයි, ඔවාදපතිකරො යනු අවවාදය පිළිගෙන කරන්නාවූ, මෙහිද වරක්කීම අවවාදයයි. නැවත නැවත කීම අනුශාසනයයි. ඉදිරියෙහි කීමද අවවාදයයි. යවා අනභිමුඛයේ කීම අනුශාසනයයි. බැසගත් (දැඩිවගත්) වස්තුවෙහි පෙළ (බුද්ධවචනය) තැබීම් වශයෙන් කීම අනුශාසනයයි. මෙසේ වෙසෙස දතයුතුයි. පරමාර්‍ත්‍ථ වශයෙන් වනාහි අවවාදය හෝ අනුශාසනය හෝ යනු මෙය එකෙක; එක් අර්ත්ථයක: සමානයෙහි සමභාගයෙහි එයින්ම හටගත්තෙහි එහිමවේ යනුයි. මෙහිද, ‘අච්ඡරාසංඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති’ (මහණෙනි, ඉදින් භික්ෂුව අසුරුසණක් ගසන පමණක් මෛත්‍රීසහගත සිත ඇසුරු කෙරේද) යන මෙයම ශාස්තෘන්වහන්සේගේ අනුශාසනය මෙන්ම අවවාදයදවේ. ඒ කාරණයෙන් මෙතෙම අනුශාසනය (අනුගමනය) කරන්නෙකි, අවවාදය පිළිපදින්නෙකියි දතයුතුයි.
අමොඝන්ති අතුච්ඡං. රට්ඨපිණ්ඩන්ති ඤාතිපරිවට්ටං පහාය රට්ඨං නිස්සාය පබ්බජිතෙන පරෙසං ගෙහතො පටිලද්ධත්තා පිණ්ඩපාතො රට්ඨපිණ්ඩො නාම වුච්චති. පරිභුඤ්ජතීති චත්තාරො පරිභොගා ථෙය්යපරිභොගො ඉණපරිභොගො දායජ්ජපරිභොගො සාමිපරිභොගොති. තත්ථ දුස්සීලස්ස පරිභොගො ථෙය්යපරිභොගො නාම. සීලවතො අපච්චවෙක්ඛිතපරිභොගො ඉණපරිභොගො නාම. සත්තන්නං සෙක්ඛානං පරිභොගො දායජ්ජපරිභොගා නාම. ඛීණාසවස්ස පරිභොගො සාමිපරිභොගො නාම. තත්ථ ඉමස්ස භික්ඛුනො අයං රට්ඨපිණ්ඩපරිභොගො ද්වීහි කාරණෙහි අමොඝො හොති. අච්ඡරාසඞ්ඝාතමත්තම්පි මෙත්තාචිත්තං ආසෙවන්තො භික්ඛු රට්ඨපිණ්ඩස්ස සාමිකො හුත්වා, අණණො හුත්වා, දායාදො හුත්වා පරිභුඤ්ජතීතිපිස්ස අමොඝො රට්ඨපිණ්ඩපරිභොගො. අච්ඡරාසඞ්ඝාතමත්තම්පි මෙත්තං ආසෙවන්තස්ස භික්ඛුනො දින්නදානං මහට්ඨියං හොති මහප්ඵලං මහානිසංසං මහාජුතිකං මහාවිප්ඵාරන්තිපිස්ස අමොඝො රට්ඨපිණ්ඩපරිභොගො. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති යෙ පන ඉමං මෙත්තාචිත්තං බහුලං ආසෙවන්ති භාවෙන්ති පුනප්පුනං කරොන්ති, තෙ අමොඝං රට්ඨපිණ්ඩං පරිභුඤ්ජන්තීති එත්ථ වත්තබ්බමෙව කිං? එවරූපා හි භික්ඛූ රට්ඨපිණ්ඩස්ස සාමිනො අණණා දායාදා හුත්වා පරිභුඤ්ජන්තීති.
අමොඝං යනු නොසිස්ය. රට්ඨපිණ්ඩං යනු නෑ පිරිස හැර රට (වැසියන්) නිසා පැවිදිවූවහු විසින් අනුන්ගේ ගෙවලින් ලබනලදබැවින් පිණ්ඩපාතය රටඨපිණ්ඩයයි කියනුලැබේ. ‘පරිභූඤජති’ යනු ථෙය්‍යපරිභොගය, ඉණපරිභෝගය, දායජ්ජපරිභෝගය, සාමිපරිභෝගය සතර පරිභෝගයකි. එහි දුසිල් තැනැත්තාගේ පරිභෝගය ථෙය්‍ය (සොර) පරිභෝගය නමි. සිල්වතාගේ ප්රත්යවේක්ෂා නොකොට කරන පරිභෝගය දායජ්ජපරිභෝගය නමි. ක්ෂිණාශ්රවයන්ගේ පරිභෝගය සාමිපරිභෝගය නමි. එහි මේ භික්ෂුවගේ මේ රට්ඨපිණ්ඩපරිභෝගය කරුණු දෙකකින් නොසිස් වෙයි. අසුරුසණක් ගසන කාලයක් මෙත්සිත ඇසුරුකරන භික්ෂුවට දෙනලද දානය බෙහෙවින් අර්ත්ථවත් වෙයි. මහත්ඵලවෙයි. මහානිසංස ඇත්තේවෙයි. බැබලීම ඇත්තේ වෙයි. මහත් ප්රචලිතවීමක් ඇත්තේ වේනුයිද මොහුගේ රට්ඨපිණ්ඩ පරිභොගය නොසිස්ය. කො පන වාදො යෙ නං බහූලීකරොතති යනු යමෙක් වනාහි මේ මෙත් සිත බහුලව ඇසුරැ කෙරෙත්ද වඩාත්ද යළියළිත් කරත්ද ඔවුහු නොසිස්වූ රට්ඨපිණ්ඩය පරිභෝග කරතියි කිම මෙහි කිවයුත්තක් ඇත්තේමද? මෙබඳුවූ භික්ෂුහු රට්ඨපිණ්ඩයට හිමිකරුවෝ ණයනැත්තෝ උරුම ඇත්තෝවී පරිභෝග කරති.
චතුත්ථෙ භාවෙතීති උප්පාදෙති වඩ්ඪෙති. පඤ්චමෙ මනසි කරොතීති මනස්මිං කරොති. සෙසං ඉමෙසු ද්වීසුපි තතියෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. යො හි ආසෙවති, අයමෙව භාවෙති, අයං මනසි කරොති. යෙන චිත්තෙන ආසෙවති, තෙනෙව භාවෙති, තෙන මනසි කරොති. සම්මාසම්බුද්ධො පන යාය ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා දෙසනාවිලාසප්පත්තො නාම හොති, තස්සා සුප්පටිවිද්ධත්තා අත්තනො දෙසනාවිලාසං ධම්මිස්සරියතං පටිසම්භිදාපභෙදකුසලතං අප්පටිහතසබ්බඤ්ඤුතඤ්ඤාණඤ්ච නිස්සාය එකක්ඛණෙ උප්පන්නං එකචිත්තමෙව තීහි කොට්ඨාසෙහි විභජිත්වා දස්සෙසීති.
සිවුවැන්නෙහි භාවෙති යනු උපදවයි, වඩයි පස්වැන්නෙහි මනසිකරෙති යනු මෙනෙහි කරයි. මේ දෙකෙහිද සෙස්ස තෙවැන්නෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. යමෙක් ඇසුරුකරයිද මෙතෙමේම වඩයි. මෙතෙමේ මෙනෙහි කරයි. යම්සිතකින් ඇසුරු කරයිද එයින්ම වඩයි. එයින් මෙනෙහි කරයි. සම්මා සම්බුදුරජාණන්වහන්සේ වනාහි යම් ධර්මධාතුවක් මනාව වටහාගන්නාලද බැවින් දේශනාවිලාසයෙන් යුක්ත වූවෝ නම්වූසේක. ඒ ධර්මධාතුව මනාව අවබෝධකරන ලද බැවින් තමන්වහන්සේගේ දේශනා විලාසයත් ධර්මයේ අධිපතිභාවයත් ප්රතිසම්හිදා ප්රභේදයන්හි දක්ෂතාවත් නොවැළැක්විය හැකි සර්වඥතාඥානයත් නිසා එකෙණෙහි උපන් එකම සිත වුවද තෙකොටසකට බෙදා දක්වූසේක.
ඡට්ඨෙ යෙ කෙචීති අනියාමිතවචනං. අකුසලාති තෙසං නියාමිතවචනං. එත්තාවතා සබ්බාකුසලා අසෙසතො පරියාදින්නා හොන්ති. අකුසලභාගියා අකුසලපක්ඛිකාති අකුසලානමෙවෙතං නාමං. අකුසලායෙව හි එකච්චෙ අකුසලං සහජාතවසෙන, එකච්චෙ උපනිස්සයවසෙන භජන්ති චෙව, තෙසඤ්ච පක්ඛා භවන්තීති “අකුසලභාගියා අකුසලපක්ඛිකා”ති වුච්චන්ති. සබ්බෙතෙ මනොපුබ්බඞ්ගමාති මනො පුබ්බං පඨමතරං ගච්ඡති එතෙසන්ති මනොපුබ්බඞ්ගමා. එතෙ හි කිඤ්චාපි මනෙන සද්ධිං එකුප්පාදා එකවත්ථුකා එකනිරොධා එකාරම්මණා ච හොන්ති. යස්මා පන තෙසං මනො උප්පාදකො කාරකො ජනකො සමුට්ඨාපකො නිබ්බත්තකො, තස්මා මනොපුබ්බඞ්ගමා නාම හොන්ති.
සවැන්නෙහි යෙ කෙචි යනු අනියත බව ප්‍රකාශ කෙරෙන වචනයයි. අකුසලා යනු ඔවුන්ගේ නියම වචනයයි. පමපමණකින් සියලු අකුසල් නොඉතිරිව හාත්පසින්ම ගන්නාලද්දේවෙයි. අකුසලභාගියා අකුසලපක්ඛිකා යනු අකුසලයන්ටම මේ නමකි. ඇතැම් අකුසලයෝ වනාහි අකුසලයක් එකට හටගැනීම් වශයෙන්ද ඇතමෙක් උපනිශ්‍රය වශයෙන්ද ඇසුරුකරත් එමෙන්ම අකුශලයන්ටම පක්ෂ වෙති. එහෙයින් අකුසලභාගිය අකුසලපක්ඛිකයයි කියනුලැබෙත්. සබේබ තේ යනු මොවුන්ට මනස පෙරටුව, පළමුවම යේනුයි මනෝපුබ්බඞ්ගම නමි. මොවුහු වැළිදු මනස සමඟ එකට උපදින්නාහු එකම වස්තුව ගන්නාහු එකට නිරුද්ධවන්නාහු එකම අරමුණ ගන්නාහුද වෙත්, යම් හෙයකින් වනාහි ඔවුන්ට මනස උපදවන්නා, කරන්නා, හටගන්වන්නා, මතුකරන්නා, උපතදෙන්නා වේද එහෙයින් මනොපුබ්බඞ්ගම නම්වෙයි.
පඨමං උප්පජ්ජතීති යථා නාම “රාජා නික්ඛන්තො”ති වුත්තෙ “රාජායෙව නික්ඛන්තො, සෙසා රාජසෙනා නික්ඛන්තා අනික්ඛන්තා”ති පුච්ඡිතබ්බකාරණං නත්ථි, සබ්බා නික්ඛන්තාතෙව පඤ්ඤායන්ති, එවමෙව මනො උප්පන්නොති වුත්තකාලතො පට්ඨාය අවසෙසා සහජාතසංසට්ඨසම්පයුත්තා උප්පන්නා න උප්පන්නාති පුච්ඡිතබ්බකාරණං නත්ථි, සබ්බෙ තෙ උප්පන්නා ත්වෙව පඤ්ඤායන්ති. එතමත්ථවසං පටිච්ච තෙහි සංසට්ඨසම්පයුත්තො එකුප්පාදෙකනිරොධොපි සමානො මනො තෙසං ධම්මානං පඨමං උප්පජ්ජතීති වුත්තො. අන්වදෙවාති අනුදෙව, සහෙව එකතොයෙවාති අත්ථො. බ්යඤ්ජනච්ඡායං පන ගහෙත්වා පඨමං චිත්තං උප්පජ්ජති, පච්ඡා චෙතසිකාති න ගහෙතබ්බං. අත්ථො හි පටිසරණං, න බ්යඤ්ජනං. “මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා”ති ගාථායපි එසෙව නයො.
පඨමං උප්පජ්ජති යනු යම්සේ නම් රජු නික්මුණේයයි කියනලද කල්හි සෙසු රාජසේනව නික්මුණේද නොනික්මුණේදැයි විමසියයුතු කරුණක් නොවේ. සියලු සේනාව නික්මුණේයයි පැනේ. එසේම මනස උපන්නේයයි කියනලද අවස්ථාවෙහි සිට ඉතිරි එකටහටගත් එකට මුසුවූ එකට එක්වූ දෙය උපන්නේද නූපන්නේදැයි විමසිය යුතු කරුණක් නැත. සියල්ල උපන්නේයයි පැනේ මේ කාරණාය නිසා ඔවුන් සමඟ මුසුව එක්ව එකට උපදින්නේ එකට නිරුද්ධවන්නේම මනස ඒ ධර්මයන්ට පළමුව උපදීයයි කියනු ලැබේ. අන්වදෙව යනු සහගතව සමගම එක්වම යන අර්‍ත්‍ථයි. බ්යංජනච්ඡායාව ගෙන පළමුව සිත උපදී. පසුව චෛතසිකයෝයි නොගතයුතුයි. අර්ත්ථයම පිළිසරණයි. බ්‍යංජනය නොවෙයි. ‘මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා’ යන ගාථාවෙහිද මේ ක්‍රමයමයි.
සත්තමෙ කුසලාති චතුභූමකාපි කුසලා ධම්මා කථිතා. සෙසං ඡට්ඨෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
සත්වැන්නෙහි කුසලා යනු චතුභූමිකවූ කුශලධර්‍මයෝ කියනලද්දාහ. සෙස්ස සවැන්නෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
අට්ඨමෙ යථයිදං, භික්ඛවෙ, පමාදොති එත්ථ, භික්ඛවෙති ආලපනං, යථා අයං පමාදොති අත්ථො. පමාදොති පමජ්ජනාකාරො. වුත්තඤ්හෙතං –
අටවැන්නෙහි, යථයිදං භික්ඛවෙ පමාදො යන මෙහි භික්ඛවෙ යනු ඇමතීමයි. මේ ප්‍රමාදය යම්සේද යනාර්‍ත්‍ථයි. පමාදො යනු ප්‍රමාදවන ආකාරයයි. මෙය කියන ලද්දෙමය:
“තත්ථ කතමො පමාදො? කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනධිට්ඨානං අනනුයොගො අනාසෙවනා අභාවනා අබහුලීකම්මං. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො”ති (විභ· 846).
තත්ථ කතමො පමාදො කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සගේගා වොස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා නිකඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනධිට්ඨානං අනනූයොගා අනාසෙවනා අභාවනා අබහූලීකම්මං යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිත්තතං අයං වුච්චති පමාදො’(එහි ප්‍රමාදය කවරේදයත්? කායයදුශ්චරිතයෙහි හෝ වාග් දුශ්චරිතයෙහි හෝ මනො දුශ්චරිතයෙහි හෝ පඤචකාමගුණයන්හි හෝ සිතේ අත්හැරීම අත්හැරීමට (ඉඩ) දීම, කුශලධර්‍මයන්ගේ හෝ වැඩීමට නොමනාව කටයුතුකරන බව, දැඩිවනොපිහිටීම, නොයෙදීම, ඇසුරැනොකිරීම නොවැඩීම, යළියළිත් නොකිරීම යම් මෙබඳුවූ ප්‍රමාදය ලතවීම, ලතවනබවක් වේද එය ප්‍රමාදයයි කියනුලැබේ)
උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති ඉදං ඣානවිපස්සනානං වසෙන වුත්තං. මග්ගඵලානං පන සකිං උප්පන්නානං පුන පරිහානං නාම නත්ථි.
උප්පන්නාච කුසලාධම්මා පරිභායන්ති යන මෙය ධ්යානවිදර්ශනා වශයෙන් කියනලදී. වරක් උපන්නාවූ මාර්ගඵලයන්ගේ නැවත පිරිහීමක් නම් නැත.
නවමෙ අප්පමාදො පමාදස්ස පටිපක්ඛවසෙන විත්ථාරතො වෙදිතබ්බො.
නවවැන්නෙහි අප්පමාදො යනු ප්‍රමාදයට ප්රතිපක්ෂ වශයෙන් විස්තර සහිත දතයුතුය.
දසමෙ කොසජ්ජන්ති කුසීතභාවො. සෙසං වුත්තනයමෙවාති.
දසවැන්නෙහි කොසජ්ජං යනු කුසීතභාවයය. ඉතිරිය කියනලද ක්‍රමය ඇත්තේමයි.
අච්ඡරාසඞ්ඝාතවග්ගවණ්ණනා.
සවෙනි වර්ගයයි.