සූකවග්ගො අට්ඨකථා
සූකවග්ගො
ශුක වර්ගය
පඤ්චමස්ස පඨමෙ සෙය්යථාපීති ඔපම්මත්ථෙ නිපාතො. තත්ර භගවා කත්ථචි අත්ථෙන උපමං පරිවාරෙත්වා දස්සෙති වත්ථසුත්තෙ (ම· නි· 1.70 ආදයො) විය, පාරිච්ඡත්තකොපම- (අ· නි· 7.69) අග්ගික්ඛන්ධොපමාදිසුත්තෙසු (අ· නි· 7.72) විය ච, කත්ථචි උපමාය අත්ථං පරිවාරෙත්වා දස්සෙති ලොණම්බිලසුත්තෙ (අ· නි· 3.101) විය, සුවණ්ණකාරසුත්තසූරියොපමාදිසුත්තෙසු (අ· නි· 7.66) විය ච. ඉමස්මිං පන සාලිසූකොපමෙ උපමාය අත්ථං පරිවාරෙත්වා දස්සෙන්තො සෙය්යථාපි, භික්ඛවෙතිආදිමාහ. තත්ථ සාලිසූකන්ති සාලිඵලස්ස සූකං.
පස්වෙනි වර්ගයේ පළමුවැන්නෙහි සෙය්යථාපි යනු උපමාර්ත්ථයෙහි නිපාතයකි. එහි භාග්‍යවතුන්වහන්සේගේ කිසිතැනක අර්ත්ථයෙන් උපමාව පිරිවරා දක්වති. වත්ථ සූත්‍රයෙහි මෙනි. පාරිච්ඡත්තකොපම අග්ගික්ඛවන්ඛාපම සූත්‍රයන්හිද මෙනි. කිසිතැනක උපමාවෙන් අර්ත්ථය පිරිවරා දක්වති. ලොණම්බිල සූත්‍රයෙහි මෙනි. සුවණ්ණාකාර සුරියොපමාදී සූත්‍රයන්හිද මෙනි. මේ සාලිකොපම සූත්‍රයෙහි වනාහි උපමාවෙන් අර්ත්ථය පිරිවරා දක්වන සේක් ‘සෙය්යථාපි භික්ඛවෙ’ ආදිය කීහ. එහි සාලිසූකං යනු හැල් ඵලයේ නණ්ඩුවයි.
යවසූකෙපි එසෙව නයො. වා-සද්දො විකප්පත්ථො. මිච්ඡාපණිහිතන්ති මිච්ඡාඨපිතං. යථා විජ්ඣිතුං සක්කොති, න එවං උද්ධග්ගං කත්වා ඨපිතන්ති අත්ථො. භෙච්ඡතීති භින්දිස්සති, ඡවිං ඡින්දිස්සතීති අත්ථො. මිච්ඡාපණිහිතෙන චිත්තෙනාති මිච්ඡාඨපිතෙන චිත්තෙන. වට්ටවසෙන උප්පන්නචිත්තං සන්ධායෙතං වුත්තං. අවිජ්ජන්ති අට්ඨසු ඨානෙසු අඤ්ඤාණභූතං ඝනබහලං මහාඅවිජ්ජං. විජ්ජං උප්පාදෙස්සතීති එත්ථ විජ්ජන්ති අරහත්තමග්ගඤාණං. නිබ්බානන්ති තණ්හාවානතො නික්ඛන්තභාවෙන එවං වුත්තං අමතං. සච්ඡිකරිස්සතීති පච්චක්ඛං කරිස්සති.
යවසූක යන්නෙහිද මේ ක්‍රමයමැයි. වා ශබ්දය විකල්පාර්ත්ථ ඇත්තෙයි. මිච්ඡාපණිහිතං යනු වැරදිලෙස තබනලද්දයි. යම්සේ විදීමට හැකි වේද එසේ අගඋඩට හරවා නොතබන ලද්දෙයි අර්‍ත්‍ථයි. භෙජ්ජති යනු බිඳින්නෙයි. සිවිය සිඳින්නේයි අර්‍ත්‍ථයි. මිච්ඡාපණිහිතෙන චිතේතන යනු වැරදි ලෙස වට්ට ලෙස තබනලද සිතෙනුයි. වට්ටවශයෙන් උපන් සිත සඳහා මෙය කියනලදී. අවිජ්ජං යනු අටතැනෙක්හි නොදැනීමවූ ඝනබහුලවූ මහා අවිද්‍යාවයි. විජ්ජං උප්පාදෙස්සති යන මෙහි විජ්ජා යනු අර්භත්මාර්ගඥානයයි. නිබ්බානං යනු තෘෂ්ණා සංඛ්‍යාත වානයෙන් නික්මුණුබවින් මෙසේ කියනලද අමතපදයයි. සච්ජිකරිස්සති ප්රත්යක්ෂ කරන්නේය.
දුතියෙ සම්මාපණිහිතන්ති යථා භින්දිතුං සක්කොති, එවං උද්ධග්ගං කත්වා සුට්ඨු ඨපිතං. අක්කන්තන්ති එත්ථ පාදෙනෙව අක්කන්තං නාම හොති, හත්ථෙන උප්පීළිතං. රුළ්හිසද්දවසෙන පන අක්කන්තන්තෙව වුත්තං. අයඤ්හෙත්ථ අරියවොහාරො. කස්මා පන අඤ්ඤෙ සෙපණ්ණිකණ්ටකමදනකණ්ටකාදයො මහන්තෙ අග්ගහෙත්වා සුඛුමං දුබ්බලං සාලිසූකයවසූකමෙව ගහිතන්ති? අප්පමත්තකස්සාපි කුසලකම්මස්ස විවට්ටාය සමත්ථභාවදස්සනත්ථං. යථා හි සුඛුමං දුබ්බලං සාලිසූකං වා යවසූකං වා හොතු, මහන්තමහන්තා සෙපණ්ණිකණ්ටකමදනකණ්ටකාදයො වා, එතෙසු යංකිඤ්චි මිච්ඡා ඨපිතං හත්ථං වා පාදං වා භින්දිතුං ලොහිතං වා උප්පාදෙතුං න සක්කොති, සම්මා ඨපිතං පන සක්කොති, එවමෙව අප්පමත්තකං තිණමුට්ඨි මත්තදානකුසලං වා හොතු, මහන්තං වෙලාමදානාදිකුසලං වා, සචෙ වට්ටසම්පත්තිං පත්ථෙත්වා වට්ටසන්නිස්සිතවසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ටමෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං. “ඉදං මෙ දානං ආසවක්ඛයාවහං හොතූ”ති එවං පන විවට්ටං පත්ථෙන්තෙන විවට්ටවසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධිඤාණම්පි සබ්බඤ්ඤුතඤාණම්පි දාතුං සක්කොතියෙව. වුත්තඤ්හෙතං –
දෙවැන්නෙහි සම්මාපණිහිතං යනු යම්සේ බිඳීමට හැකිවේද එසේ අග උඩට තබා මනා කොට තබන ලද්දේයි. අක්කන්තං යනු මෙහි පයින්ම මඬනාලද්දේ නම් වෙයි. අතින් පෙළනාලද්දේයි. රූඪි ශබ්දවශයෙන් වනාහි ‘අක්කන්තං’ යන්නම කියනලදී. මෙය වනාහි මෙහි ආර්ය්යව්යවහාරයයි. කුමක්හෙයින්න් වෙනත් ඇත්දෙමට කටු මදනකටු ආදි මහත් දෙය නොගෙන සියුම් දුබල හැල්නණ්ඩු යවනණ්ඩුම ගන්නා ලද්දේද? අල්පමාත්රවූද කුශලකර්‍මයාගේ විවර්තය ලෝකෝත්තරත්වය) ට සමත්බව දැක්වීම සඳහායි. යම්සේ සියුම් දුබල හැල් නණ්ඩුව හෝ යවනණ්ඩුව හෝ වේවා! මහත්මහත් ඇත්දෙමට කටු කුකුරුමුවන් කටු ආදිය හෝ වේවා! මේවා අතුරෙහි වැරදි ලෙස තබනලද යමක් අත හෝ පය හෝ බිඳින්නට, ලේ හෝ සොලවන්නට නොහැකි වෙයිද මනාව තබන ලද්දට හැකිවේද ඉතාසුළු කොළමිටක් පමණදානමය කුශලයක් හෝ වේවා! මහත් වූ වෙලාමදානාදී කුශලයක් හෝ වේවා! ඉදින් වර්තසම්පත්තිය පතා වර්තසන්නිශ්රිත වශයෙන් වැරදිලෙස තබනලද්දේ වේද? වර්තයම ගෙනදීමට හැකිවෙයි. විවර්තය නොවේ. මේ මාගේ දානය ආශ්රවක්ෂය (අර්හත්වය) ගෙන දෙන්නේ වේවායි මෙසේ විවර්තය පතන්නහු විසින් විවර්‍තවශයෙන් තබන ලද්ද රහත් බවද පසේබුදු නුවණද සම්මා සම්බුදු නුවණද දීමට සමත් වන්නේමය. එහෙයින් කියනලදී:
“පටිසම්භිදා විමොක්ඛා ච, යා ච සාවකපාරමී; පච්චෙකබොධි බුද්ධභූමි, සබ්බමෙතෙන ලබ්භතී”ති. (ඛු· පා· 8.15);
‘ශ්‍රාවක පරමිතාව යම්තාක්ද එතෙක් පිළිසිඹියාවන්ද විමොක්‍ෂයන්ද (ලබා දෙනු පමණක් නොව) ප්රත්යෙකබෝධියද බුද්ධභූමියද යන සියල්ල මෙයින් ලැබේ.’
ඉමස්මිං සුත්තද්වයෙ ච වට්ටවිවට්ටං කථිතං.
මේ සූත්‍ර දෙක්හි වර්තවිවර්තය කියනලදී.
තතියෙ පදුට්ඨචිත්තන්ති දොසෙන පදුට්ඨචිත්තං. චෙතසා චෙතොපරිච්චාති අත්තනො චිත්තෙන තස්ස චිත්තං පරිච්ඡින්දිත්වා. යථාභතං නික්ඛිත්තොති යථා ආහරිත්වා ඨපිතො. එවං නිරයෙති එවං නිරයෙ ඨිතොයෙවාති වත්තබ්බො. අපායන්තිආදි සබ්බං නිරයවෙවචනමෙව.
තෙවැන්නෙහි පදුට්ඨචිත්තං යනු දේවෂයෙන් පුදූෂ්යවූ සිතයි. චෙතසා චෙතො පරිච්ච යනු තමාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ යනුයි. යථාභතං නිකඛිතේතා යනු යම්සේ ගෙනවුත් තබන ලද්දේයි. එවං නිරයෙ යනු මෙසේ නිරයෙහි සිටියේමයයි දැක්විය යුතුය. අපායං යනාදී සියල්ල නිරයට නම්ම වේ.
නිරයො හි අයසඞ්ඛාතා සුඛා අපෙතොති අපායො, දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති, දුක්කටකාරිනො එත්ථ විවසා නිපතන්තීති විනිපාතො, නිරස්සාදත්ථෙන නිරයො.
නිරය වනාහි අය සංඛ්‍යාතවූ සැපතින් ඉවත් වූයේයි අපායො නමි. දුකට පිහිට පිළිසරණ යන්නෙන් දුග්ගති නම් වේ. පව්කරන්නෝ මෙහි වහා වැටෙති යන අර්ත්ථයෙන් විනිපාතො නමි. ආස්වාද රහිත බැවින් නිරයො නමි.
චතුත්ථෙ පසන්නන්ති සද්ධාපසාදෙන පසන්නං. සුගතින්ති සුඛස්ස ගතිං. සග්ගං ලොකන්ති රූපාදිසම්පත්තීහි සුට්ඨු අග්ගං ලොකං.
සිවුවැන්නෙහි පසන්නං යනු ශ්‍රද්ධා ප්‍රසාදයෙන් පැහැදුණේයි. සුගතිං යනු සැපයේ පැවැත්ම හෙවත් උත්පත්තිස්ථානයයි. සග්ගං ලොකං යනු රූපාදී සම්පත්තීන්ගෙන් මනාව අග්‍රවූ ලොවයි.
පඤ්චමෙ උදකරහදොති උදකදහො. ආවිලොති අවිප්පසන්නො. ලුළිතොති අපරිසණ්ඨිතො. කලලීභූතොති කද්දමීභූතො. සිප්පිසම්බුකන්තිආදීසු සිප්පියො ච සම්බුකා ච සිප්පිසම්බුකං. සක්ඛරා ච කඨලානි ච සක්ඛරකඨලං. මච්ඡානං ගුම්බං ඝටාති මච්ඡගුම්බං. චරන්තම්පි තිට්ඨන්තම්පීති එත්ථ සක්ඛරකඨලං තිට්ඨතියෙව, ඉතරානි චරන්තිපි තිට්ඨන්තිපි. යථා පන අන්තරන්තරා ඨිතාසුපි නිසින්නාසුපි නිපජ්ජමානාසුපි “එතා ගාවියො චරන්තී”ති චරන්තියො උපාදාය ඉතරාපි “චරන්තී”ති වුච්චන්ති, එවං තිට්ඨන්තමෙව සක්ඛරකඨලං උපාදාය ඉතරම්පි ද්වයං “තිට්ඨන්ත”න්ති වුත්තං, ඉතරං ද්වයං චරන්තං උපාදාය සක්ඛරකඨලම්පි “චරන්ත”න්ති වුත්තං.
පසවැන්නෙහි ‘උදකරහදො’ යනු දියවිලයි. ආවිලො යනු නොපැහැදුණේයි. ලුළිතො යනු කැලඹුණේයි. කල්ලීභූතො යනු මඩවූයේයි. සිප්පිසම්බුකං යන ආදියෙහි සිප්පිබෙල්ලෝද හක්බෙල්ලෝද සිප්පිසම්බුකනම්වේ. ගල්ද කැබලිතිද සක්ඛරකඨලං නමි. මතස්‍යයන්ගේ රංචුව, ගොඩ යනු මචඡගුම්බං නම් වේ. චරන්තම්පි තිට්ඨන්තිපි යන මෙහි ගල් කැබැලිති සිටීමය. සෙසුදේ හැසිරෙන්නේද සිටින්නේද වේ. යම්සේ වනාහි අතරතුරෙහි සිටියාවූද හුන්නාවූද වැදහොත්තාවූද ගවයන් අතුරෙහි මේ ගවයෝ හැසිරෙතියි හැසිරෙන්නවුන් මුල්කොට ගෙන සෙස්සෝද හැසිරෙතියි කියත්ද මෙසේ සිටින්නාවූම ගල් කැබැලිති ඇසුරුකොට සෙසු දෙකද සිටිතැයිකියනලදී. හැසිරෙන සෙසු දෙක ඇසුරුකොට ගල් කැබලිතිද හැසිරෙතැයිකියනලදී.
ආවිලෙනාති පඤ්චහි නීවරණෙහි පරියොනද්ධෙන. අත්තත්ථං වාතිආදීසු අත්තනො දිට්ඨධම්මිකො ලොකියලොකුත්තරමිස්සකො අත්ථො අත්තත්ථො නාම. අත්තනොව සම්පරායෙ ලොකියලොකුත්තරමිස්සකො අත්ථො පරත්ථො නාම හොති. සො හි පරත්ථ අත්ථොති පරත්ථො. තදුභයං උභයත්ථො නාම. අපිච අත්තනො දිට්ඨධම්මිකසම්පරායිකොපි ලොකියලොකුත්තරො අත්ථො අත්තත්ථො නාම, පරස්ස තාදිසොව අත්ථො පරත්ථො නාම, තදුභයම්පි උභයත්ථො නාම. උත්තරිං වා මනුස්සධම්මාති දසකුසලකම්මපථසඞ්ඛාතා මනුස්සධම්මා උත්තරිං. අයඤ්හි දසවිධො ධම්මො විනාපි අඤ්ඤං සමාදාපකං සත්ථන්තරකප්පාවසානෙ ජාතසංවෙගෙහි මනුස්සෙහි සයමෙව සමාදින්නත්තා මනුස්සධම්මොති වුච්චති, තතො උත්තරිං පන ඣානවිපස්සනාමග්ගඵලානි වෙදිතබ්බානි. අලමරියඤාණදස්සනවිසෙසන්ති අරියානං යුත්තං, අරියභාවං වා කාතුං සමත්ථං ඤාණදස්සනසඞ්ඛාතං විසෙසං. ඤාණමෙව හි ජානනට්ඨෙන ඤාණං, දස්සනට්ඨෙන දස්සනන්ති වෙදිතබ්බං, දිබ්බචක්ඛුඤාණවිපස්සනාඤාණමග්ගඤාණඵලඤාණපච්චවෙක්ඛණඤාණානමෙතං අධිවචනං.
ආවිලෙන යනු නීවරණ පසින් ගැවසීගත් යනුයි. අත්තත්ථං යනාදියෙහි තමාගේ ඉහාත්මයෙහිවූ ලෞකික ලෝකෝත්තර මිශ්රිතවූ අර්ත්ථය (හිතවැඩ) අත්තත්ථ නම්වෙයි. එයද අනෙකා කෙරෙහි වූ අර්ත්ථයයි පරත්ථ නම්වේ. ඒ දෙකම උභයාර්‍ත්‍ථය නමි. උත්තරිං වා මනුස්සධම්මා දශකුශලකර්මපථ සංඛ්‍යාත මනුෂ්යධර්මයන්ගෙන් මත්තෙහියි. මේ දශවිධ ධර්මය වනාහි පිළිගන්නාවූ අන් දෙයක් නැතිවද අවිඅතුරුකප අවසන්හි හටගත් සංවේග ඇත මිනිසුන් විසින් තමන් විසින්ම පිළිගන්නා ලද හෙයින් මනුෂ්යධර්මයයි කියනුලැබේ. එයින් මත්තෙහි ධ්‍යාන විදර්ශනා මාර්ගඵල දතයුතුය. අලමරියඤණ්දස්සන විසෙසං යනු ආර්‍ය්‍යයන්ට යෝග්‍ය වූ හෝ ආර්‍ය්‍යභාවය ඇති කරන්නට සමත් වූ හෝ ඥානදර්ශන සංඛ්‍යාත විශේෂයයි. ඥානයම දැනීම් අර්ත්ථයෙන් ඤණං යනුයි. දැකීම් අර්ත්ථයෙන් දස්සනයයි දතයුතුයි. දිබ්බචක්ඛුඤාණ, මග්ගඤාණ, ඵලඤාණ පච්චචෙක්ඛන ඤාණයන්ට මෙය නමකි.
ඡට්ඨෙ අච්ඡොති අබහලො, පසන්නොතිපි වට්ටති. විප්පසන්නොති සුට්ඨු පසන්නො. අනාවිලොති න ආවිලො, පරිසුද්ධොති අත්ථො, ඵෙණපුබ්බුළසඞ්ඛසෙවාලපණකවිරහිතොති වුත්තං හොති. අනාවිලෙනාති පඤ්චනීවරණවිමුත්තෙන. සෙසං චතුත්ථෙ වුත්තනයමෙව. ඉමස්මිම්පි සුත්තද්වයෙ වට්ටවිවට්ටමෙව කථිතං.
සවැන්නෙහි, අචේඡා යනු ඝන නොවූයි. පැහැදුනේ යනුද වටී. විප්පසනේනා යනු මනාව පැහැදුණේයි. අනාවිලො යනු නොකැළඹුණේයි. පිරිසුදුවූ යන අර්‍ත්‍ථයි. පෙණ බුබුළු සක් සෙවල, කුඩාපැලෑටි (ආදිය) රහිත වූයේයි කියනලද්දේවෙයි. අනාවිලෙන යනු පංචනීවරණයන්ගෙන් යුක්ත නොවූ යනුයි. සෙස්ස සිවුවැන්නෙහි කියනලද ක්‍රමය ඇත්තේයි. මේ සූත්‍ර දෙකෙහිද වර්‍තවිවර්‍තයම කියනලදී.
සත්තමෙ රුක්ඛජාතානන්ති පච්චත්තෙ සාමිවචනං, රුක්ඛජාතානීති අත්ථො. රුක්ඛානමෙතං අධිවචනං. යදිදන්ති නිපාතමත්තං. මුදුතායාති මුදුභාවෙන. කොචි හි රුක්ඛො වණ්ණෙන අග්ගො හොති, කොචි ගන්ධෙන, කොචි රසෙන, කොචි ථද්ධතාය. ඵන්දනො පන මුදුතාය චෙව කම්මඤ්ඤතාය ච අග්ගො සෙට්ඨොති දස්සෙති. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතන්ති එත්ථ සමථවිපස්සනාවසෙන භාවිතඤ්චෙව පුනප්පුනකතඤ්ච චිත්තං අධිප්පෙතං. කුරුන්දකවාසි ඵුස්සමිත්තත්ථෙරො පනාහ – “එකන්තං මුදු චෙව කම්මනියඤ්ච චිත්තං නාම අභිඤ්ඤාපාදකචතුත්ථජ්ඣානචිත්තමෙව, ආවුසො”ති.
සත්වැන්නෙහි, රුක්ඛජාතානං යනු ප්‍රථමා විභක්ති (කර්තෘ) අර්‍ත්‍ථයෙහි සම්බන්ධ විභක්තිවචනයි. වෘක්ෂ ජාතීහු යන අර්‍ත්‍ථයි. ගස්වලටම මෙය නමකි. යදිදං යනු නිපාතමාත්රයෙකි. මුදුතාය යනු මෘදු බවිනි. කිසියම් ගසක් පැහැයෙන් අග්‍රවෙයි. ඇතැම්ගසක් සුවඳින්, ඇතැම් ගසක් රසයෙන්, ඇතැම් ගසක් තදබවින් අග්‍රවෙයි. චන්දන වෘක්ෂය වනාහි මෘදුබවින්ද කර්මයට යෝග්යබවින්ද අග්‍රය, ශ්‍රෙෂ්ඨයයි දක්වයි. චිත්තං භික්ඛවෙ භාවිතං බහූලීකතං යන මෙහි සමථවිදර්ශනාවශයෙන් වඩනලද්දාවූද යළියළිත් වඩනලද්දාවූද සිත අදහස් කරනලදී. කුරැන්දකවාසි ඵුස්සමිත්ත ස්ථවිරයන් වහන්සේ, ඇවැත්නි ඒකාන්ත මෘදුබව හා කර්මණ්යබව නම් අභිඥාපාදක චතුර්ථධ්යාන සිතමයයි කීහ.
අට්ඨමෙ එවං ලහුපරිවත්තන්ති එවං ලහුං උප්පජ්ජිත්වා ලහුං නිරුජ්ඣනකං. යාවඤ්චාති අධිමත්තපමාණත්ථෙ නිපාතො, අතිවිය න සුකරාති අත්ථො. ඉදන්ති නිපාතමත්තං. චිත්තන්ති එකච්චෙ තාව ආචරියා “භවඞ්ගචිත්ත”න්ති වදන්ති, තං පන පටික්ඛිපිත්වා “ඉධ චිත්තන්ති යංකිඤ්චි අන්තමසො චක්ඛුවිඤ්ඤාණම්පි අධිප්පෙතමෙවා”ති වුත්තං. ඉමස්මිං පනත්ථෙ මිලින්දරාජා ධම්මකථිකං නාගසෙනත්ථෙරං පුච්ඡි, “භන්තෙ නාගසෙන, එකස්මිං අච්ඡරාක්ඛණෙ පවත්තිතචිත්තසඞ්ඛාරා සචෙ රූපිනො අස්සු, කීව මහාරාසි භවෙය්යා”ති? “වාහසතානං ඛො, මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්බණානි ද්වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්තිතස්ස චිත්තස්ස සඞ්ඛම්පි න උපෙන්ති, කලම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්තී”ති (මි· ප· 4.1.2). අථ කස්මා සම්මාසම්බුද්ධෙන “උපමාපි න සුකරා”ති වුත්තං? යථෙව හි උපමං පටික්ඛිපිත්වාපි කප්පදීඝභාවස්ස යොජනිකපබ්බතෙන යොජනිකසාසපපුණ්ණනගරෙන, නිරයදුක්ඛස්ස සත්තිසතාහතොපමෙන, සග්ගසුඛස්ස ච චක්කවත්තිසම්පත්තියා උපමා කතා, එවමිධාපි කාතබ්බාති? තත්ථ “සක්කා පන, භන්තෙ, උපමා කාතු”න්ති එවං පුච්ඡාවසෙන උපමා කතා, ඉමස්මිං සුත්තෙ පුච්ඡාය අභාවෙන න කතා. ඉදඤ්හි සුත්තං ධම්මදෙසනාපරියොසානෙ වුත්තං. ඉති ඉමස්මිං සුත්තෙ චිත්තරාසි නාම කථිතොති.
අටවැන්නෙහි, එවං ලහුපරිවත්තං යනු මෙසේ ඉක්මණින් ඉපිද ඉක්මණින් නිරුද්ධවන්නාවූයි. යාවඤ්ච යනු විශාලාඅර්ත්ථයෙහි නිපතයෙකි. අතිශයින්ම පහසුනොවේ. යන අර්‍ත්‍ථයි. ඉදං යනු නිපාතමාත්රයෙකි. චිත්තං යනු ඇතැම් ආචාර්ය්ය කෙනෙක් වනාහි භවංගසිතයයි කියත්. එය ප්රතික්ෂෙප කොට මෙහි චිත්තං යනු යටත්පිරිසෙයින් යම්කිසි චක්ෂූර්විඥානයකුදු අදහස් කරනලද්දෙමයයි කියනලදී. මේ අර්‍ත්‍ථයෙහි වනාහි මිලිඳුරජතුමා, ‘ස්වාමිනි, නාගසේන, එක් අසුරුසණෙක පැවතුණු චිත්ත සංස්කාරයේ රූපවත් වෙත් නම් ඒවා කොපමණ මහ ගොඩක් වන්නේද’යි ධර්මකථික නාගසේන ස්ථවිරයන්ගෙන් විමසීය. තෙරණුවෝ මහරජ, යාල් සියයක් වීවල අඩසුළක් යාල් ද අමුණු සතක් හා ලාස් දෙකක් වී එක් අසුරුසණෙක පැවැතුණු සිතක සංඛ්‍යාවටද නොඑළඹෙයි. කලාවකට (සොළසින් කොටසකට) ද නොඑළඹේයයි (පිළිතුරු දුන්හ) ඉඳින් කුමක් නිසා බුදුරජාණන්වහන්සේ විසින් උපමාවක් පහසු නොවේයයි කියනලද්දේ? යම්සේ නම් උපමාව ප්රතික්ෂෙපකොටද කල්පයක දීර්‍ඝභාවයට යෝජනික පර්වතයෙන්ද යොදුනක් අබඇට පිරුණු නගරයෙන් නිරය දුක්ඛයාගේද අවිසියයක් ගැටෙන උපමාවෙන් ස්වර්ගසුඛයේද චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියේද උපමාව කරනලද්දේ නම් එසේ මෙහිද කළයුත්තේය. එහි ‘ස්වාමීනි උපමාවක් කිරීමට හැකිදැ’යි මෙසේ ඇසීම්වශයෙන් උපමාව කරන ලදී. මේ සූත්‍රයෙහි විමසීමක් නොමැති බැවින් නොකරනලදී. මේ සූත්‍රය වනාහි ධර්‍මදේශනාවගේ කෙළවර ප්රකාශකරනලදී. මෙසේ මේ සූත්‍රයෙහි චිත්තරාසි කියනලද්දේවෙයි.
නවමෙ පභස්සරන්ති පණ්ඩරං පරිසුද්ධං. චිත්තන්ති භවඞ්ගචිත්තං. කිං පන චිත්තස්ස වණ්ණො නාම අත්ථීති? නත්ථි. නීලාදීනඤ්හි අඤ්ඤතරවණ්ණං වා හොතු අවණ්ණං වා යංකිඤ්චි පරිසුද්ධතාය “පභස්සර”න්ති වුච්චති. ඉදම්පි නිරුපක්කිලෙසතාය පරිසුද්ධන්ති පභස්සරං. තඤ්ච ඛොති තං භවඞ්ගචිත්තං. ආගන්තුකෙහීති අසහජාතෙහි පච්ඡා ජවනක්ඛණෙ උප්පජ්ජනකෙහි. උපක්කිලෙසෙහීති රාගාදීහි උපක්කිලිට්ඨත්තා උපක්කිලිට්ඨං නාමාති වුච්චති. කථං? යථා හි සීලවන්තා ආචාරසම්පන්නා මාතාපිතරො වා ආචරියුපජ්ඣායා වා දුස්සීලානං දුරාචාරානං අවත්තසම්පන්නානං පුත්තානඤ්චෙව අන්තෙවාසිකසද්ධිවිහාරිකානඤ්ච වසෙන “අත්තනො පුත්තෙ වා අන්තෙවාසිකසද්ධිවිහාරිකෙ වා න තජ්ජෙන්ති න සික්ඛාපෙන්ති න ඔවදන්ති නානුසාසන්තී”ති අවණ්ණං අකිත්තිං ලභන්ති, එවංසම්පදමිදං වෙදිතබ්බං. ආචාරසම්පන්නා මාතාපිතරො විය ච ආචරියුපජ්ඣායා විය ච භවඞ්ගචිත්තං දට්ඨබ්බං, පුත්තාදීනං වසෙන තෙසං අකිත්තිලාභො විය ජවනක්ඛණෙ රජ්ජනදුස්සනමුය්හනසභාවානං ලොභසහගතාදීනං චිත්තානං වසෙන උප්පන්නෙහි ආගන්තුකෙහි උපක්කිලෙසෙහි පකතිපරිසුද්ධම්පි භවඞ්ගචිත්තං උපක්කිලිට්ඨං නාම හොතීති.
නවවැන්නෙහි පභස්සරං යනු සුදුවූ පිරිසුදුවූ යනුයි. චිත්තං යනු භවංග සිතයි. කිමෙක්ද, සිතට පැහැයක් නම් ඇත්ද? නැත. නිල් ආදිය අතුරෙන් කිසියම් වර්ණයක් හෝ අවර්ණයක් හෝ වේවා! (එය) පිරිසුදුබවින් ප්රභාස්වරයයි කියනු ලැබේ. මෙයද උපක්ලෙෂ රහිතබැවින් පිරිසුදු වූයේයි ප්‍රභාස්වරයි. තඤ්ච ඛො යනු ඒ භවඞ්ග සිතයි. ආගන්තුකෙහි යනු එකට නූපන්, පසුව ජවනක්ෂණයෙහි උපදින දෙයින් යනුයි. උපක්කිලෙසෙහි යනු රාගාදියෙනුයි. උපක්කිලිට්ඨං යනු කිළිටිවූ නමැයි කියනුලැබේ. කෙසේ යත්? සිල්වත් මනාහැසීරීම් ඇති මවුපියෝ හෝ ආචාර්ය්ය උපාධ්‍යායවරු දුසිල්වූ දුරාචාර ඇති මනා පැවැතුම් නැති පුතුන්ගේද ඇතැවැසියන්ගේද වශයෙන් තමන්ගේ පුතුන්ට හෝ අන්තවාසික සද්ධිවිහාරිකයන්ට හෝ තර්ජනය නොකරත්ද, නොහික්මවත්ද, අවවාද නොදෙත්ද අනුශාසනා නොකරත්ද, ඒ හේතුවෙන් නුගුණ අපකීර්තිය ලබත්. එසේ මෙය එම තත්වය ඇත්තෙයි දතයුතය. මනා හැසිරීම් ඇති මවුපියන් මෙන්ද ආචාර්ය්ය උපාධ්‍යායවරුන් මෙන්ද භවංගසිත දැක්විය යුතුයි. පුතුන් ආදීන්ගේ වශයෙන් ඔවුන්ගේ අපකීර්තිලාභය මෙන් ජවනක්ෂණයෙහි ඇලීම් දේවෂකිරීම් මුළාවීම් ස්වභාවය ඇති ලෝභසහගතාදි සිත්වශයෙන් උපන්නාවූ ආගන්තුක කිළිටිවලින් ප්‍රකෘතියෙන් පිරිසුදුවූද භවඞ්ගසිත කිළිටිවූයේ නම්වෙයි.
දසමෙපි භවඞ්ගචිත්තමෙව චිත්තං. විප්පමුත්තන්ති ජවනක්ඛණෙ අරජ්ජමානං අදුස්සමානං අමුය්හමානං තිහෙතුකඤාණසම්පයුත්තාදිකුසලවසෙන උප්පජ්ජමානං ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං නාම හොති. ඉධාපි යථා සීලවන්තානං ආචාරසම්පන්නානං පුත්තාදීනං වසෙන මාතාදයො “සොභනා එතෙයෙව අත්තනො පුත්තකාදයො සික්ඛාපෙන්ති ඔවදන්ති අනුසාසන්තී”ති වණ්ණකිත්තිලාභිනො හොන්ති, එවං ජවනක්ඛණෙ උප්පන්නකුසලචිත්තවසෙන ඉදං භවඞ්ගචිත්තං ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තන්ති වුච්චතීති.
දසවැන්නෙහි භවඞ්ග සිතම සිතයි. විප්පමුත්තං යනු ජවන ක්ෂණයෙහි නෙඇලෙනු ලබන, දූෂ්‍ය නොවනු ලබන, මුළා නොවනු ලබන ත්‍රිහෙතුක ඥානසම්ප්රයුක්තාදී කුශලවශෙයෙන් උපදිනුලබන (භවංග සිත) ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් මිදුණේ නම්වෙයි. මෙහිද යම්සේ සිල්වත් මනාහැසීරීම් ඇති පුතුන් ආදීන්ගේ වශයෙන් මවු ආදීහු හොබනේ වෙත්ද ඔවුහුම තමන්ගේ පුතුන් ආදීන් හික්මවත්ද අවවාද කරත්ද අනුශාසනා කරත්ද ගුණවැනුම් ලබන්නෝ වෙත්ද මෙසේ ජවනක්ෂණයෙහි උපන් කුසල් සිත්වශයෙන් මේ භවංග සිත ආගන්තුක කෙලෙසුන්ගෙන් මිදුණෙයි කියනුලැබේ.
පණිහිතඅච්ඡවග්ගවණ්ණනා.
පස්වෙනි වර්ගයයි