9. පමාදවග්ගො
9. ප්‍රමාද වර්ගය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. 9. 1.
1. 9. 1.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති. යථයිදං භික්ඛවෙ පමාදො. පමාදො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 2.
1. 9. 2.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පමාදො. අප්පපමාදො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්මයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් අර්ත්ථය පිණිස පවත්නේය.
1. 9. 3.
1. 9. 3.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කොසජ්ජං. කොසජ්ජං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුසීතබව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 4.
1. 9. 4.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ විරියාරම්භො. විරියාරම්භො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 5.
1. 9. 5.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ මහිච්ඡතා. මහිච්ඡතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, මහෙච්ඡතා වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 6.
1. 9. 6.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පිච්ඡතා. අප්පිච්ඡතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අල්පේච්ඡතා වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතා මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 7.
1. 9. 7.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අසන්තුෂ්ටිතා බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අසන්තුෂ්ටිතා මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 8.
1. 9. 8.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, සන්තුෂ්ටිතා බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සන්තුෂ්ටිතා මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 9.
1. 9. 9.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො මනසිකාරො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 10.
1. 9. 10.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො මනසිකාරො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 11.
1. 9. 11.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යම් ධර්මයෙක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, මෝහ සඞ්ඛයාත අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 12.
1. 9. 12.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි සම්‍යක් ප්‍රඥාව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 13.
1. 9. 13.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යා එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පාපමිත්තතා. පාපමිත්තතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 14.
1. 9. 14.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යා එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කල්යාණමිත්තතා. කල්යාණමිත්තතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 15.
1. 9. 15.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම ද මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 16.
1. 9. 16.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශල ධර්මයන්හි නොයෙදීම ද මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
වග්ගො නවමො.
නවවන වග යි