සෙවිතබ‍්බ සුත‍්තං
10. 4. 1. 1.
10. 4. 1. 1.
සෙවිතබ‍්බ සුත‍්තං
සේවිතබ්බ සූත්‍රය
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො න සෙවිතබ‍්බො. කතමෙහි දසහි: මිච‍්ඡාදිට‍්ඨිකො හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවාචො හොති, මිච‍්ඡාකම‍්මන‍්තො හොති, මිච‍්ඡාආජීවො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසති හොති, මිච‍්ඡාසමාධි හොති, මිච‍්ඡාඤාණී හොති, මිච‍්ඡාවිමුත‍්ති හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො න සෙවිතබ‍්බො.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වෙයි. කවර දස කරුණෙකින යත්: මිථ්‍යාදෘෂ්ටික වෙයි, මිථ්‍යා සඞ්කල්ප ඇතියේ වෙයි, මිථ්‍යාවචන ඇතියේ වෙයි, මිථ්‍යා කර්‍මාන්ත ඇතියේ වෙයි, මිථ්‍යාආජීව ඇතියේ වෙයි, මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි, මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි, මිථ්‍යාසමාධි ඇතියේ වෙයි, මිථ්‍යාඥාන ඇතියේ වෙයි, මිථ්‍යාවිමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වේ යයි.
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො සෙවිතබ‍්බො, කතමෙහි දසහි: සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවාචො හොති, සම‍්මාකම‍්මන‍්තො හොති, සම‍්මාආජීවො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සම‍්මාඤාණී හොති, සම‍්මාවිමුත‍්ති හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො සෙවිතබ‍්බොති.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල සෙවියයුත්තේ වෙයි, කවර දස කරුණෙකින යත්: සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, සම්‍යග්සඞ්කල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුතු වේ යයි.