යෙදුමෙන් කියවන්න

සපරික‍්කමන සුත‍්තං

10. 4. 2. 9.

10. 4. 2. 9.

සපරික‍්කමන සුත‍්තං

සපරික්කමන සූත්‍රය

සපරික‍්කමනො අයං භික‍්ඛවෙ ධම‍්මො, නායං ධම‍්මො අපරික‍්කමනො. කථඤ‍්ච භික‍්ඛවෙ සපරික‍්කමනො අයං ධම‍්මො, නායං ධම‍්මො අපරික‍්කමනො:

මහණෙනි, මේ ධර්‍මය පරිවර්‍ජන සහිත වෙයි, මේ ධර්‍මය පරිවර්‍ජන රහිත නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන සහිත වේය යත්: මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන රහිත නොවේය යත්:

පාණාතිපාතිස‍්ස භික‍්ඛවෙ පාණාතිපාතා වෙරමණී පරික‍්කමනං හොති. අදින‍්නාදානස‍්ස භික‍්ඛවෙ අදින‍්නාදානා වෙරමණී පරික‍්කමනං හොති. කාමෙසු මිච‍්ඡාචාරිස‍්ස භික‍්ඛවෙ කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී පරික‍්කමනං හොති. මුසාවාදිස‍්ස භික‍්ඛවෙ මුසාවාදා වෙරමණී පරික‍්කමනං හොති.

මහණෙනි, ප්‍රාණඝාතී හට ප්‍රාණඝාතවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, අදින්නාදායී හට අදින්නාදානවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, කාමමිථ්‍යාචාරීහට කාමමිථ්‍යාචාරවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, මුසාවාදී හට මුසාවාදවිරමණය පරිවර්‍ජනය වෙයි.

පිසුනාවාචස‍්ස භික‍්ඛවෙ පිසුනාවාචා වෙරමණී පරික‍්කමනං හොති. ඵරුසාවාචස‍්ස භික‍්ඛවෙ ඵරුසාය වාචාය වෙරමණී පරික‍්කමනං හොති. සම‍්ඵප‍්පලාපිස‍්ස භික‍්ඛවෙ සම‍්ඵප‍්පලාපා වෙරමණී පරික‍්කමනං හොති. අභිජ‍්ඣාලුස‍්ස භික‍්ඛවෙ අනභිජ‍්ඣා පරික‍්කමනං හොති. ව්‍යාපන‍්නස‍්ස භික‍්ඛවෙ අව්‍යාපාදො පරික‍්කමනං හොති. මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨි පරික‍්කමනං හොති.

මහණෙනි, පිසුනුබස් ඇත්තහුට පිසුනු බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, පරොස් බස් ඇත්තහුට පරොස් බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, සම්ඵප්‍රලාප ඇත්තහුට සම්ඵප්‍රලාපයෙන් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, අභිධ්‍යා ඇත්තහුට අනභිධ්‍යාව පරික්‍රමණය වෙයි. මහණෙනි, ව්‍යාපාද ඇත්තහුට අව්‍යාපාදය පරික්‍රමණය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට සම්‍යග්දෘෂ්ටිය පරික්‍රමණය වෙයි.

එවං ඛො භික‍්ඛවෙ, සපරික‍්කමනො අයං ධම‍්මො නායං ධම‍්මො අපරික‍්කමනොති.

මහණෙනි, මෙසේ මේ ධර්‍මය සපරික්‍රමණ වෙයි. මේ ධර්‍මය අපරික්‍රමණ නො වේ ය යි.