යෙදුමෙන් කියවන්න

2. ජාණුස‍්සොණි වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ජාණුස්සොණි වර්ගය

චතුත්‍ථස‍්ස පඨමාදීනි උත‍්තානත්‍ථානෙවාති.

සිවුවැනි පණ්ණාසකයෙහි පළමුවැනි සූත්‍රය ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.

8. කම‍්මනිදාන සුත‍්තවණ‍්ණනා

8. කම්මනිදාන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ලොභහෙතුකම‍්පීති පාණාතිපාතස‍්ස ලොභො උපනිස‍්සයකොටියා හෙතු හොති දොසමොහසම‍්පයුත‍්තොපි. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

අටවැනි සූත්‍රයෙහි ලොභහෙතුකම්පි යනු සත්‍වාඝාතනයට ලෝභය උපනිඃශ්‍රය කෙළවරින් හේතු වෙයි. දෙවෙෂමොහ යුක්ත තැනැත්තේ ද එසේය. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය.

9. සපරික‍්කමන සුත‍්තවණ‍්ණනා

9. සපරික්කමන සූත්‍ර වර්ණනාව

නවමෙ පරික‍්කමනං හොතීති පරිවජ‍්ජනං හොති.

නවවැන්නෙහි පරික්කමනං හොති යනු අත්හැරීම වෙයි,

10. චුන්‍ද සුත‍්තවණ‍්ණනා

10. චුන්ද සූත්‍ර වර්ණනාව

දසමෙ කම‍්මාරපුත‍්තස‍්සාති සුවණ‍්ණකාරපුත‍්තස‍්ස. කස‍්ස නො ත්‍වන‍්ති කස‍්ස නු ත්‍වං. පච‍්ඡාභූමකාති පච‍්ඡාභූමිවාසිකා. කමණ‍්ඩලුකාති කමණ‍්ඩලුධාරිනො. සෙවාලමාලිකාති සෙවාලමාලා විය ධාරෙන‍්ති. සෙවාලපටනිවාසිතාතිපි වුත‍්තමෙව. උදකොරොහකාති සායතතියකං උදකොරොහනානුයොගමනුයුත‍්තා. ආමසෙය්‍යාසීති හත්‍ථෙන පරිමජ‍්ජෙය්‍යාසි.

දසවැන්නෙහි කම්මාරපුත්තස්ස යනු රන්කරු පුත්‍රයාගේයි, කස්ස නො ත්‍වං යනු නුඹ කාගේ ද? පච්ඡාභූමිකා යනු පැසුළුබිම වැසියෝයි, කමණ්ඩලුකා යනු සෙවල මල්දමක් මෙන් දරත්, සෙවලින් තැනු පිළි හඳින්නාහුයි ද කියන ලද්දේය. උදකොරොහකා යනු උදේ හවස ජලයට බැසීමේ ව්‍රතයෙහි යෙදුනාහුයි, ආමසෙය්‍යාසි යනු අතින් පිරිමඳින්නේය.

11. ජාණුස‍්සොණී සුත‍්තවණ‍්ණනා

11. ජාණුස්සොණි සූත්‍ර වර්ණනාව

එකාදසමෙ උපකප‍්පතූති පාපුණාතු. ඨානෙති ඔකාසෙ. නො අට‍්ඨානෙති නො අනොකාසෙ. නෙරයිකානං ආහාරො නාම තත්‍ථ නිබ‍්බත‍්තනකම‍්මමෙව. තෙනෙව හි තෙ තත්‍ථ යාපෙන‍්ති. තිරච‍්ඡානයොනිකානං පන තිණපණ‍්ණාදිවසෙන ආහාරො වෙදිතබ‍්බො. මනුස‍්සානං ඔදනකුම‍්මාසාදිවසෙන, දෙවානං සුධාභොජනාදිවසෙන, පෙත‍්තිවෙසයිකානං ඛෙළසිඞ‍්ඝාණිකාදිවසෙන. යං වා පනස‍්ස ඉතො අනුප‍්පවෙච‍්ඡන‍්තීති යං තස‍්ස මිත‍්තාදයො ඉතො දදන‍්තා අනුපවෙසෙන‍්ති. පෙත‍්තිවෙසයිකා එව හි පරදත‍්තූපජීවිනො හොන‍්ති, න අඤ‍්ඤෙසං පරෙහි දින‍්නං උපකප‍්පති. දායකොපි අනිප‍්ඵලොති යං සන්‍ධාය තං දානං දින‍්නං, තස‍්ස උපකප‍්පතු වා මා වා, දායකෙන පන න සක‍්කා නිප‍්ඵලෙන භවිතුං, දායකො තස‍්ස දානස‍්ස විපාකං ලභතියෙව.

එකොළොස් වැන්නෙහි උපකප්පතු යනු පැමිණේවා! ඨානෙ යනු අවස්ථාවෙහියි, නො අට්ඨානෙ යනු අනවස්ථාවෙහි නොවේ. නිරාගතවූවන්ගේ ආහාරය නම් එහි උපදින කර්‍මයමයි. එයින්ම ඔවුහු එහි යැපෙති. තිරිසන් යෝනියෙහි වූවන්ගේ තණපත් ආදි වශයෙන් ආහාරය දතයුතුයි, මිනිසුන්ගේ බත් කොමු ආදි වශයෙනි, දෙවියන්ගේ අමාබොජුන් වශයෙන්, ප්‍රේතවිෂයෙහි වූවන්ගේ කෙළසොටු ආදි වශයෙනි, යං වා පනස්ස ඉතො අනුප්පවෙච්ඡන්ති යනු ඔහුගේ මිත්‍රාදීහු යමක් මෙයින් දෙමින් පිවිසුවත් ප්‍රේතවිෂයෙහි වූවෝ පරදත්තූපජීවීහු වෙති. අනෙකුන්ට අනුන් විසින් දෙන ලද දෙය නොපැමිණෙයි, දායකොපි අනිප්ඵලො යනු යමකු සඳහා ඒ දානය දෙන ලද්දේ ද ඔහුට පැමිණෙවා හෝ නොවේවා! දායකයා නිෂ්ඵලවීමට නොහැකිය. ඔහුට දානයේ විපාකය ලැබේමය.

අට‍්ඨානෙපි භවං ගොතමො පරිකප‍්පං වදතීති අනොකාසෙ උප‍්පන‍්නෙපි තස‍්මිං ඤාතකෙ භවං ගොතමො දානස‍්ස ඵලං පරිකප‍්පෙතියෙව පඤ‍්ඤාපෙතියෙවාති පුච‍්ඡති. බ්‍රාහ‍්මණස‍්ස හි “එවං දින‍්නස‍්ස දානස‍්ස ඵලං දායකො න ලභතී”ති ලද‍්ධි. අථස‍්ස භගවා පඤ‍්හං පටිජානිත්‍වා “දායකො නාම යත්‍ථ කත්‍ථචි පුඤ‍්ඤඵලූපජීවිට‍්ඨානෙ නිබ‍්බත‍්තො දානස‍්ස ඵලං ලභතියෙවා”ති දස‍්සෙතුං ඉධ බ්‍රාහ‍්මණාතිආදිමාහ.

අට්ඨානෙපි භවං ගොතමො පරිකප්පං වදති යනු ඒ ඥාතියා අනවකාශයෙහි (අවස්ථාව නොමැති තැන) උපන් කල්හිද භවත් ගෞතම තෙමේ දානයේ ප්‍රතිඵලය පරිකල්පනය කරයිමය, පනවන්නේම දැයි අසයි, මෙසේ දෙනලද දානයාගේ ඵලය දායකයා නොලබතැයි බමුණාගේ ලබ්ධියයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නය පිළිගෙන දායකයා යම්කිසි පින්ඵලයෙන් ජීවත්වන තැනක උපන්නේ දානයේ ඵලය ලබන්නේමයයි දැක්වීමට “ඉධ බ්‍රාහ්මණ” යනාදිය වදාළ සේක.

සො තත්‍ථ ලාභී හොතීති සො තත්‍ථ හත්‍ථියොනියං නිබ‍්බත‍්තොපි මඞ‍්ගලහත්‍ථිට‍්ඨානං පත්‍වා ලාභී හොති. අස‍්සාදීසුපි එසෙව නයො.

සො තත්‍ථ ලාභී හොති යනු හෙතෙම එහි ඇත් යෝනියෙහි උපන්නේද මඟුල් ඇත් තනතුරට පත්ව ලබන්නේ වෙයි. අසුන් ආදීන් කෙරෙහි ද මේ ක්‍රමයමයි.

ජාණුස‍්සොණිවග‍්ගො දුතියො.

දෙවැනි ජාණුස්සොණි වර්‍ගයයි

සාධුවග‍්ගො උත‍්තානත්‍ථොයෙවාති.

සාධුවර්‍ගය කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමයි.

චතුත්‍ථපණ‍්ණාසකං නිට‍්ඨිතං.

සිවුවැනි පණ්ණාසකය නිමියි.