1. කරජකායවග්ගො අට්ඨකථා
1. කරජකාය වර්ගය
පඤ්චමස්ස පඨමාදීනි උත්තානත්ථානෙව.
පස්වැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රාදිය කියනලද අරුත් ඇත්තේමය.
6. සංසප්පනිය පරියාය සුත්තවණ්ණනා
6. සංසප්පනිය පරියාය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සංසප්පනීයපරියායං වො, භික්ඛවෙ, ධම්මපරියායන්ති සංසප්පනස්ස කාරණං දෙසනාසඞ්ඛාතං ධම්මදෙසනං. සංසප්පතීති තං කම්මං කරොන්තො ආසප්පති පරිසප්පති විප්ඵන්දති. ජිම්හා ගතීති තෙන කම්මෙන යං ගතිං ගමිස්සති, සා ජිම්හා හොති. ජිම්හුපපත්තීති තස්ස යං ගතිං උපපජ්ජිස්සති, සාපි ජිම්හාව හොති. සංසප්පජාතිකාති සංසප්පනසභාවා. භූතා භූතස්ස උපපත්ති හොතීති භූතස්මා සභාවතො විජ්ජමානකම්මා සත්තස්ස නිබ්බත්ති හොති. ඵස්සා ඵුසන්තීති විපාකඵස්සා ඵුසන්ති.
සවැන්නෙහි සංසප්පතිපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං යනු වේදනාවට පත්වීමට කරුණු දෙසීම නම්වූ ධර්ම දේශනයයි. සංසප්පති යනු ඒ කර්මය කරන්නේ වේදනාවට පත් වෙයි. බියවෙයි, ගැහෙයි, ජිම්හාගති යනු ඒ කර්මයෙන් යම් ගතියකට යන්නේ ද එය වක් වෙයි, ජිම්හුපපත්ති යනු ඒ කර්මයට යම් ගතියක උපදින්නේද ඒ ගතිය ද වක්වූයේම වෙයි, සංසප්පජාතිකා යනු සංසප්පන (ගැහෙන) ස්වභාවයයි, භූතා භූතස්ස උප්පත්ති හොති යනු පැවති ස්වභාවයෙන් පවතින කර්මයෙන් සත්ත්වයාගේ උපත වෙයි. ඵස්සා ඵුසන්ති යනු විපාකස්පර්‍ශයෝ ස්පර්ශ කරති.
7-8. පඨමසඤ්චෙතනික සුත්තාදිවණ්ණනා
7-8. පඨම සඤ්චෙතනික ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ සඤ්චෙතනිකානන්ති චෙතෙත්වා පකප්පෙත්වා කතානං. උපචිතානන්ති චිතානං වඩ්ඪිතානං. අප්පටිසංවෙදිත්වාති තෙසං කම්මානං විපාකං අවෙදියිත්වා. බ්යන්තීභාවන්ති විගතන්තභාවං තෙසං කම්මානං පරිච්ඡෙදපරිවටුමතාකරණං. තඤ්ච ඛො දිට්ඨෙව ධම්මෙති තඤ්ච ඛො විපාකං දිට්ඨධම්මවෙදනීයං දිට්ඨෙව ධම්මෙ. උපපජ්ජන්ති උපපජ්ජවෙදනීයං අනන්තරෙ අත්තභාවෙ. අපරෙ වා පරියායෙති අපරපරියායවෙදනීයං පන සංසාරප්පවත්තෙ සති සහස්සිමෙපි අත්තභාවෙති. ඉමිනා ඉදං දස්සෙති “සංසාරප්පවත්තෙ පටිලද්ධවිපාකාරහකම්මෙ න විජ්ජති සො ජගතිප්පදෙසො, යත්ථ ඨිතො මුච්චෙය්ය පාපකම්මා”ති. තිවිධාති තිප්පකාරා. කායකම්මන්තසන්දොසබ්යාපත්තීති කායකම්මන්තසඞ්ඛාතා විපත්ති. ඉමිනා නයෙන සබ්බපදානි වෙදිතබ්බානි. අට්ඨමෙ අපණ්ණකො මණීති සමන්තතො චතුරස්සො පාසකො.
සත්වැන්නෙහි සඤ්චෙතනිකානං යනු සිතා කල්පනා කොට කරන ලද්දවුන්ගේයි. උපවිතානං යනු රැස්කරන ලද්දවුන්ගේ, වඩන ලද්දවුන්ගේයි, අප්පටිසංවිදිත්වා යනු ඒ කර්මයන්ගේ විපාකය නොවිඳයි, ව්‍යනතීභාවං යනු පහවූ කෙළවර ඇති බවයි, ඒ කර්මයන්ගේ පිරිසිඳීමට කෙළවර කිරීමට කාරණයයි, තඤ්ච බො දිට්ඨෙව ධම්මෙ යනු ඒ විපාකය මෙලොවදී විදිය යුතුය. ඉහාත්මයෙහිම උපදියි, උප්පජ්ජෙ යනු අනතුරු ආත්මභාවයෙහි (විපාක දිය යුතු) උපපජ්ජවෙදනියයි, අපරෙ වා පරියායෙ යනු සසර පැවති කල්හි දහස් වැනි අත්බැව්හි හෝ අපරාපර්ය්යව විදිය යුතුය යන මෙයින් “ලද විපාකයට සුදුසුවූ කර්මය සසර පවත්නා විට, ඒ පාපකර්මනේ යම් තැනක සිට මිදෙන්නේද එබඳු වූ ලොව පෙදෙසක් විද්‍යමාන නොවේ” යන මෙය දක්වයි. තිවිධා යනු තෙවැදෑරුම්ය, කායකම්මන්තසන්දොසඛ්යාපත්ති යනු කායකර්ම සංඛ්‍යාත වූ විපත්තියයි, මේ ක්‍රමයෙන් සියලු පදයෝ දතයුත්තාහ. අටවැන්නෙහි අපණ්ණකො මණි යනු හාත්පසින් සතරැස්වූ උගුලකි.
9. කරජකාය සුත්තවණ්ණනා
9. කරජකාය සූත්‍ර වර්ණනාව
නවමෙ දුක්ඛස්සාති විපාකදුක්ඛස්ස, වට්ටදුක්ඛස්සෙව වා. ඉමස්මිං සුත්තෙ මණිඔපම්මං නත්ථි. එවං විගතාභිජ්ඣොති එවන්ති නිපාතමත්තං. යථා වා මෙත්තං භාවෙන්තා විගතාභිජ්ඣා භවන්ති, එවං විගතාභිජ්ඣො. එවමස්ස විගතාභිජ්ඣතාදීහි නීවරණවික්ඛම්භනං දස්සෙත්වා ඉදානි අකුසලනිස්සරණානි කථෙන්තො මෙත්තාසහගතෙනාතිආදිමාහ. අප්පමාණන්ති අප්පමාණසත්තාරම්මණතාය චිණ්ණවසිතාය වා අප්පමාණං. පමාණකතං කම්මං නාම කාමාවචරකම්මං. න තං තත්රාවතිට්ඨතීති තං මහොඝො පරිත්තං උදකං විය අත්තනො ඔකාසං ගහෙත්වා ඨාතුං න සක්කොති, අථ ඛො නං ඔඝෙ පරිත්තං උදකං විය ඉදමෙව අප්පමාණං කම්මං අජ්ඣොත්ථරිත්වා අත්තනො විපාකං නිබ්බත්තෙති. දහරතග්ගෙති දහරකාලතො පට්ඨාය.
නවවැන්නෙහි දුක්ඛස්ස යනු විපාක දුකටය, සසරදුකට හෝය, මේ සුත්‍රයෙහි මණි උපමාවක් නැත. එවං විගතාභිජ්ඣො යනු එවං යනු නිපාත මාත්‍රයකි. යම්සේ හෝ මෛත්‍රිය වඩන්නෝ දුරුකළ දැඩි ලෝභය ඇත්තෝ වෙත්ද එසේ දුරුකළ දැඩි ලෝභය ඇත්තේයි, මෙසේ ඔහුට දුරුකළ අභිධ්යාදියෙන් නීවරණ යටපත් කිරීම දක්වා දැන් අකුසල නිශ්ශරණයන් පවසන සේක් මෙත්තාසහගතෙන යනාදිය කීසේක. අප්පමාණං යනු අපමණ සතුන් අරමුණු වන බැවින් හෝ පුරුදු කළ පුහුණුවෙන් හෝ අපමණවූයි, පමාණකතං කම්මං යනු කාමාවචර කර්මයයි, නතං තත්‍රාවතිට්ඨති යනු මහා සැඬපහරක මඳදියක් මෙන් තමන්ගේ ඉඩ ගෙන සිටීමට නොහැකි වෙයි, සැඬපහරෙහි කුඩාදියක් මෙන් මේ අපමණ කර්මයම කිදාගොස් තමන්ගේ විපාකය උපදවයි, දහරතග්ගෙ යනු කුඩා කාලයෙහි පටන්ය,
නායං කායො ආදායගමනියොති ඉමං කායං ගහෙත්වා පරලොකං ගන්තුං නාම න සක්කාති අත්ථො. චිත්තන්තරොති චිත්තකාරණො, අථ වා චිත්තෙනෙව අන්තරිකො. එකස්සෙව හි චුතිචිත්තස්ස අනන්තරා දුතියෙ පටිසන්ධිචිත්තෙ දෙවො නාම හොති, නෙරයිකො නාම හොති, තිරච්ඡානගතො නාම හොති. පුරිමනයෙපි චිත්තෙන කාරණභූතෙන දෙවො නෙරයිකො වා හොතීති අත්ථො. සබ්බං තං ඉධ වෙදනීයන්ති දිට්ඨධම්මවෙදනීයකොට්ඨාසවනෙතං වුත්තං. න තං අනුගං භවිස්සතීති මෙත්තාය උපපජ්ජවෙදනීයභාවස්ස උපච්ඡින්නත්තා උපපජ්ජවෙදනීයවසෙන න අනුගතං භවිස්සති. ඉදං සොතාපන්නසකදාගාමිඅරියපුග්ගලානං පච්චවෙක්ඛණං වෙදිතබ්බං. අනාගාමිතායාති ඣානානාගාමිතාය. ඉධපඤ්ඤස්සාති ඉමස්මිං සාසනෙ පඤ්ඤා ඉධපඤ්ඤා නාම, සාසනචරිතාය අරියපඤ්ඤාය ඨිතස්ස අරියසාවකස්සාති අත්ථො. උත්තරිවිමුත්තින්ති අරහත්තං. දසමං උත්තානත්ථමෙවාති.
නායං කායො ආදාය ගමනීයො යනු මේ කය රැගෙන පරලොව යාමට නම් නොහැකිය යන අරුත්ය. චිත්තන්තරො යනු සිත නැමැති කාරණය (හේතුව) යි, නැතහොත් සිතෙන්ම අනතුරු වූයේයි, එකම චුති සිතකට අනතුරුව දෙවැනි ප්රතිසන්ධි සිතෙහි දෙවියෙක් නම් වූයේ වෙයි, නිරාගතවූවෙක් නම් වෙයි, තිරිසන්ගිය නම් වූවෙක් වෙයි. මුල්ක්රමයෙහි ද හේතුව වූ සිතින් දෙවියෙක් හෝ නිරාගතවූවෙක් හෝ වෙයි යන අර්‍ත්‍ථයි. සබ්බං තං ඉධ වෙදනීයං යනු මෙය දිට්ඨධම්මවෙදනිය කොට්ඨාස වශයෙන් කියන ලදි. න තං අනුභවිස්සති යනු මෛත්‍රියෙන් උපපජ්ජවෙදනිය බව සිඳුණු බැවින් උපපජ්ජවෙදනිය වශයෙන් අනුගත නොවන්නේය. සොතාපන්නසකදාගාමී ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ මේ ප්රත්යවෙක්ෂණය දතයුතුය. අනාගාමිතාය යනු ධ්‍යාන අනාගාමී බවෙහි, ඉධ පඤ්ඤස්ස යනු මේ සසුනෙහි ප්‍රඥාව ඉධප්රඥාව නමි. ශාසනයෙහි හැසිරෙන ආර්‍ය්‍ය ප්‍රඥාව නමි. ශාසනයෙහි හැසිරෙන ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත ආර්‍ය්‍ය පුද්ගලයාගේයි, උත්තරිං විමුත්තිං යනු රහත්බවයි. දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
කරජකායවග්ගො පඨමො.
පළමුවැනි කරජකාය වර්ගයයි.