දුතිය සඤ්චෙතනික සුත්තං
10. 5. 1. 8.
10. 5. 1. 8.
දුතිය සඤ්චෙතනික සුත්තං
දුතිය සඤ්චේතනික සූත්‍රය
නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ව්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමී.
මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි ම හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අපරජන්මයෙහි හෝ වේ. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
තත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. චතුබ්බිධා වාචාකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. තිවිධා මනොකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති.
මහණෙනි, එහිලා අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති කායකර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති මනඃ කර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
කථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා කාය කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කායකර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කාය කර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ තිවිධාමනො කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා මනො කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
තිවිධ කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකාහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්ත -පෙ- තිවිධමනොකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
මහණෙනි, ත්‍රිවිධ කායකර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතු අපාය, දුර්ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ. චතුර්විධ වාක්කර්ම ... මහණෙනි, ත්‍රිවිධ මනඃ කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ.
නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා බ්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමි.
මහණෙනි, කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් මම නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ අනතුරු අත් බැව්හි හෝ අපර ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන් නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
තත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති. චතුබ්බිධා වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති. තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
මහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව එළවන සුඛ විපාක ඇති කාය කර්ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්ම සඞ්ඛ්‍යාත සම්පත් චතුර්විධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි.
කථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛ විපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් … මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධ මනඃකර්ම සංඛාත සම්පත් මෙසේ වෙයි.
තිවිධකායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්ත -පෙ- තිවිධ මනො කම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති -පෙ-
මහණෙනි, ත්‍රිවිධකාය කර්ම සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදිත්. චතුර්විධ වාක්කර්ම .. ත්‍රිවිධ මනඃකර්ම සම්පත් සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදනාහ ...