යෙදුමෙන් කියවන්න

පඨමසඤ‍්චෙතනික සුත‍්තං

10. 5. 1. 7.

10. 5. 1. 7.

පඨමසඤ‍්චෙතනික සුත‍්තං

පඨම සඤ්චේතනික සූත්‍රය

නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්‍වෙ වාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං වදාමි.

මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නොකියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි ම හෝ උපපද්‍යයෙහි හෝ අපරපරියායෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ දුඃඛයාගේ කෙළවර කිරීමක් නො කියම් මැයි.

තත්‍ර භික‍්ඛවෙ තිවිධා කායකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති. චතුබ‍්බිධා වචීකම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති. තිවිධා මනො කම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛ විපාකා හොති.

මහණෙනි, එහි අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වකීය විපත් ත්‍රිවිධ වේ. අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුශලසඤ්චේතනා ඇති දුඃඛ විපාක ඇති දුක් උපදවන මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ තිවිධා කායකම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති:

මහණෙනි, කෙසේ නම් අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේය යත්:

1. ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතී හොති ලුද‍්දො ලොහිතපාණී හතපහතෙ නිවිට‍්ඨො අදයාපන‍්නො සබ‍්බපාණභූතෙසු.

1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇත්තේ ලෙහෙ වැකි අත් ඇත්තේ නැසුම් - වොලො ගැණුම්හි බටුයේ සර්‍වප්‍රාණී භූතයන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි.

2. අදින‍්නාදායී හොති. යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදාතා හොති.

2. නුදුන් දෑ ගන්නා සුලු වෙයි, ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ යම් එ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.

3. කාමෙසු මිච‍්ඡාචාරී හොති, යා තා මාතුරක‍්ඛිතා -පෙ- අන‍්තමසො මාලාගුලපරික‍්ඛිත‍්තාපි, තථාරූපාසු චාරිත‍්තං ආපජ‍්ජිතා හොති.

3. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මාතෘරක්‍ෂිතාය ... යටත් පිරිසෙයින් මල්ගුලායෙනුදු පරික්‍ෂිප්ත වූ, යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරීමට පැමිණියේ වෙයි.

එවං ඛො භික‍්ඛවෙ තිවිධා කාය කම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති.

මහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුන් විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ චතුබ‍්බිධා වචී කම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛ විපාකා හොති.

මහණෙනි, කෙසේ නම් අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුක් විපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වේය යත්:

4. ඉධ භික‍්ඛවෙ එකච‍්චො මුසාවාදී හොති, සභාගතො වා පරිසගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛි පුට‍්ඨො, “එහම‍්භො පුරිස යං ජානාසි තං වදෙහී”ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති. ජානං වා ආහ ‘න ජානාමි’ ති. අපස‍්සං වා ආහ, ‘පස‍්සාමී’ති, පස‍්සං වා ආහ, ‘න පස‍්සාමී’ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිස කිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසාභාසිතා හොති.

4. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් මුසවා කියන්නේ වෙයි: සභාවට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ගණමැදට ගියේ වේවයි රාජකුල මධ්‍යයට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, එව, යමක් දන්හි නම් එ කියවයි සාක්‍ෂි පුළුවුස්නා ලදුයේ හෙ නො දන්නේ හෝ දන්මියි කියයි. දන්නේ හෝ නො දන්මි යි කියයි. නො දක්නේ හෝ දක්මියි කියයි. දක්නේ හෝ නො දක්මියි කියයි. මෙසේ තමා හේතුකොට වේවයි, මෙරමා හේතු කොට වේවායි කිසි ආමිසයක් හේතුකොට වේවයි දැන දැන මුසවා කියන්නේ වෙයි.

5. පිසුනවාචො හොති. ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා භෙත‍්තා, භින‍්නානං වා අනුප‍්පදාතා වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දි වග‍්ගකරණිං වාචං භාසිතා හොති.

5. පිසුණුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුන්ට කියන්නේ වෙයි. මෙසේ සමගවූවන් හෝ බිඳුවන්නේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්‍ගයෙහි සිත් ඇලවූයේ වර්‍ගයෙහි රැඳුනේ වර්‍ගයෙන් තුටුවන්නේ වර්‍ගකරනබස් කියන්නේ වෙයි.

6. ඵරුසවාචො හොති, යා සා වාචා අණ‍්ඩකා කක‍්කසා පරකටුකා පරාභිසජ‍්ජනී කොධසාමන‍්තා අසමාධිසංවත‍්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති.

6. පරොස්බස් ඇත්තේ වෙයි. හටගත් අණ්ඩක (නිර්‍ය්‍යාස හෝ පිළිල) ඇති කර්‍කශ වූ පරාහට කටුක වූ පරා ලග්න කරන කෝධයට සමීප වූ සමාධිය පිණිස නො පවත්නා වූ යම් වචනයක් වේ ද එබඳු වචන කියන්නේ වෙයි.

7. සම‍්ඵප‍්පලාපී හොති, අකාලවාදී අභූතවාදී අනත්‍ථවාදී අධම‍්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන‍්තවතිං අනත්‍ථසංහිතං.

7. අකාලවාදී අභූතවාදී අනර්‍ත්‍ථවාදී අධර්‍මවාදී අවිනයවාදී සම්ප්‍රඵලාප බණන්නේ වෙයි. නො කල්හි කරුණු රහිතව පර්‍ය්‍යන්ත විරහිත අනර්‍ත්‍ථ සංහිත සිත්හි ලා දරනට නො නිසි බස් බණන්නේ වෙයි.

එවං ඛො භික‍්ඛවෙ චතුබ‍්බිධා වචීකම‍්මන‍්ත සන්‍දොස බ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති.

මහණෙනි, මෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් චතුර්විධ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ තිවිධාමනොකම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති.

මහණෙනි, කෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වේය යත්:

8. ඉධ භික‍්ඛවෙ එකච‍්චො අභිජ‍්ඣාලූ හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං තං අභිජ‍්ඣිතා හොති: අහො වත යං පරස‍්ස තං මමස‍්සා”ති.

8. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්මට සිතන්නේ වෙයි. “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.

9. ව්‍යාපන‍්නචිත‍්තො හොති පදුට‍්ඨමනසංකප‍්පො ‘ඉමෙ සත‍්තා හඤ‍්ඤන‍්තු වා බජ‍්ඣන‍්තු වා උච‍්ඡිජ‍්ජන‍්තු වා විනස‍්සන‍්තු වා මා වා අහෙසුන‍්ති.

9. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. ප්‍රදූෂ්‍යමනඃසංකල්ප ඇත්තේ වෙයි: “මේ සත්හු නැසෙන්නාහු හෝ වෙත්වා! බැඳෙන්නාහු වෙත්වා! සිඳෙන්නාහු හෝ වෙත්වා! නැසෙන්නාහු හෝ වෙත්වා! නොහොත් නොවෙත්වා හෝ”යි.

10. මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරීතදස‍්සනො, නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සමග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති.

10. මිසදිටුගත්තේ විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, මඞ්ගලදාන නැත, හෝම නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු සම්‍යග් ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලෙව්හි නැති.

එවං ඛො භික‍්ඛවෙ තිවිධා මනො කම‍්මන‍්ත සන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා දුක‍්ඛුද්‍රයා දුක‍්ඛවිපාකා හොති.

මහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වෙයි.

තිවිධ කායකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ, සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.

චතුබ‍්බිධවචීකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ, සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.

තිවිධ මනොකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ, සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, ත්‍රිවිධමනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අපණ‍්ණකො මණි උද‍්ධං ඛිත‍්තො යෙන යෙනෙව පතිට‍්ඨාති, සුප‍්පතිට‍්ඨිතායෙව පතිට‍්ඨාති, එවමෙව ඛො භික‍්ඛවෙ තිවිධ කායකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකා හෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. චතුබ‍්බිධවචීකම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකාහෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. තිවිධ මනො කම‍්මන‍්තසන්‍දොසබ්‍යාපත‍්ති අකුසලසඤ‍්චෙතනිකාහෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිට්ඨිතව ම පිහිට යි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත් හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. ත්‍රිවිධ මනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.

නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ ව ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ.

මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයෙක් නො කියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි හෝ වෙයි, දෙවන අත් බැව් හි හෝ වෙයි, අපර භවයෙක් හෝ වේ.

න ත්‍වෙවාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං වදාමි.

මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි.

තත්‍ර භික‍්ඛවෙ තිවිධා කායකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති, චතුබ‍්බිධා වචීකම‍්මන‍්ත සම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති, තිවිධා මනොකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති.

මහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති කායකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සම්පත් චතුර්විධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ තිවිධා කායකම‍්මන‍්තසම‍්පත‍්ති කුලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති.

මහණෙනි, කුසල සඤේචේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සම්පත් කෙසේ වේය යත්:

1. ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො, ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති.

1. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් පණිවායෙන් දුරුව පණිවායෙන් වැළක්කේ වෙයි. බහාතැබූ දඬු ඇත්තේ බහාතැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි.

2. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා, න තං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදාතා හොති.

2. අයිනාදන් හැර අයිනාදනින් වැළැක්කේ වෙයි: ග්‍රාමගතවේවයි අරණ්‍යගත වේවයි පරා අයත් යම් පරවස්තූපකරණයෙක් වේ නම් සේතය සඞ්ඛ්‍යාත නො දුන් එය නො ගන්නේ වෙයි.

3. කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක‍්ඛිතා -පෙ- අන‍්තමසො මාලාගුලපරික‍්ඛිත‍්තාපි, තථාරූපාසු න චාරිත‍්තං ආපජ‍්ජිතා හොති.

3. කාමයන්හි මිස හසර හැර කාම මිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි: මාතුරක්ඛීතාය ... යටත් පිරිසෙයින් මාලා ගුණ පරික්‍ෂිප්තව හෝ කිසිවකු අයත්කර ගත් යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් එබඳු ස්ත්‍රීන් කෙරෙහි මිථ්‍යාචාරයට නො යන්නේ වෙයි.

එවං ඛො භික‍්ඛවෙ තිවිධා කායකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති.

මහණෙනි, මෙසේ කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සම්පත් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ චතුබ‍්බිධා වචීකම‍්මන‍්ත සම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛ විපාකා හොති:

මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සම්පත් කිසේය යත්:

4. ඉධ භික‍්ඛවෙ එකච‍්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභාගතො වා පරිසගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො “එහම‍්භො පුරිස යං ජානාහි, තං වදෙහී’ති. සො අජානං වා ආහ: ‘න ජානාමී’ති. ජානං වා ආහ, ‘ජානාමී’ති, අපස‍්සං වා ආහ ‘න පස‍්සාමී’ති. පස‍්සං වා ආහ, ‘පස‍්සාමී’ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා න සම‍්පජාන මුසා භාසිතා හොති.

4. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මුසවා හැර මුසාවාදයෙන් වැළැක්කේ වෙයි. සභාවටගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, ඥාතිමධ්‍යයට ගියේ වේවයි, සමූහ මධ්‍යයට ගියේ වේවයි, රාජකුලමධ්‍යයට ගියේ වේවයි, හමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂයා, මෙහි එව, යමක් දනිහි නම් එ කියව”යි සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලද හේ නො දත් දැය හෝ නො දන්මි යි කියායි, දත් දැය හෝ දන්මි යි කියායි, නො දුටු දැය හෝ නො දක්මි යි කියායි දුටු දැය හෝ දක්මි යි කිය යි මෙසේ තමා හේතුකොට ගෙන වේව යි, පරා හේතු කොට ගෙන වේව යි කිසි ආමිසයක් හේතු කොට ගෙන වේවයි දැන දැන මුසවා බණන්නේ වෙයි.

5. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය, ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති.

5. පිසුනු බස් හැර බසින් වැළැක්කේ වෙයි. මෙ තැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එ තැන නො කියන්නේ වෙයි. එ තන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමග්‍රයන් සමග්‍ර කරන්නේ සමග්‍රයන්හට අනුබල දෙන්නේ සමග්‍රාරාම වූයේ සමග්‍රරත වූයේ සමග්‍රනන්‍දි වූයේ සමග්‍රකරණී බස් බණන්නේ වෙයි.

6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා තථාරූපං වාචං භාසිතා හොති.

6. පරොස් බස් හැර පරුෂ වචනයෙන් වැළැක්කේ වෙයි: නිදොස් වූ කර්‍ණසුඛ වූ ප්‍රේමණීය වූ හෘදයඞ්ගම වූ බහුජන කාන්ත වූ බහුජනමනාප වූ යම් බසෙක් වේ නම් එබඳු බස් බණන්නේ වෙයි.

7. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං. එවං ඛො භික‍්ඛවෙ චතුබ‍්බිධා වචීකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති.

7. නිසරු (ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැක්කේ වෙයි: කල් බලා කියනුයේ සැබැවක් ම කියනුයේ වැඩ දායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි. මහණෙනි, කුසලසඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධවාක්කර්මසම්පත් මෙසේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ තිවිධා මනොකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති:

මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃ කර්‍මසම්පත් කිසේය යත්:

8. ඉධ භික‍්ඛවෙ එකච‍්චො අනභිජ‍්ඣාලූ හොති, යං තං පරස‍්ස පරචිත‍්තූපකරණං, තං අනභිජ‍්ඣිතා හොති, ‘අහො වත යං පරස‍්ස තං මමස‍්සා’ති.

8. මහණෙනි, මෙ ලොව් හි ඇතැමෙක් අභිධ්‍යා බහුල නො වෙයි: පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්ම නො සිතන්නේ වෙයි: “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.

9. අව්‍යාපන‍්නචිත‍්තො හොති අප‍්පදුට‍්ඨමනසඞ‍්කප‍්පො, ‘ඉමෙ සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තූති.

9. ව්‍යාපාදයට පත් සිත් නැත්තේ වෙයි, ප්‍රදූෂ්‍යමනඃසඞ්කල්ප නැත්තේ වෙයි: “මෙ සත්හු වෛර නැත්තාහු ව්‍යාපාද රහිත වූවාහු උවදුරු රහිත වූවාහු සුව ඇත්තාහු ආත්ම පරිහරණය කෙරෙත්ව”යි

10. සම‍්මාදිට‍්ඨිකො හොති අවිපරීතදස‍්සනො, ‘අත්‍ථි දින‍්නං අත්‍ථි යිට‍්ඨං -පෙ- යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති.

10. සම්‍යග් දෘෂ්ටික වූයේ විපරීත දර්‍ශන නැත්තේ වෙයි: “දාන විපාක ඇත, මඞ්ගල දාන ඇත ... මෙලො පරලෝ තුමූම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසත් නම් එබඳු මහණ බමුණු කෙනෙක් ලෙව්හි ඇතැ”යි.

එවං ඛො භික‍්ඛවෙ තිවිධා මනොකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා සුඛුද්‍රයා සුඛවිපාකා හොති.

මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍මසම්පත් මෙසේ වෙයි.

තිවිධකායකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. චතුබ‍්බිධවචීකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තිවිධ මනො කම‍්මන‍්ත සම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා භික‍්ඛවෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදිති. මහණෙනි, චතුර්විධ වාක්කර්‍මසඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති. මහණෙනි, ත්‍රිවිධ මනඃකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අපණ‍්ණකො මණි උද‍්ධං ඛිත‍්තො යෙන යෙනෙව පතිට‍්ඨාති සුප‍්පතිට‍්ඨිතං යෙව පතිට‍්ඨාති. එවමෙව ඛො භික‍්ඛවෙ තිවිධ කායකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩ ලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිෂ්ඨිත ව ම පිහිටයි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකායකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ග ලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.

චතුබ‍්බිධ වචීකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

චතුර්විධ වාක්කර්‍මසම්පත් කුසලසඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.

තිවිධ මනොකම‍්මන‍්තසම‍්පත‍්ති කුසලසඤ‍්චෙතනිකා හෙතු වා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

ත්‍රිවිධ මනඃකර්‍මසම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.

නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්‍වෙවාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමීති.

මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ නො විඳ විගාතාන්තභාවයෙක් නො කියමි. හෙ ද මේ අත් බැව්හි හෝ වෙයි, දෙවෙනි අත් බැව්හි හෝ වෙයි, අපරජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි යී.