සංසප්පනිය පරියාය සුත්තං
10. 5. 1. 6.
10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සුත්තං
සංසප්පනිය පරියාය සූත්‍රය
සංසප්පනියපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට සංසර්‍පණීය පර්‍ය්‍යාය දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය, වහන්සැයි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කතමො ච සො භික්ඛවෙ සංසප්පනීයපරියායො ධම්මපරියායො:
මහණෙනි, සංසර්‍පණීය පර්ය්යාව නම් වූ එ ධර්මපර්ය්යාය කවරේය යත්:
කම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා, යං කම්මං කරොන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
මහණෙනි, සත්හු කර්මය දායාද්‍ය කොට ඇත්තාහු කර්මය කරණ කොට ඇත්තාහු කර්මය බන්ධු කොට ඇත්තාහු කර්මය පිළිසරණ කොට ඇත්තාහු කර්මස්වකයහ. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු, සො සංසප්පති කායෙන, සංසප්පති වාචාය, සංසප්පති මනසා, තස්ස ජිම්හං කායකම්මං හොති, ජිම්හං වචීකම්මං, ජිම්හං මනොකම්මං, ජිම්හා ගති, ජිම්හුපපත්ති. ජිම්හගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ ජිම්හුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්ත දුක්ඛා නිරයා, යා වා සංසප්පජාතිකා තිරච්ඡානයොනි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම්හි හා වොලො ගැණුම් හි බටුයේ සර්වප්රාණභූත ගණයා කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි. හෙ කයින් සංසර්‍පණ (කර්ම) කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ කෙරෙයි. මනසින් සංසර්‍පණ කෙරෙයි, ඔහුගේ වක්රකාය කර්මය වෙයි, වක්රවාක්කර්මය වෙයි, වක්‍ර මනඃ කර්මය වෙයි, වක්‍රගති වෙයි, චක්‍ර උප්පත්ති වෙයි, මහණෙනි, මම වක්‍රගති ඇති වක්‍ර උපපත්ති ඇතියහුට යම් බඳු එකැතින් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු සංසර්‍පණ ස්වාභාව ඇති තිරිසන් යොන්හු වෙත් නම් එ දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
කතමා ච සා භික්ඛවෙ සංසප්පජාතිකා තිරච්ඡානයොනි: අහිවිච්ඡිකා, සතපදී, නකුලා, බිළාරා, මූසිකා, උලූකා, යෙ වා පනඤ්ඤෙ පි කෙචි තිරච්ඡාන යොනිකා සත්තා මනුස්සෙ දිස්වා සංසප්පන්ති. ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති, යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තා ති වදාමි.
මහණෙනි, සංසර්පණස්වාභාව ඇති ඒ තිරශ්චීනයෝනිය කවර: සර්පයහ වෘශ්චිකා යහ, ශතපදීහුය, නකුල යහ, විඩාල යහ, මූෂිකා යහ, උලුකය හයි. යම් බඳු කිසියම් තිරශ්චීන යෝනියෙහි උපන් සත්ත්වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු හෝ යි. මහණෙනි, මෙසේම විද්‍යාමාන කර්මයෙන් සත්ත්වයාගේ උපපත්තිය වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් ඔහු විපාක ස්පර්ශයෝ පහසිත්, මහණෙනි, මෙසේ ද මම් සත්ත්වයෝ කර්ම දායාදය හ යි කියමි.
ඉධ පන භික්ඛවෙ එකච්චො අදින්නාදායී හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරී හොති -පෙ- මුසාවාදී හොති -පෙ- පිසුනවාචො හොති -පෙ- ඵරුසවාචො හොති -පෙ- සම්ඵප්පලාපී හොති -පෙ- අභිජ්ඣාලූ හොති -පෙ- බ්යාපන්නචිත්තො හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො:
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නුදුන් දෑ ගන්නා සුලු වෙයි … කාමයන්හි මිසහසර ඇතිවෙයි … මුසවා බණන සුලු වෙයි ... පිසුනු බස් ඇතියේ වෙයි ... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ප්රඵලාප කියන සුලු වෙයි ... අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි ... ව්‍යාපාදයට වන් සිතැතියේ වෙ ... විපරීතදර්‍ශන ඇති මිථ්‍යා දෘෂ්ටික වෙයි:
’නත්ථි දින්නං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සො සංසප්පති කායෙන, සංසප්පති වාචාය, සංසප්පති මනසා, තස්ස ජිම්හං කායකම්මං හොති, ජිම්හං වචීකම්මං, ජිම්හං මනොකම්මං, ජිම්හා ගති, ජිම්හුපපත්ති.
“දුන් දෑහි ඵල නැත ... ලොව්හි සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙ ලොව හා පරලොව හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකර්ෂයෙන් දන්නාහු නම් එබඳු මහණ බමුණෝ නැතැ”යි. හෙ කයින් කර්ම කෙරෙයි වචනයෙන් කර්ම කෙරෙයි. මනසින් කර්ම කෙරෙයි. ඔහුගේ කායකර්ම වක්‍ර වෙයි, වාක්කර්ම වක්‍ර වෙයි, මනඃ කර්ම වක්‍ර වෙයි, වක්‍රගති වෙයි, වක්‍ර උපපත්ති වෙයි.
ජිම්හගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ ජිම්හුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්තදුක්ඛා නිරයා, යා වා සංසප්පජාතිකා තිරච්ඡානයොනි.
මහණෙනි, වක්‍රගති ඇතියහුට වක්‍ර උපපත්ති ඇතිය හුට මම යම් බඳු වූ හෝ එකැතියෙන් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු වූ හෝ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් වේ නම් එබඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
කතමා ච සා භික්ඛවෙ සංසප්පජාතිකා තිරච්ඡානයොනි: අහිවිච්ඡිකා, සතපදී, නකුලා, බිළාරා, මූසිකා, උලූකා, යෙ වා පනඤ්ඤෙ පි කෙචි තිරච්ඡානයොනිකා සත්තා මනුස්සෙ දිස්වා සංසප්පන්ති. ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති, යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තා ති වදාමි.
මහණෙනි, ඒ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් කවර: සප්හුය නුහුසුය පත්වාය නුකුල්ය බළල්ය මීය මහමුහුණුයි, යම් බඳු වූ හෝ අන්කිසි තිරිසන් යොන් ඇති සත්ත්වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු යි. මහණෙනි, මෙසේ (ස්වභාවයෙන්) විද්‍යාමාන කර්මයෙන් සත්ත්වයාගේ උපත වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්හු කර්මදායාදය යි කියමි.
කම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා, යං කම්මං කරොන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
මහණෙනි, සත්වයෝ කර්ම දායාද්‍ය කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්ම පිළිසරණ කොට ඇති කර්‍මස්වක වෙති. කලණ වේවයි ලමු වේවයි යම් කර්මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිත දණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො න සංසප්පති කායෙන, න සංසප්පති වාචාය න සංසප්පති මනසා. තස්ස උජුං කාය කම්මං හොති, උජුං වචීකම්මං, උජුං මනො කම්මං, උජු ගති, උජූපපත්ති. උජුගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ උජූපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්තසුඛා සග්ගා, යානි වා පන තානි උච්චාකුලානි ඛත්තිය මහාසාළකුලානි වා බ්‍රාහ්මණ මහාසාළකුලානි වා ගහපති මහාසාළකුලානි වා අඩ්ඪානි මහද්ධනානි මහාභොගානි පහූතජාතරූපරජතානි පහූත චිත්තූපකරණානි පහූතධනධඤ්ඤානි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා හැරපියා බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සැත් ඇතියේ පණිවායෙන් වැළැක්කේ වෙයි. පවට ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වෙසෙයි. හෙ කයින් සංසර්‍පණ නො කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ නො කෙරෙයි. මනසින් සංසර්‍පණ නො කෙරෙයි. ඔහුගේ කාය කර්මය ඍජු වෙයි, වාක් කර්ම ඍජු වෙයි, මනඃ කර්ම ඍජු වෙයි, ඍජුගති වෙයි, ඍජු උපපත්ති වෙයි, මහණෙනි, ඍජුගති ඇතියහුට ඍජු උපපත්ති ඇතියහුට මම යම් ඒ ඒකාන්තසුඛ ස්වර්ගයෝ හෝ වෙත් නම් යම් බඳු වූ හෝ ක්ෂත්රිය මහා සාරකුල වෙත්වයි බ්‍රාහ්මණ මහාසාර කුල වෙත්වයි ගෘහපති මහාසාර කුල වෙත්වයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධන ධ්‍යාන ඇති උසස් කුල වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුස්සන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තාති වදාමි.
මහණෙනි, මෙසේ විද්‍යාමාන කර්මයෙන් සත්ත්වයාගේ උපපත්තිය වෙයි. යම් කර්මයක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුල්හු විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්වයෝ කර්මදයාදයයි කියමි.
ඉධ පන භික්ඛවෙ එකච්චො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති -පෙ- ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති -පෙ- අනභිජ්ඣාලූ හොති -පෙ- අබ්යාපන්නචිත්තො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො:
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැක්කේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැක්කේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැක්කේ වෙයි ... පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැක්කේ වෙයි ... පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි ... සම්ප්රඵලාප හැරපියා සම්ප්‍රඵලාපයෙන් වැළැක්කේ වෙයි ... අනභිධ්‍යාලූ වෙයි ... ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි ... අවිපරීතදර්‍ශන ඇති සම්‍යක්දෘෂ්ටික වෙයි:
අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි, පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී ති. සො න සංසප්පති කායෙන, න සංසප්පති වාචාය, න සංසප්පති මනසා, තස්ස උජුං කාය කම්මං හොති, උජුං වචීකම්මං, උජුං මනො කම්මං, උජුගති, උජුපපත්ති.
“දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, හෝමයෙහි ඵල ඇත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලෝ ඇත, පරලෝ ඇත, ඖපපාදුක සත්ත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දනිත් නම් එ බඳු සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි. හෙ කයින් නො හැකිලෙයි, වචනයෙන් නො හැකිලෙයි, මනසින් නො හැකිලෙයි, ඔහට ඍජුකාය කර්ම වෙයි, ඍජුවාක්කර්ම වෙයි, ඍජු මනඃ කර්ම වෙයි, ඍජුගති වෙයි, ඍජු උප්පත්ති වෙයි.
උජුගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ උජුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි. යෙ වා එකන්තසුඛා සග්ගා, යානි වා පන තානි උච්චාකුලානි ඛත්තියමහාසාළ කුලානි වා, බ්‍රාහ්මණ මහාසාළකුලානි වා ගහපති මහාසාළ කුලානි වා, අඩ්ඪානි මහද්ධනානි මහා භොගානි පහුත ජාතරූපරජතානි පහුතචිත්තූපකරණානි, පහූතධනධඤ්ඤානි, ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති, හොති යං කරොති, තෙන උපපජ්ජති උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තාති වදාමි.
මහණෙනි, මම ඍජුගති ඇතියහුට ඍජු උප්පත්ති ඇතියහුට යම් බඳු ඒකාන්ත සුඛ ස්වර්ගයෝ හෝ වෙත් නම් යම් බඳු ක්ෂත්රිය මහාසාරකුල වෙත්වයි, බ්‍රාහ්මණ මහාසාරකුල වෙත්වයි, ගෘහපති මහාසාරකුල වෙත්වයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති, මහාභෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධනධ්‍යාන ඇති උසස් කුලයෝ හෝ වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි. මහණෙනි, විද්‍යාමාන කර්මයෙන් සත්හුගේ උපත වෙයි. යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්ශයෙන් පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්වයෝ කර්මදායාදහයි කියමි.
කම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා යං කම්මං කරොන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
මහණෙනි, සත්ත්වයෝ කර්ම දායාද කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්ම ප්රතිශරණ කොට ඇති කර්‍මස්වක වෙත්. කලණ වේවයි ලමු වේවයි යම් කර්මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්,
අයං ඛො සො භික්ඛවෙ සංසප්පනියපරියායො ධම්ම පරියායොති.
මහණෙනි, මෙ සංසර්‍පණීය පර්‍ය්‍යාය නම් වූ ධර්ම පර්‍ය්‍යාය වේය යි.