යෙදුමෙන් කියවන්න

විසාරද සුත‍්තං

10. 5. 1. 5.

10. 5. 1. 5.

විසාරද සුත‍්තං

විසාරද සූත්‍රය

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා අවිසාරදා අගාරං අජ‍්ඣාවසති. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත අවිශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:

පාණාතිපාතිනී හොති, අදින‍්නාදායිනී හොති, කාමෙසු මිච‍්ඡාචාරිනී හොති, මුසාවාදිනී හොති, පිසුනාවාචා හොති, ඵරුසවාචා හොති, සම‍්ඵප‍්පලාපිනී හොති, අභිජ‍්ඣාලුනී හොති, බ්‍යාපන‍්නචිත‍්තා හොති, මිච‍්ඡාදිට‍්ඨිකා හොති.

පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි, කාමයන්හි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, පිසුනුබස් ඇත්තී වෙයි, පරොස්බස් ඇත්තී වෙයි, සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි. ව්‍යාපාදයට අවන් සිතැත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි,

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා අවිසාරදා අගාරං අජ‍්ඣාවසති.

මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උපාසිකා තොමෝ අවිශාරද වූවා ගිහිගෙයි වසයි.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා විසාරදා අගාරං අජ‍්ඣාවසති. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත විශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:

පාණාතිපාතා පටිවිරතා හොති, අදින‍්නාදානා පටිවිරතා හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා හොති, මුසාවාදා පටිවිරතා හොති, පිසුනාය වාචාය පටිවිරතා හොති, ඵරුසාය වාචාය පටිවිරතා හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතා හොති, අනභිජ‍්ඣාලුනී හොති, අබ්‍යාපන‍්නචිත‍්තා හොති, සම‍්මාදිට‍්ඨිකා හොති.

පණිවායෙන් වැළැකියා වෙයි, අයිනාදනින් වැළැකියා වෙයි, කාමයන්හි මිස හසරින් වැළැකියා වෙයි, මුසවායෙන් වැළැකියා වෙයි, පිසුනුබසින් වැළැකියා වෙයි, පරොස් බසින් වැළැකියා වෙයි, සම්ප්‍රඵලාපයෙන් වැළැකියා වෙයි. අභිධ්‍යා බහුල කොට නැත්තී වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැත්තී වෙයි. සම්‍යග්දෘෂ්ටි ඇත්තී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා විසාරදා අගාරං අජ‍්ඣාවසතීති.

මහණෙනි, මෙ දස කරුණින් යුත් උපාසිකා තොමෝ විශාරද වූවා ගිහිගෙයි වසයි.