යෙදුමෙන් කියවන්න

උපාසිකා සුත‍්තං

10. 5. 1. 4.

10. 5. 1. 4.

උපාසිකා සුත‍්තං

උපාසිකා සූත්‍රය

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:

පාණාතිපාතිනී හොති, අදින‍්නාදායිනී හොති, කාමෙසු මිච‍්ඡාචාරිණී හොති, මුසාවාදිනී හොති, පිසුනාවාචා හොති, ඵරුසාවාචා හොති, සම‍්ඵප‍්පලාපිනී හොති, අභිජ‍්ඣාලුනී හොති, බ්‍යාපන‍්නචිත‍්තා හොති, මිච‍්ඡාදිට‍්ඨිකා හොති.

පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි. කාමයන්හි මිස හසර ඇත්තී වෙයි. මුසවා කියන්නී වෙයි. පිසුනු බස් ඇත්තී වෙයි. පරොස් බස් ඇත්තී වෙයි. සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි, ව්‍යාපාදයට අවන් සිත් ඇත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ.

මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙ. කතමෙහි දසහි:

මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ වේ ද එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:

පාණාතිපාතා පටිවිරතා හොති -පෙ- සම‍්මාදිට‍්ඨිකා හොති.

පණිවායෙන් වැළැකියා වෙයි .... සම්දිටු ඇත්තී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතා උපාසිකා යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙති.

මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දෙයක් බහාතැබුයේ යම්සේ වේද, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වේ යයි.