යෙදුමෙන් කියවන්න

මාතුගාම සුත‍්තං

10. 5. 1. 3.

10. 5. 1. 3.

මාතුගාම සුත‍්තං

මාතුගාම සූත්‍රය

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි දසහි:

මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත මාගම් ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:

පාණාතිපාතී හොති අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනා වාචො හොති, ඵරුසා වාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්න චිත‍්තො හොති, මිච‍්ඡා දිට‍්ඨිකො හොති.

ප්‍රාණඝාතී වෙයි, නුදුන් දැ ගන්නේ වෙයි, කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන්නේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, සම්ප්‍රඵලාප ඇතියේ වෙයි, අභිධ්‍යා බහුලකොට ඇත්තේ වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො යථාභතං නික‍්ඛිත‍්තෙ එවං නිරයෙ.

මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දශයෙකින යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලූ හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති.

පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසිනු බසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැතියේ වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.

මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.