දුතියනිරය සුත‍්තං
10. 5. 1. 2.
10. 5. 1. 2.
දුතියනිරය සුත‍්තං
දුතියනිරය සූත්‍රය
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්ද බහාතැබුයේ යම්සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතී හොති ලුද‍්දො ලොහිතපාණී හතපහතෙ නිවිට‍්ඨො අදයාපන‍්නො සබ‍්බපාණභූතෙසු. අදින‍්නාදායී හොති -පෙ- කාමෙසු මිච‍්ඡාචාරී හොති -පෙ- මුසාවාදී හොති -පෙ- පිසුනාවාචො හොති -පෙ- ඵරුසාවාචො හොති -පෙ- සම‍්ඵප‍්පලාපී හොති -පෙ- අභිජ‍්ඣාලූ හොති -පෙ- ව්‍යාපන‍්නචිත‍්තො හොති -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරීතදස‍්සනො, ‘නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙයින් වැකුණු අත් ඇතියේ නැසුම් වොලො ගැනුම්හි බටුයේ හැම සතුන් කෙරෙහි දයාවට නො පැමිණියේ ප්‍රාණඝාතී වෙයි. නුදුන්දෑ ගන්නා සුළු වෙයි. ... කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. ... මුසවා කියන්නේ වෙයි ... පිසුනුබස් ඇතියේ වෙයි .... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ඵප්‍රලාප ඇතියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ වෙයි ... ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි ... “දුන් දෑ පල නැත, යාගයෙහි පල නැත, හෝමයෙහි පල නැත, සුකෘතදුෂ්කෘතයෙහි ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි යමෙක් තුමූ ම මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක්කොට ප්‍රකට කොට දනිත් නම් එ බඳු මහණ බමුණෝ නැතැ”යි විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙති.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි දසහි:
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම්සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙක යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො, ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති -පෙ- කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- පිසුනං වාචං පහාය පිසුනා වාචා පටිවිරතො හොති -පෙ- ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති -පෙ- සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති -පෙ- අනභිජ‍්ඣාලූ හොති -පෙ- අබ්‍යාපන‍්නචිත‍්තො හොති -පෙ- සම‍්මා දිට‍්ඨිකො හොති අවිපරීතදස‍්සනො, ‘අත්‍ථි දින‍්නං අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා, සම‍්මා පටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ ප්‍රාණඝාතය හැරපියා ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. දයාවට පැමිණියේ සවුසතුන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වාසය කරයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි ... පිසුනු බස් හැර පියා පිසුනු බසින් වැළැකියේ වෙයි ... පරොස් බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි … සම්ඵප්‍රලාපය හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ නො වෙයි ... ව්‍යාපාදයට නො පත් සිතැතියේ වෙයි ... “දුන්දැයෙහි පල ඇති, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘත දුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත, යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට මොනොවට දක්නාහු නම්, එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග් දෘෂ්ටික වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එනලද දැයක් බහා තැබූයේ යම්සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.