පඨමනිරය සුත්තං
10. 5. 1. 1.
10. 5. 1. 1.
පඨමනිරය සුත්තං
පඨමනිරය සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
දසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
මහණෙනි, දස කරුණකින් සමන්වාගත වූයේ ගෙනවුත් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දස කරුණකින යත්:
1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු.
1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙ වැකුණු අත් ඇතියේ නැසුම් වොලොගැණුම්හි බටුයේ සර්වප්රාණභුතගණයා කෙරෙහි දයාවට නො පතුයේ ප්‍රාණඝාතී වෙයි.
2. අදින්නාදායී හොති. යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
2. නුදුන්දෑ ගන්නා සුලු වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ එ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමෙසු මිච්ඡාචාරී හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලා ගුලපරික්ඛිත්තාපි, තථා රූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති.
3. කාමයෙහි මිසහසර ඇත්තේ වෙයි. මාතෘරක්ෂිතා ය, පිතෘරක්ෂිතාය, මාතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ගෝත්රරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි හැසිරෙන බවට පැමිණියේ වෙයි.
4. මුසාවාදී හොති සභාගතො වා පරිසගතො වා ඤාති මජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස, යං ජානාහි, තං වදෙහී’ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති. ජානං වා ආහ ‘න ජානාමී’ති අපස්සං වා ආහ, ‘පස්සාමී’ති පස්සං වා ආහ, න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
4. සභාගත වේවයි පර්ෂද්ගත වේවයි, ඥාතිමධ්යගත වේවයි, පූගමධ්යගත වේවයි, රාජකුලමධ්යගත වේවයි ඉදිරියට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව යමක් දිනිහි නම් එ කියව”යි, සාක්ෂ්‍ය පුළුවුස්නා ලදුයේ මුසාවාදී වෙයි. හේ නො දන්නේ හෝ “දන්මි”යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මී’යි කියයි, මෙසේ තමා හේතු කොට වේව යි මෙරමා හේතු කොට වේවායි කිසියම් ආමිසයක් හේතුකොට වේවයි, දැන දැන මුසවා බණන්නේ වෙයි.
5. පිසුනාවාචො හොති, ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා, භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දි වග්ගකරණිං වාචං භාසිතා හොති.
5. පිසුනුබස් ඇතියේ වෙයි. මොවුන්ගේ භේදයට මෙ තැනින් අසා කියන්නේ වෙයි. එහි හෝ අසා ඔවුන්ගේ භේදයට මොවුනට කියන්නේ ය. මෙසේ සමගයන් හෝ බිඳින සුලුවූයේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්ගයෙහි රැඳියේ වර්‍ගරත වූයේ වර්ගයෙහි සතුටු වන්නේ වර්ග කරණ වදන් කියන්නේ වෙයි.
6. ඵරුසාවාචො හොති, යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා තථාරූපිං වාචං භාසිතා හොති.
6. පරොස්බස් ඇතියේ වෙයි. නො සබැඳි කැකුළු මෙරමා කටුක පරාගටනා ක්‍රෝධය වටා ඇති සමාධිට අහිත යම් ඒ තෙපුලක් වේ නම් එබඳු තෙපුල් කියන්නේ වෙයි.
7. සම්ඵප්පලාපී හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං.
7. අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්මවාදී ව අවිනයවාදී ව සම්ඵප්‍රලාප කියන සුලු වෙයි. සිත්හිලා නො දැරිය යුතු නො කල්හි කරුණු රහිත පරිච්ඡේද රහිත අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් කියන්නේ වෙයි.
8. අභිජ්ඣාලූ හොති යං තං පරස්ස පරචිත්තූපකරණං, තං අභිජ්ඣිතා හොති, ‘අහොවත යං පරස්ස තං මම අස්සා’ති.
8. අභිධ්‍යා බහුල කොට ඇත්තේ වෙයි, මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, “අහෝ, ඒ කැතින් යමක් මෙරමාගේ වේ නම් එ මට වේව”යි. එය ගිජුසිතින් පතනේ වෙයි,
9. බ්යාපන්නචිත්තො හොති පදුට්ඨමනසඞ්කප්පො, ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුන්ති”.
9. ප්රදුෂ්ටමනඃ සඞ්කල්ප ඇතියේ “මෙ සත්හු නැසෙත් වායි හෝ බැඳෙත්වයි හෝ මුලුසුන් වෙත්වයි හෝ වැනසෙත්වයි හෝ නහමක් වෙත්වයි හෝ” ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි.
10. මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
10. දුන්දැයෙහි පල නැත, යාගයෙහි නැත, හෝමයෙහි පල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවක් නැත, පියෙක් නැත, ඖපපාදුක සත්ත්වයෝ නැත, ලොව්හි යහමගට ගිය මනා පිළිවෙත් සපන් යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට සකසා දනිත් නම් එ බඳු මහණබමුණෝ නැත.
ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ දසකරුණින් සමන්වාගත වූයේ ගෙනවුත් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරාහි නික්‍ෂිප්ත වෙයි.
දසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි දසහි:
මහණෙනි, දසකරුණෙකින් සමන්වාගත වූයේ ගෙනවුත් තැබූයේ යම් සේ නම් එසේ ස්වර්ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයකින යත්:
1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
1. මහණෙනි, මෙ ලොව්හි ප්‍රාණඝාතය දුරු කොට බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වෙයි. සර්වප්රාණභූතගණයා කෙරෙහි හිතානුකම්පීව වෙසෙයි.
2. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
2. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැක්කේ වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ විත්තොපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා, පිතුරක්ඛිතා, මාතාපිතුරක්ඛිතා, භාතු රක්ඛිතා, භගිනීරක්ඛිතා, ඤාතිරක්ඛිතා, ගොත්තරක්ඛිතා, ධම්මරක්ඛිතා, සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති.
3. කාමමිථ්‍යාචාරය හැර පියා කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි. මාතෘරක්ෂිතා ය, පිතෘරක්ෂිතාය, මාතෘපිතෘ රක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ගෝත්රරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්ෂිප්ත වු දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි නො හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
4. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො, “එහම්භො පුරිස, යං ජානාහි, තං වදෙහී”ති. සො අජානං වා ආහ: ‘න ජානාමී’ති. ජානං වා ආහ, ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති. පස්සං වා ආහ, ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
4. මුසාවාදය හැරපියා මුසාවායෙන් වැළැක්කේ වෙයි. සභාගත වේවයි, පර්ෂද්ගත වේවයි, ඥාතිමධ්යගත වේවයි, පූගමධ්යගත වේවයි, රාජකුලමධ්යගත වේවයි, කැඳවනු ලදුයේ “එම්බා පුරුෂයා, එව යමක් දනිහි නම් එ කියව”යි සාක්ෂ්‍ය පුළුවුස්නා ලදුයේ වෙයි. හේ නො දන්නේ හෝ ‘නොදන්මි’යි කියයි. දන්නේ හෝ ‘දන්මි’යි කියයි, නො දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ කිසි ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො කියන්නේ වෙයි.
5. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ග නන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති.
5. පිසුනුබස් හැරපියා පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ භේදය සඳහා එහි නො කියනේ ය, එ තන්හි හෝ අසා මොවුන්ගේ භේදය සඳහා මොවුනට නො කියන්නේ ය. මෙසේ බිඳුනවුන් හෝ සන්ධාන කරණුයේ සමගයනට හෝ අනුබල දෙනුයේ සමගියෙහි ඇලුමැතියෝ සමගයන් කෙරෙහි රැඳියේ සමග වූවන් දැක තුස්නේ සමග කරනු බස් කියන්නේ වෙයි.
6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා තා වාචා නෙලා කණ්ණසුඛා පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති.
6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකියේ වෙයි, යම් ඒ බසෙක් නිදොස් වේ ද, කනට සුව එළවා ද, ප්‍රේම දනවා ද හාදයාඞ්ගම වේ ද ගුණෙන් පිරිපුන් වේ ද, බොහෝ දෙනාට කාන්ත වේ ද, බොහෝ දෙනාට මනවඩා ද එ බඳු බස් කියන්නේ වෙයි.
7. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
7. සම්ඵප්‍රලාප හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. කාලවාදී ව භූතවාදී ව අර්ත්ථවාදී ව ධර්මවාදී ව විනයවාදී ව ලෙහි රඳවා ගතයුතු බස් කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට සහිත කොට කියන්නේ වෙයි.
8. අනභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං, තං අනභිජ්ඣිතා හොති, “අහො වත යං පරස්ස තං මම අස්සා”ති.
8. අභිධ්‍යා බහුල කොට නැත්තේ වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, එය “අහෝ, යමක් මෙරමාගේ වේ නම්, එය මට වේව”යි ගිජු සිතින් නො පතන්නේ වෙයි.
9. අබ්යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසඞ්කප්පො, ‘ඉමෙ සත්තා අවෙරා හොන්තු අව්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු”ති.
9. “මෙ සත්ත්වයෝ වෛර නැත්තාහු ව්‍යාපාද නැත්තාහු දුක් නැත්තාහු සැප ඇත්තාහු ආත්මපරිහරණ කෙරෙත්වා” අප්රදුෂ්ට මනස්සඞ්කල්ප ඇතියේ ව්‍යාපාදයට නො පත් සිත් ඇත්තේ වෙයි.
10. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො, ‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා, සම්මා පටිපන්නා, යො ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
10. ‘දුන් දෑ පල ඇත, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘතදුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත. මෙ ලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුකසත්ත්වයෝ ඇත, ලොව්හි සම්යග්ගතව සම්යක්ප්රතිපත්තියට පත්ව යමෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දන්නාහු නම් එබඳු මහණ බමුණෝ ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මෙ දසකරුණෙන් සමන්වාගත වූයේ (හිසින්) ගෙනා දැයක් යම්සේ බහා තැබුයේ වේ නම් එසේ ස්වර්ගයෙහි නික්‍ෂිප්ත වෙයි.