යෙදුමෙන් කියවන්න

5. අපරපුග‍්ගල වග‍්ගො

5. අපරපුග්ගල වර්‍ගය

10. 4. 5. 1-12.

10. 4. 5. 1-12.

සෙවිතබ‍්බාදි ද‍්වාදස සුත‍්තානි

සේවිතබ්බාදි ද්වාදශ සූත්‍රයෝ

1. දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො න සෙවිතබ‍්බො, කතමෙහි දසහි:

1. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගලයා නො සෙවිය යුත්තේ ය. කවර දසයෙකින යත්:

පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨිකො හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො න සෙවිතබ‍්බො,

පණිවා කරණුයේ වෙයි, නුදුන් දෑ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා කියන සුලුයේ වෙයි. පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, අභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට වන් සිතැතියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුත්තේය.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො සෙවිතබ‍්බො. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණකින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේ ය, කවර දසයෙකින යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලූ හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො සෙවිතබ‍්බොති.

පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට නො වන් සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේය යි.

2. දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො න භජිතබ‍්බො -පෙ- භජිතබ‍්බොති.

2. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො බිජිය යුත්තේ ය ... බිජිය යුත්තේ ය යි.

3. න පයිරුපාසිතබ‍්බො -පෙ- පයිරුපාසිතබ‍්බොති,

3. පර්‍ය්‍යුපාසනා නො කොට යුත්තේ ය. -පෙ- පර්‍ය්‍යුපාසනා කොට කටයුත්තේය යි.

4. න පුජ‍්ජො හොති -පෙ- පුජ‍්ජො හොතී ති,

4. පූජ්‍ය නො වේ -පෙ- පූජ්‍ය වේ යයි.

5. න පාසංසො හොති - පාසංසො හොතී ති,

5. ප්‍රශංසාර්‍හ නො වේ -පෙ- ප්‍රශංසාහ වේ යයි.

6. අගාරවො හොති - සගාරවො හොතී ති,

6. ගෞරව නැතියේ වෙයි -පෙ- ගෞරව සහිත වේ යයි.

7. අප‍්පතිස‍්සො හොති -පෙ- සප‍්පතිස‍්සො හොතී ති,

7. ප්‍රතිශය නැතියේ වෙයි -පෙ- ප්‍රතිශය සහිත වේ යයි.

8. නාරාධකො හොති -පෙ- ආරාධකො හොතී ති,

8. ආරාධක නො වේ -පෙ- ආරාධක වේ යයි.

9. න විසුජ‍්ඣති -පෙ- විසුජ‍්ඣතීති.

9. විශුද්ධ නො වේ -පෙ- විශුද්ධ වේ යයි.

10. මානං නාභිභොති -පෙ- මානං අනභිභොතීති.

10. මානය නො මඩනේ ය -පෙ- මානය මඩනේ සයි.

11. පඤ‍්ඤාය න වඩ‍්ඪති -පෙ- පඤ‍්ඤාය වඩ‍්ඪතීති.

11. ප්‍රඥායෙන් නො වඩනේ ය. -පෙ- ප්‍රඥායෙන් වැඩෙන්නේ ය.

12. බහුං අපුඤ‍්ඤං පසවති -පෙ- බහුං පුඤ‍්ඤං පසවති, කතමෙහි දසහි:

12. බොහෝ අපුණ්‍යය රැස් කෙරෙයි ... බොහෝ පින් රැස්කෙරෙයි. කවර දසකරුණින යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලූ හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මා දිට‍්ඨිකො හොති,

පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, පිසුනු බසින් වැළැකියේ වෙයි, පරොස් බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි, ව්‍යාපාදයට වන් සිත් නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො බහුං පුඤ‍්ඤං පසවතීති.

මහණෙනි, මේ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කරන්නේය යි.

පුග‍්ගලවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි පුද්ගල වර්‍ග යි.

චතුත්‍ථො පණ‍්ණාසකො.

සතරවන පණ්ණාසකය යි.