කරජකාය සුත‍්තං
10. 5. 1. 9.
10. 5. 1. 9.
කරජකාය සුත‍්තං
කරජකාය සූත්‍රය
නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්චෙ ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්‍වෙවාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං වදාමි.
මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ වෙයි. දෙවන ජන්මයෙහි හෝ වෙයි. ජන්මාන්තරයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක කෙළවර කිරීමක් නො ම කියමි.
ස ඛො සො භික‍්ඛවෙ අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්‍ථං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති.
මහණෙනි, ඒ මේ අරීසවු මෙසේ පහ වූ අභිධ්‍යා ඇතියේ පහ වූ ව්‍යාපාද ඇතියේ අසම්මූඪ වූයේ සම්‍යක් ප්‍රඥා ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ මෙත්සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැමතාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාපාද මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙයි.
සො එවං පජානාති: “පුබ‍්බෙ ඛො මෙ ඉදං චිත‍්තං පරිත‍්තං අහොසි අභාවිතං. එතරහි පන මෙ ඉදං චිත‍්තං අප‍්පමාණං සුභාවිතං. යං ඛො පන කිඤ‍්චි පමාණකතං කම‍්මං, න තං තත්‍රාවසිස‍්සති. න තං තත්‍රාවතිට‍්ඨතී’ති.
හෙ මෙසේ දනියි: “පෙර වනාහි මාගේ මෙ සිත අභාවිත වූයේ පරිත්ත විය. දැන් වනාහි මාගේ මේ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි. යම් කිසි ප්‍රමාණ කෘත කර්‍මයක් වේ නම් ඒ එහි අවශිෂ්ට නො වෙයි. ඒ එහි නො සිටුනේ” යි.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ දහරතග‍්ගෙ චෙ සො අයං කුමාරො මෙත‍්තං චෙතො විමුත‍්තිං භාවෙය්‍ය, අපි නු ඛො පාපකම‍්මං කරෙය්‍යාති? නො හෙතං භන‍්තෙ.
මහණෙනි, ඒ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර මෛත්‍රීචිත්ත විමුක්තිය වඩනේ නම් පව් කමක් නම් කෙරේ දැ යි. වහන්ස, තෙල නො වේ මැයි.
අකරොන‍්තං ඛො පන පාපකම‍්මං අපි නු ඛො දුක‍්ඛං ඵුසෙය්‍යාති?
දුක පාපකර්‍ම නො කරන්නාහු පහස්නේ දැ යි.
නො හෙතං භන‍්තෙ, අකරොන‍්තං හි භන‍්තෙ පාපකම‍්මං කුතො දුක‍්ඛං ඵුසිස‍්සතී ති.
වහන්ස, තෙල නො වේ මැයි. වහන්ස, දුක පව් නො කරන්නහු කෙසේ නම් පහස්නේ ද?
භාවෙතබ‍්බා ඛො පනායං භික‍්ඛවෙ මෙත‍්තාචෙතොවිමුත‍්ති ඉත්‍ථියා වා භික‍්ඛවෙ පුරිසෙන වා. ඉත්‍ථියා වා භික‍්ඛවෙ පුරිසස‍්ස වා නායං කායො ආදාය ගමනීයො. චිත‍්තන‍්තරො භික‍්ඛවෙ මච‍්චො. සො එවං පජානාති: “යං ඛො මෙ ඉධ කිඤ‍්චි පුබ‍්බෙ ඉමිනා කරජකායෙන පාපකම‍්මං කතං, සබ‍්බං තං ඉධ වෙදනීයං, න තං අනුගං භවිස‍්සතී”ති.
මහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි පුරුෂයකු විසින් වේවයි මේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩිය යුතු මැයි. ස්ත්‍රියගේ වේවයි, පුරුෂයාගේ වේවයි මේ කරජකායය පරලෝ ගෙන යා හැකි නො වේ මැයි. මහණෙනි, මේ මිනිස් තෙම චිත්තක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හේ මෙසේ දනී: “මෙ ලොව්හි ම විසින් පෙර මෙ කරජකයින් යම් කිසි පව්කමක් කරන ලද නම් එ හැම මෙ ලොව්හි ම වින්ද යුතු වෙයි. (උපපද්‍ය වේදනීය විසින්) එය අනුව යන්නක් නො වන්නේ ය”යි.
එවං භාවිතා ඛො භික‍්ඛවෙ මෙත‍්තාචෙතොවිමුත‍්ති අනාගාමිතාය සංවත‍්තති, ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතො.
මහණෙනි, මෙසේ වඩනා ලද මෛත්‍රී චිත්තවිමුක්තිය මතුයෙහි අර්‍හත්ත්‍ව විමුක්තිය නො පිළි විදුනා ප්‍රඥා ඇති මහණහට මෙලොව්හිදී ම අනාගාමී බව පිණිස වැටෙයි.
කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතා සහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්‍ථං - ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති.
කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය - තෙවන දිග ද එසේ ය - සිවුවන දිගද එසේ ය - මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැම තාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර ව්‍යාපාද රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙයි.
සො එවං පජානාති, “පුබ‍්බෙ ඛො මෙ ඉදං චිත‍්තං අප‍්පමාණං පරිත‍්තං අහොසි අභාවිතං, එතරහි පන මෙ ඉදං චිත‍්තං සුභාවිතං. යං ඛො පන මෙ කිඤ‍්චි පමාණකතං කම‍්මං, න තං තත්‍රාවසිස‍්සති, න තං තත්‍රාවතිට‍්ඨතී”ති.
හෙ මෙසේ දනී: “පෙර වනාහි මාගේ සිත අභාවිත වූයේ පරිත්ත වීය. දැන් වනාහි මාගේ මෙ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි, ම විසින් යම් ම කර්‍මයක් ප්‍රමාණ කරන ලද ද ඒ කර්‍මය මෙහි අවශිෂ්ට නො වෙයි. එ එහි නො සිටුනේ ය”යි.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ දහරතග‍්ගෙ චෙ සො අයං කුමාරො උපෙක‍්ඛං චෙතොවිමුත‍්තිං භාවෙය්‍ය, අපි නු ඛො පාපකම‍්මං කරෙය්‍යාති?
මහණෙනි, එ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර උපේක්‍ෂා චිත්ත විමුක්තිය වඩනේ නම් පව්කම් කරන්නේ දැ යි.
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ ම ය.
අකරොන‍්තං ඛො පන පාපකම‍්මං අපි නු ඛො දුක‍්ඛං ඵුසෙය්‍යාති?
දුක පව්කම් නො කරන්නහු පහස්නේ දැ යි.
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැයි.
අකරොන‍්තං හි භන‍්තෙ පාපකම‍්මං කුතො දුක‍්ඛං ඵුසිස‍්සතී ති.
වහන්ස, දුක පාපකර්‍ම නො කරන්නහු කිසේ නම් පහස්නේ දැ යි.
භාවෙතබ‍්බා ඛො පනායං භික‍්ඛවෙ උපෙක‍්ඛා චෙතොවිමුත‍්ති ඉත්‍ථියා වා පුරිසෙන වා. ඉත්‍ථියා වා භික‍්ඛවෙ පුරිසස‍්ස වා නායං කායො ආදාය ගමනීයො. චිත‍්තන‍්තරො අයං භික‍්ඛවෙ මච‍්චො. සො එවං පජානාති: “යං ඛො මෙ ඉධ කිඤ‍්චි පුබ‍්බෙ ඉමිනා කරජකායෙන පාපකම‍්මං කතං, සබ‍්බං තං ඉධ වෙදනියං. න තං අනුගං භවිස‍්සතී ති. එවං භාවිතා ඛො භික‍්ඛවෙ උපෙක‍්ඛා චෙතොවිමුත‍්ති අනාගාමිතාය සංවත‍්ත ති. ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතො ති.
මහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි මේ උපේක්‍ෂාචේතෝ විමුක්තිය වැඩිය යුතුය. මහණෙනි, ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ මේ කය පරලොව ගෙන යා හැකි නො වේ. මහණෙනි, මෙ මිනිස් තෙම චිත්ත ක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හෙ මෙසේ දනී: “ම විසින් මෙ ලොව්හි පෙර මෙ කරජකයින් යම් පව්කමක් කරණ ලද නම් එ හැම මෙලොව වින්ද යුතු වෙයි. එය අනුගතයෙක් නො වන්නේ ය”යි මහණෙනි, මෙසේ වඩනා ලද උපේක්‍ෂාචිත්ත විමුත්තිය මතුයෙහි අර්‍හත්‍ව චිත්තවිමුක්තිය නො පිළි විදුනා ප්‍රාඥභික්‍ෂූහුගේ මෙලොව්හිදී අනගැමි බව පිණිස වැටේ යි.