යෙදුමෙන් කියවන්න

අධම‍්මචරියා සුත‍්තං

10. 5. 1. 10.

10. 5. 1. 10.

අධම‍්මචරියා සුත‍්තං

අධම්මචරියා සූත්‍රය

අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

එ සඳ එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:

කො නු ඛො භො ගොතම හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තී ති?

භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත දුර්‍ගති සඞ්ඛ්‍යාත විනිපාත නම් වූ නිරයෙහි උපදනාහු නම් එ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.

අධම‍්මචරියා විසමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තීති.

බ්‍රාහ්මණය, අධර්‍මචර්‍ය්‍යයා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙලොව් හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සංඛ්‍යාත, දුර්‍ගති සංඛ්‍යාත, විපාත නම් වූ නිරයෙහි උපදනා හු ය යි.

කො පන භො ගොතම හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති?

භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයෙහි උපදනාහු නම්, ඒ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.

ධම‍්මචරියා සමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන කාබුන් මරණින් පසු සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදනාහයි.

න ඛො අහං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතු යථාහං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් නො දනිම් මැයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් මම විස්තර විසින් දැන ගනිම් නම්, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක් නම් මැනැවි.

තෙන හි බ්‍රාහ‍්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි භාසිස‍්සාමීති.

බ්‍රාහ්මණය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.

එවං හොති ඛො සො බ්‍රාහ‍්මණො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

පින්වතුන් වහන්ස, එසේ ය යි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.

තිවිධා ඛො බ්‍රාහ‍්මණ, කායෙන අධම‍්මචරියා විසමචරියා හොති. චතුබ‍්බිධා වාචාය අධම‍්මචරියා විසමචරියා හොති. තිවිධා මනසා අධම‍්මචරියා විසමචරියා හොති.

බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ, තිවිධා කායෙන අධම‍්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, තිවිධා කායෙන අධම‍්මචරියා විසමචරියා හොති.

බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ චතුබ‍්බිධා වාචාය අධම‍්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, චතුබ‍්බිධා වාචාය අධම‍්මචරියා විසමචරියා හොති.

බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ වනාහි වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ තිවිධා මනසා අධම‍්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, තිවිධා මනසා අධම‍්මචරියා විසමචරියා හොති.

බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.

එවං අධම‍්මචරියා විසමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

බ්‍රාහ්මණය, මෙසේ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදනා හ.

තිවිධා ඛො බ්‍රාහ‍්මණ, කායෙන ධම‍්මචරියා සමචරියා හොති. චතුබ‍්බිධා වාචාය ධම‍්මචරියා සමචරියා හොති. තිවිධා මනසා ධම‍්මචරියා සමචරියා හොති.

බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ, තිවිධා කායෙන ධම‍්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, තිවිධා කායෙන ධම‍්මචරියා සමචරියා හොති.

බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ චතුබ‍්බිධා වාචාය ධම‍්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, චතුබ‍්බිධා වාචාය ධම‍්මචරියා සමචරියා හොති.

බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.

කථඤ‍්ච බ්‍රාහ‍්මණ තිවිධා මනසා ධම‍්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්‍රාහ‍්මණ, තිවිධා මනසා ධම‍්මචරියා සමචරියා හොති.

බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.

එවං ධම‍්මචරියා සමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තී ති.

බ්‍රාහ්මණය, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනාහ යි.

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.

කරජකායවග‍්ගො පඨමො.

ප්‍රථම කරජකාය වර්‍ගය යි.