පඨම සුත‍්තං
10. 5. 2. 1.
10. 5. 2. 1.
පඨම සුත‍්තං
පළමුවැනි සූත්‍රය
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
මහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලදුවක් බහා තැබුයේ යම් සේ ද එසේ නිරයෙහි වෙයි. කවර දසයෙකින යත්:
පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණාවාචො හොති, ඵරුසාවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති. මිච‍්ඡාදිට‍්ඨිකො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
පණිවා කරනුයේ වෙයි. නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා බණන සුලුයේ වෙයි. පිසුන් බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යාලූ වෙයි. ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. මහණෙනි, මේ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි වෙයි.
දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි දසහි:
මහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර දසයෙකින යත්:
පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. අනභිජ‍්ඣාලූ හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනු බසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි. අබ්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.