දුතිය සුත‍්තං
10. 5. 2. 2.
10. 5. 2. 2.
දුතිය සුත‍්තං
දෙවැනි සූත්‍රය
වීසතියා භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි වීසතියා:
මහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති. අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති.
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. තෙමේ ද නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි. මෙරමා ද අයිනාදනින් සමාදන් කරවයි.
අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති. අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති. අත‍්තනා ච පිසුනවාචො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය සමාදපෙති. අත‍්තනා ච ඵරුසාවාචො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය සමාදපෙති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති. අත‍්තනා ච අභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අභිජ‍්ඣාය සමාදපෙති. අත‍්තනා ච ව්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච ව්‍යාපාදෙ සමාදපෙති. අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති. ඉමෙහි ඛො භික‍්ඛවෙ වීසතියා ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
තෙමේ ද කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරයෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසවා ඇතියේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනු බස්හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේ ද මිථ්‍යා දෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටිකයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ විසි කරුණිකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි.
වීසතියා භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ, කතමෙහි වීසතියා,
මහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ‍්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච අනභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අනභිජ‍්ඣාය සමාදපෙති. අත‍්තනා ච අබ්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච අබ්‍යාපාදෙ සමාදපෙති. අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති.
තෙමේ ද පණිවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පණිවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් වැළැකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිස හසරින් වැළැකියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසාවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසාවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පරොස් බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලපායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද අව්‍යාපාදයට සිතැතියේ වෙයි. මෙරමා ද අව්‍යාපාදායෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්‍යක්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යක්දෘෂ්ටිකයෙහි සමාදන් කරවයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ වීසතියා ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, මේ විසි කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.