යෙදුමෙන් කියවන්න

තතිය සුත‍්තං

10. 5. 2. 3.

10. 5. 2. 3.

තතිය සුත‍්තං

තුන්වැනි සූත්‍රය

තිංසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි තිංසාය:

මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර තිසෙකින යත්:

අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති, අදින‍්නාදානෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච පිසුනවාචො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච ඵරුසවාචො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති, සම‍්ඵප‍්පලාපෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච අභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අභිජ‍්ඣාය සමාදපෙති, අභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච ව්‍යාපන‍්න චිත‍්තො හොති, පරඤ‍්ච ව්‍යාපාදෙ සමාදපෙති, ව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති, මිච‍්ඡාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තිංසාය ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙති.

තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද අදින්නාදායී වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සම සිතැතියේ ද වෙයි. තෙමේ ද කාමයන්හි මිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද මුසවා කියන සුලු වෙයි. මෙරමා දු මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සම සිතැතියේ ද වෙයි. තෙමේ පිසුනු බසැතියේ ද වෙයි. මෙරමා ද පිසුනුයෙහි සමාදන් කරවයි. පිසුනු බස්හි සමනුඥ වෙයි. තෙමේ පරොස් බසැතියේ ද වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි. පරොස් බස්හි තෙමේ සමනුඥ ද වෙයි. තෙමේ සම්ඵප්‍රලාප කියනුයේ ද වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. තෙමේ අභිධ්‍යාලූ ද වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ව්‍යාපාදයට පත් සිතැතියේ ද වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ මිථ්‍යාදෘෂ්ටික ද වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මෙ තිස් දහමින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් පරිදි වේ නම්, එසේ නිරයෙහි වෙයි.

තිංසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි තිංසාය:

මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් පරිදි වේ නම් එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි: කවර තිස් කරුණෙකින යත්:

අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති, අදින‍්නාදානා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති.

තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාත විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ අයිනාදනින් වැළකියේ ද වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වැළකීමෙහි සමනුඥ ද වෙයි. තෙමේ කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාර විරතියෙහි සමනුඥ ද වෙයි.

අත‍්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ‍්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති, සම‍්ඵප‍්පලාපා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච අනභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අනභිජ‍්ඣාය සමාදපෙති, අනභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච අබ්‍යාපන‍්න චිත‍්තො හොති, පරඤ‍්ච අව්‍යාපාදෙ සමාදපෙති, අව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති. අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති, සම‍්මාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ තිංසාය ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.

තෙමේ ද මුසවායෙන් වැළකියේ වෙයි. මෙරමා ද මෘෂාවාද විරතියෙහි සමාදන් කරවයි. මෘෂාවාද විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පිසුනු බසින් වැළකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පිසුන් වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පරුෂ වචනයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පරුෂවචනවිරතියෙහි සමාදන් කරවයි. පරුෂ වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපවිරතියෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මේ තිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ ද එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි.