චතුත්‍ථ සුත‍්තං
10. 5. 2. 4.
10. 5. 2. 4.
චතුත්‍ථ සුත‍්තං
සතරවැනි සූත්‍රය
චත‍්තාරීසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චත‍්තාරීසාය:
මහණෙනි, ධර්‍ම සතළිසෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර සතළිසෙකින යත්:
අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ‍්ඤො හොති, පාණාතිපාතස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති, අදින‍්නාදානෙ ච සමනුඤ‍්ඤො හොති, අදින‍්නාදානස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරෙ ච සමනුඤ‍්ඤො හොති, කාමෙසු මිච‍්ඡාචාරස‍්ස ච වණ‍්ණං භාසති.
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදන් ගන්නාසුලු වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සමනුඥ ද වෙයි. අයිනාදන්හි ගුණ ද බෙණෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යාචාරයාගේ ගුණ ද බෙණෙයි.
අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ‍්ඤො හොති, මුසාවාදස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච පිසුනවාචො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය සමනුඤ‍්ඤො හොති, පිසුනාය ච වාචාය වණ‍්ණං භාසති.
තෙමේ ද මුසවා කියනසුලු වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සමනුඥ ද වෙයි. මුසවාහි ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනුබසැතියේ වෙයි. මෙරමා ද පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුන්බස්හි සමනුඥ ද වෙයි. පිසුනුබස්හුගේ ගුණ ද බෙණෙයි.
අත‍්තනා ච ඵරුසවාචො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ‍්ඤො හොති, ඵරුසාය වාචාය ච වණ‍්ණං භාසති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති, සම‍්ඵප‍්පලාපෙ ච සමනුඤ‍්ඤො හොති, සම‍්ඵප‍්පලාපස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච අභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අභිජ‍්ඣාය සමාදපෙති, අභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති, අභිජ‍්ඣාය ච වණ‍්ණං භාසති. අත‍්තනා ච ව්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච ව්‍යාපාදෙ සමාදපෙති, ව්‍යාපාදෙ සමනුඤ‍්ඤො හොති, ව්‍යාපාදස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති, මිච‍්ඡාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති, මිච‍්ඡාදිට‍්ඨියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො භික‍්ඛවෙ චත‍්තාරීසාය ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි, පරොස්බස්හි සමනුඥ ද වෙයි. පරොස්බස්හුගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි, සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි, මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අභිධ්‍යාව ගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද ව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි, ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. ව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි වෙයි.
චත‍්තාරීසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ, කතමෙහි චත‍්තාරීසාය:
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර සතළිසෙකින යත්;
අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, පාණාතිපාතා වෙරමණියා ච වණ‍්ණං භාසති. අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති, අදින‍්නාදානා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, අදින‍්නාදානා වෙරමණියා ච වණ‍්ණං භාසති. අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච වණ‍්ණං භාසති.
තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතවීරමණයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතවිරමණයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදනින් වැළකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් විරමණයෙහි සමාදන් කරවයි, අදින්නාදාන විරමණයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාර විරමණයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යචාරවීරමණයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යචාරවිරමණයාගේ ගුණ ද බෙණෙයි.
අත‍්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ‍්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, මුසාවාදා වෙරමණියා ච වණ‍්ණං භාසති. අත‍්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, පිසුනාය වාචාය වෙරමණියා ච වණ‍්ණං භාසති. අත‍්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, ඵරුසාය වාචාය වෙරමණියා ච වණ‍්ණං භාසති.
තෙමේ ද මුසවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසවායෙන් විරමණයෙහි සමාදන් කරවයි, මුසාවාදවිරමණයෙහි සමනුඥ ද වෙයි. මෘෂවාදවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි, මෙරමා ද පිසුනු බසින් වැළකී මෙහි සමාදන් කරවයි. පිසුනු බසින් විරමණයෙහි සමනුඥ ද වෙයි. පිසුනු බසින් විරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පරුෂවචනයෙන් වැළැකියේ වෙයි, මෙරමා ද පරොස්බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පරුෂවචනවිරමණයෙහි සමනුඥ ද වෙයි. පරුෂවචනවිරතිහුගේ ගුණ ද බෙණෙයි
අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති, සම‍්ඵප‍්පලාපා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, සම‍්ඵප‍්පලාපා ච වෙරමණියා වණ‍්ණං භාසති. අත‍්තනා ච අනභිජ‍්ඣාලූ හොති, පරඤ‍්ච අනභිජ‍්ඣාය සමාදපෙති, අනභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති, අනභිජ‍්ඣාය ච වණ‍්ණං භාසති. අත‍්තනා ච අව්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච අව්‍යාපාදෙ සමාදපෙති, අව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති, අව්‍යාපාදස‍්ස ච වණ‍්ණං භාසති. අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති, සම‍්මාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති, සම‍්මාදිට‍්ඨියා ච වණ‍්ණං භාසති, ඉමෙහි ඛො භික‍්ඛවෙ චත‍්තාරීසාය ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාප විරමණයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරමණයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අනභිධ්‍යා ලූ වෙයි, මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අනභිධ්‍යාවගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අව්‍යාපන්න චිත්ත වෙයි, මෙරමා ද, අව්‍යාපාදයෙහි සමාදන් කරවයි, අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. අව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්ද බහා තැබූයේ යම් සේ ද එසේ ස්වර්‍ගයෙහි වෙයි.