චුන්ද සුත්තං
10. 4. 2. 10.
10. 4. 2. 10.
චුන්ද සුත්තං
චුන්ද සූත්‍රය
එවං මෙ සුතං, එකං සමයං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාර පුත්තස්ස අම්බවනෙ. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දං කම්මාරපුත්තං භගවා එතදවොච: කස්ස නො ත්වං චුන්ද සොචෙය්යානි රොචෙය්යාසීති?
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා හි චුන්දකර්මාර පුත්‍රයාගේ අඹවෙනෙහි වැඩ වසන සේක. එකල චුන්ද කර්මාරපුත්ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් ආයුෂ්මත් චුන්ද කර්මාරපුත්රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: චුන්දය, තෝ කවරකුගේ සුචිභාවයන් රුස්නෙහි දැ යි.
බ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. තෙසාහං සොචෙය්යානි රොචෙමීති.
වහන්ස, පශ්චාද්භූමි වැසි කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පනවත්. වහන්ස, මම ඔවුන්ගේ සුචිභාවයන් රුස්නෙමි යි.
යථා කථං පන චුන්ද, බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්තීති?
චුන්දය, කෙසේනම් පශ්චාද්භූමිවාසී කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත්දැයි?
ඉධ භන්තෙ බ්රාහ්මණා පච්ඡා භූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා තෙ සාවකෙ එවං සමාදපෙන්ති: “එහි ත්වං අම්භො පුරිස, කාලස්සෙව උට්ඨහන්තොව සයනම්හා පඨවිං ආමසෙය්‍යාසි, නො චෙ පඨවිං ආමසෙය්‍යාසි අල්ලානි ගොමයානි ආමසෙය්‍යාසි, නො චෙ අල්ලානි ගොමයානි ආමසෙය්‍යාසි හරිතානි තිණානි ආමසෙය්‍යාසි.
වහන්ස, මෙහි පශ්චාද්භූමක වූ කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බමුණෝ මෙසේ සව්වන් සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෝ කල් ඇතිව ම යහනින් නැගිටුනේ පොළොව පිරිමදනෙහි, ඉදින් පොළොව නො පිරිමදනෙහි නම් අමුගොම පිරිමදනෙහි, ඉදින් අමුගොම නො පිරිමදනෙහි නම් නිල් තණ පිරිමදනෙහි.
නො චෙ හරිතානි තිණානි ආමසෙය්‍යාසි අග්ගිං පරිචරෙය්‍යාසි, නො චෙ අග්ගිං පරිචරෙය්‍යාසි පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්යාසි, නො චෙ පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්යාසි සායතතියකං උදකං ඔරොහෙය්යාසීති. එවං ඛො භන්තෙ බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. තෙසාහං සොචෙය්යානි රොචෙමීති.
ඉදින් නිල්තණ නො පිරිමදනෙහි නම් අග්නිපරිචරණය කරනෙහි. ඉදින් අග්නිපරිචරණය නො කරනෙහි නම් බදැඳිලි ව හිරු නමදනෙහි. ඉදින් බදැඳිලි ව හිරු නො නමදනෙහි නම් සවස තෙවැනි කොට උදකාවරෝහණ කරනෙහි”යි. වහන්ස, මෙසේ පශ්චාද්භූමක, කමඬලා දරන සෙවෙල්මල්දම් පළඳින, අග්නිපරිචරණය කරන උදකාවරෝහණය කරණ බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත් යි. ඔවුන්ගේ ඒ සුචිභාවයන් කැමැත්තෙමි යි.
අඤ්ඤථා ඛො චුන්ද බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ සොචෙය්‍යං හොතීති.
චුන්දය, පච්ඡාභූමි වැසි කමඬලා දරණ සෙවෙල් දම් පළඳින අග්නිපරිචරණය කරන උදකාවරෝහණයෙහි යෙදෙන බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් සුචිභාවයන් පනවත්. ආර්‍ය්‍යවිනයෙහි වනාහි සුචිබව අන්පරිද්දෙකින් වේ ය යි.
යථා කථං පන භන්තෙ අරියස්ස විනයෙ සොචෙය්‍යං හොති? සාධු මෙ භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ සොචෙය්‍යං හොතීති.
වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි සුචිබව කෙසේ වේ ද? වහන්ස, යම් පරිදි ආර්‍ය්‍යවිනයෙහි සුචිබව වේ නම් භාග්‍යවතුන් වහන්සේ මට එපරිදි දහම් දෙසනසේක් නම් මැනැවැයි.
තෙන හි චුන්ද සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පච්චස්සොසී. භගවා එතදවොච:
චුන්දය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, දෙසන්නෙමියි. එසේය වහන්සැයි චුන්දකර්මාරපුත්ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
තිවිධං ඛො චුන්ද කායෙන අසොචෙය්‍යං හොති, චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති, තිවිධං මනසා අසොචෙය්‍යං හොති.
චුන්දය, කයින් ත්රිවිධඅශූචිභාවයෙක් වෙයි, වචනයෙන් චතුර්විධ අශූචිභාවයෙක් වෙයි, මනසින් ත්‍රිවිධ අශූචිභාවයෙක් වේ.
කථඤ්ච චුන්ද තිවිධං කායෙන අසොචෙය්‍යං හොති:
චුන්දය, කයින් ත්‍රිවිධ අශූචිභාවය කිසේය යත්:
1. ඉධ චුන්ද එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහටෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණ භූතෙසු.
1. චුන්දය, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම් හා පැහැරුම්හි නිවිෂ්ට වූයේ සව්සතුන් කෙරෙහි දයාරහිත වූයේ ප්රාණාඝාතී වෙයි.
2. අදින්නාදායී හොති යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වං, තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති,
2. අයිනාදන් කරන සැහැවි ඇතියේ වෙයි: ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි යම් මෙරමා සතු වස්තුපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ නොදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමෙසු මිච්ඡාචාරී හොති යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි. තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති,
3. කාමයන්හි මිස හසර ඇතියේ වෙයි: මාතෘරක්ෂිතාය, පිතෘරක්ෂිතාය, මාතෘපීතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
එවං ඛො චුන්ද කායෙන අසොචෙය්‍යං හොති.
චුන්දය, මෙසේවනාහි කයින් අශූචීභාවය වේ.
කථඤ්ච චුන්ද චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති:
චුන්දය, කිසේ නම් වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේය යත්:
4. ඉධ චුන්ද එකච්චො මුසාවාදී හොති සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣ ගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති’. සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමී’ ති අපස්සං වා ආහ ‘පස්සාමී’ති. පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
4. චුන්දය මෙ ලොව්හි ඇතැමෙක් සභාවකට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ජනසමූහ මැදට ගියේ වේවයි රජකුලන මැදට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, මෙහි එව, යමක් දිනිහි නම් එ කියවයි සාක්ෂි අසන ලදුයේ මුසවා බණන සුලු වෙයි. හේ නො දන්නේ ම ‘දනිමි’යි කියයි, දන්නේ හෝ ‘නො දනිමි’යි කියයි, නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි අල්ප වූ ආමිස හේතුයෙන් වේවයි සම්පජානමුසා බණන්නේ වෙයි.
5. පිසුනාවාචො හොති ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති.
5. මොවුන්ගේ භේදය පිණිස මෙතැනින් අසා අසෝතන්හි කියනුයේ හෝ අසෝතන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට කියනුයේ හෝ පිසුනුබස් ඇතියේ වෙයි: මෙසේ සමග වූවන් බිඳිනුයේ හෝ බිඳුනවුනට අනුබල දෙනුයේ හෝ වර්ගකරණයෙහි ඇලුනේ වර්ගකරණයෙහි නිකුත්වූයේ වර්ගකරණයෙන් තුස්නේ වර්ගකරණබස් බණන්නේ වෙයි.
6. ඵරුසවාචො හොති යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති.
6. පරොස්බස් ඇතියේ වෙයි: යම් ඒ බසක් රළු වේ ද කැකුළු වේ ද පරහට කටුක වේද මෙරමා ගටනා සුලු වේද ක්‍රෝධය වට ඇතියේ වේද සමාධියට හිත නො වේ ද එබඳු බස් කියන්නේ වෙයි.
7. සම්ඵප්පලාපී හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං.
7. සම්ඵප්‍රලාප වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්මවාදී ව අවිනයවාදී ව ළෙහි නො තැබිය යුතු නො කල්හි හේතු රහිත පිරිසිඳුම් නැති අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් බණනේ වෙයි.
එවං ඛො චුන්ද චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති.
චුන්දය, මෙසේ වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේ.
කථඤ්ච චුන්ද තිවිධං මනසා අසොචෙය්‍යං හොති:
චුන්දය, කෙසේ නම් සිතින් ත්‍රිවිධ අශූචිභාවය වේය යත්:
8. ඉධ චුන්ද එකච්චො අභිජ්ඣාලූ හොති යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣිතා හොති, “අහො වත යං පරස්ස තං මම අස්සාති.
8. චුන්දය, මෙලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. යම් ඒ මෙරමාගේ පරචිත්තෝපකරණ වේ නම් එයට ගිජු වෙයි. “අහෝ මෙරමා අයත් යමක් වේ නම් එය මට වේවා”යි
9. ව්යාපන්නචිත්තො හොති පදුට්ඨමනසඞ්කප්පො “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං ඉති වා”ති.
9. ප්‍රද්විෂ්ට මනඃ සඞ්කල්ප ඇතියේ මෙ සත්හු නැසෙත්වා හෝ යි බැඳෙත්වා හොයි මුල් සිඳී යෙත්වා හෝයි වැනසෙත්වා හෝයි නො ම,වෙත්වා හෝයි ව්‍යාපාදයට පත් සිත් ඇතියේ වෙයි.
10. මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, “නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො නත්ථි අයං ලොකො නත්ථි පරොලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති.
10. “දෙන ලද්දෙහි ඵල නැති, පුදන ලද්දෙහි ඵල නැත, හෝමයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, ලෝකයෙහි ස්ම්යග්ගත ව සම්‍යක් ප්‍රතිපන්න ව මෙලෝ පරලෝ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට යමෙක් පවසත් නම් එබඳු මහණ බමුණෝ නැතැයි.
එවං ඛො චුන්ද තිවිධං මනසා අසොචෙය්‍යං හොතීති.
චුන්දය, මෙසේ සිතින් ත්‍රිවිධ අශූචිභාව වේ.
ඉමෙ ඛො චුන්ද දස අකුසලකම්මපථා. ඉමෙහි ඛො චුන්ද දසහි අකුසලෙහි කම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව වුට්ඨහන්තොව සයනම්හා පඨවිඤ්චෙපි ආමසති අසුචියෙව හොති. නො චෙපි පඨවිං ආමසති අසුචියෙව හොති, අල්ලානි චෙපි ගොමයානි ආමසති අසුචියෙව හොති, නො චෙපි අල්ලානි ගොමයානි ආමසති අසුචියෙව හොති, හරිතානි චෙපි තිණානි ආමසති අසුචියෙව හොති, නො චෙපි හරිතානි තිණානි ආමසති අසුචියෙව හොති, අග්ගිඤ්චෙපි පරිචරති අසුචියෙව හොති, නො චෙපි අග්ගිං පරිචරති අසුචියෙව හොති, පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති අසුචියෙව හොති, නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති අසුචියෙව හොති, සායතතියකඤ්චෙපි උදකං ඔරොහති අසුචියෙව හොති, නො චෙපි සායතතියකං උදකං ඔරොහති අසුචියෙව හොති.
චුන්දය, මේ දශඅකුශලකර්මපථයි. චුන්දය, මේ දශඅකුශලකර්මපථයෙන් සමන්වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගී සිටුනේ පොළොව පිරිමදනේ නමුදු අශූචි ම වෙයි. පොළොව නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා කරන්නේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා නො කරන්නේ නමුදු අශූචි ම වෙයි, බදැඳිලිව හිරු නමදනේ නමුදු අශූචි ම වෙයි. බදැඳිලි ව හිරු නො නමදනේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට බස්නේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට නො බස්නේ නමුදු අශූචි ම වෙයි.
තං කිස්ස හෙතු?
එ කවර හෙයිනැ යත්:
ඉමෙ චුන්ද දස අකුසලකම්මපථා අසුචියෙව හොන්ති, අසුචිකරණා ච. ඉමෙසං පන චුන්ද දසන්නං අකුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා පන අඤ්ඤාපි කාචි දුග්ගතියො.
චුන්දය, මේ දශඅකුශලධර්මයෝ අශූචි ම වෙති, අශූචිකරණ ම වෙත්. චුන්දය, දශඅකුශල කර්මපථයන්ගේ සමන්වාගමහේතුයෙන් නිරය පැනෙයි, තිරිසන්යොන් පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. එබඳු අන් කිසි දුර්ගතිහු ද පැනෙත්.
තිවිධං ඛො චුන්ද කායෙන සොචෙය්‍යං හොති, චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති, තිවිධං මනසා සොචෙය්‍යං හොති.
චුන්දය, කායසෝචෙය්යය ත්‍රිවිධ වෙයි, වචීසොචෙය්යය චතුර්විධ වෙයි, මනෝසොචෙය්යය ත්‍රිවිධ වෙයි.
කථං චුන්ද තිවිධං කායෙන සොචෙය්‍යං හොති:
චුන්දය, කෙසේ කයින් ත්‍රිවිධ සුචිභාවය වේයැ යත්:
1. ඉධ චුන්ද එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
1. මෙලොව්හි ඇතැමෙක් පණිවා හැර පණිවායෙන් වැළැක්කේ වෙයි, බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ සව්සතුන් කෙරෙහි දයා ඇත්තේ හිතානුකම්පා ඇත්තේ වෙසෙයි.
2. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
2. අයිනාදන් හැර අයිනාදනින් වෙන් වූයේ වෙයි, ගම්හි වූ හෝ අරන්හි වූ හෝ මෙරමා අයත් යම් ඒ පරචිත්තූපකරණ වේ නම් ථෙය්යසඞ්ඛ්යාත ඒ නො දුන් දෑ නො ගන්නේ වෙයි.
3. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති.
3. කාමයන්හි මිස හසර හැර දමා මිසහසරින් වැළැක්කේ වෙයි, මාතෘරක්ෂිතාය, පීතෘරක්ෂිතාය, මාතාපීතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පිරිකෙව්ලදුදැයි යම් ඒ මාගම්හු වෙත් නම් උන් කෙරෙහි නො හැසිරෙන බවට නො පැමිණෙන්නේ වෙයි.
එවං ඛො චුන්ද තිවිධං කායෙන සොචෙය්‍යං හොති.
චුන්දය, මෙසේ කයින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
කථඤ්ච චුන්ද චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති:
චුන්දය, කෙසේ නම් වචනයෙන් සිවුවැදෑරු සුචිභාව වේ යත්:
4. ඉධ චුන්ද එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො, “එහම්භො පුරිස යං ජානාසි, තං වදෙහී”ති සො අජානං වා ආහ ‘න ජානාමී’ති, ‘ජානං වා ආහ ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති, පස්සං වා ආහ ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
4. චුන්දය, මොලොව්හි ඇතැමෙක් මුසවා හැර පියා සභාවට ගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, නෑයන් මැදට ගියේ වේවයි, ජනසමූහ මැදට ගියේ වේවයි, රජකුලන් මැදට ගියේ වේවයි, අබිමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එ කියව”යි සාක්ෂි විසින් පිළිවුස්නා ලදුයේ මුසවායෙන් වැළැක්කේ වෙයි. හේ නොදන්නේ හෝ නොදන්මි’යි කියයි, දන්නේ හෝ ‘දනිමි’යි කියයි. නො දක්නේ හෝ නො දක්මි’යි කියයි, දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි කිසියම් ආමිසහේතුවකින් වේවයි සම්පජානමුසා නො කියන්නේ වෙයි.
5. පිසුනා වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. න අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණං වාචං භාසිතා හොති.
5. පිසුනු බස් හැරපියා පිසුනුබසින් වැළැක්කේ වෙයි: මෙතන්හි අසා මුන්ගේ භේදය පිණිස එතන්හි නො කියන්නේ වෙයි, එ තන්හි අසා උන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් හෝ ගටනුයේ වෙයි, සමග වූවනට අනුප්රදාතෘ වෙයි. සමගයෙහි ඇලුනේ සමගයන් කෙරෙහි රැඳුනේ සමගයන් හා තුටු වනුයේ සමග කරන බස් කියනුයේ වෙයි.
6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති.
6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි: යම් ඒ බසක් නිදොස් වූ, කනට සුව දෙන ප්‍රේමණීය හෘදයඞ්ගම විනීත බොහෝ දෙන හට සිත්කලු බොහෝ දෙන හට මන වඩන බසෙක් වේ නම් එබඳු බස් තෙපලන්නේ වෙයි.
7. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
7. පලප් බස් හැරපියා පලප්බසින් වැළැක්කේ වෙයි: කාලවාදී ව භූතවාදී ව අර්ත්ථවාදී ව ධර්මවාදී ව විනයවාදී ව ළෙහි නිදන් කටයුතු සහේතුක වූ පිරිවැටුම් ඇති අර්ත්ථනිඃශ්රිත බස් කල්හි බණන්නේ වෙයි.
එවං ඛො චුන්ද චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති.
චුන්දය, මෙසේ වචනයෙන් චතුර්විධ ශූචිභාවය වේ.
කථඤ්ච චුන්ද තිවිධං මනසා සොචෙය්‍යං හොති:
චුන්දය, මනසින් ත්‍රිවිධ ශූචිභාවය කෙසේ වේය යත්:
8. ඉධ චුන්ද එකච්චො අනභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං, තං නාභිජ්ඣිතා හොති අහො වත යං පරස්ස තං මම අස්සාති.
8. චුන්දය, මෙ ලොව්හි ඇතැමෙක් අභිජ්ඣා බහුල නො වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ‘අහෝ, එකැතින් ඒ පරා අයත් යමක් වේ නම් එ මට වේව’යි එයට ගිජු නො වෙත්.
9. අව්යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසංකප්පො, “ඉමෙ සත්තා අවෙරා අව්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු”ති.
9. “මේ සත්ත්වයෝ වෛර නැතියාහු ව්‍යාපාද නැතියාහු දුක් නැතියාහු සුවපත් වූවාහු ආත්මපරිහරණ කෙරෙත්වා”යි අප්රද්විෂ්ටමනඃ සංකල්ප ඇතියේ අව්‍යාපාදයට නො වන් සිත් ඇතියේ වෙයි.
10. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො, “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකා අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමං ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති.
10. දුන් දෑහි ඵල ඇත, පූජායෙහි ඵල ඇති, හෝමයෙහි ඵල ඇති, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාතික සත්ත්වයෝ ඇත, යමෙක් මෙලෝ හා පරලෝ තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යක්ගත ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව්හි ඇතැයි අවිපරීත දර්ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
එවං ඛො චුන්ද තිවිධං මනසා සොචෙය්‍යං හොති.
චුන්දය, මෙසේ මනසින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
ඉමෙ ඛො චුන්ද දස කුසලකම්මපථා.
චුන්දය, මේ දශ කුශල කර්මපථයෝයි.
ඉමෙහි ඛො දසහි කුසලකම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව උට්ඨහන්තොව සයනම්හා පඨවිං චෙපි ආමසති, සුචියෙව හොති. නො චෙපි පඨවිං ආමසති, සුචියෙව හොති. අල්ලානි චෙපි ගොමයානි ආමසති සුචියෙව හොති. නො චෙපි අල්ලානි ගොමයානි ආමසති, සුචියෙව හොති. හරිතානි චෙපි තිණානි ආමසති, සුචියෙව හොති නො චෙපි හරිතානි තිණානි ආමසති, සුචියෙව හොති අග්ගිඤ්චෙපි පරිචරති, සුචියෙව හොති. නො චෙපි අග්ගිං පරිචරති, සුචියෙව හොති පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති, සුචියෙව හොති. නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති, සුචියෙව හොති. සායතතියකඤ්චෙපි උදකං ඔරොහති, සුචියෙව හොති. නො චෙපි සායතතියකං උදකං ඔරොහති, සුචියෙව හොති.
මේ දශ කුශල කර්මපථයන් ගෙන් සමන්වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගෙනුයේ ම පොළෝ පිරිමදනේ නමුදු ශූචියෙක්ම වෙයි. පොළෝ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා කරනේ ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා නො කරනුයේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නො නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට බස්නේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට නො බස්නේ නමුදු ශූචියෙක් වෙයි.
තං කිස්ස හෙතු.
එ කවර හෙයිනැ
ඉමෙ චුන්ද දස කුසලකම්මපථා සුචියෙව හොන්ති, සුචිකරණා ච ඉමෙසඤ්ච පන චුන්ද දසන්නං කුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියොති.
චුන්දය, මේ දශ කුශල කර්ම පථයෝ ශූචි ම වෙති. ශූචිකරණ ද වෙත්. චුන්දය, මේ දශ කුශල කර්මපථයන්ගේ සමන්වාගමන හේතුයෙන් දෙවියෝ පැනෙත්. මනුෂ්‍යයෝ පැනෙත්. යම් බඳු අන් කිසි සුගතිහු ද පැනෙත්යයි.
එවං වුත්තෙ චුන්දො කම්මාරපුත්තො භගවන්තං එතදවොච:
මෙසේ වදාරත් ම චුන්ද කර්මාරපුත්ර භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
වහන්ස, ඉතා මැනැව .. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගත උපාසකයකු කොට මා ධරන සේක්වායි.