යෙදුමෙන් කියවන්න

ජාණුස‍්සොණී සුත‍්තං

10. 4. 2. 11.

10. 4. 2. 11.

ජාණුස‍්සොණී සුත‍්තං

ජාණුස්සෝණි සූත්‍රය

අථ ඛො ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හින, එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය.

මයමස‍්සු භො ගොතම බ්‍රාහ‍්මණා නාම දානානි දෙම සද‍්ධානි කරොම: “ඉදං දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප‍්පතු, ඉදං දානං පෙතා ඤාතිසාලොහිතා පරිභුඤ‍්ජන‍්තු’ති. කච‍්චි තං භො ගොතම දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප‍්පති? කච‍්චි තෙ පෙතා ඤාතිසාලොහිතා තං දානං පරිභුඤ‍්ජන‍්ති ති?

පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා. මෙ දානය පරලොව ගිය ඥාතිසාලොහිතයෝ පරිභෝග කරත්වා”යි දන්දෙම්හ, ශ්‍රාද්ධ කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, එ දානය ප්‍රේතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්‍රේතඥාතිසාලෝහිතයෝ එ දන් පරිභෝග කරත් දැයි?

ඨානෙ ඛො බ්‍රාහ‍්මණ උපකප‍්පති, නො අට‍්ඨානෙති.

බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නො පැමිණේයයි.

කතමඤ‍්ච භො ගොතම ඨානං? කතමං අට‍්ඨානන‍්ති?

භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේය? අස්ථානය කවරේය?

ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨිකො හොති, සො කායස‍්ස භෙදා පරං මරණා නිරයං උපපජ‍්ජති. යො නෙරයිකානං සත‍්තානං ආහාරො තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි. අයිනාදන් කරනේ වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් ආහාරයෙක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේ ය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නො පැමිණේ නම්, මෙ ද (එබඳු) අස්ථානයෙකි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතී හොති -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකො හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජති. යො තිරච‍්ඡානයොනිකානං සත‍්තානං ආහාරො තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි -පෙ- මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු තිරශ්චීන යෝනියට එළඹෙයි. තිරිසන් යොන් සත්නට යම් ආහාරයෙක් වේ නම් හේ, එහි එයින් යැපෙයි එයින් හේ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටුන හට එ දානය නොපැමිණේ නම්, මේද අස්ථානයෙකි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලූ හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සානං සහව්‍යතං උපපජ‍්ජති. යො මනුස‍්සානං ආහාරො තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුලකොට නැතියේ වෙයි. ව්‍යාපාද නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන්ගේ සහභාවයට එළැඹෙයි. මිනිසුන්ගේ යම් අහරෙක් වේ නම්, හෙ එහි එයින් යැපෙන්නේ ය. ඉන් හෙ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නොලැබේ නම්, මෙ ද එබඳු අස්ථානයෙකි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම‍්මාදිට‍්ඨිකො හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. යො දෙවානං ආහාරො තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. -පෙ- සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් අහරෙක් වේ නම් එයින් හෙ එහි යැපෙන්නේය. හෙ එයින් එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහට එ දානය නො එළැඹේ නම් මෙ ද අස්ථානයෙකි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතී හොති -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකො හොති. සො කායස‍්ස භෙදා පරං මරණා පෙත‍්ති විසයං උපපජ‍්ජති. යො පෙත‍්තිවෙසයිකානං සත‍්තානං ආහාරො, තෙන සො තත්‍ථ යාපෙති. තෙන සො තත්‍ථ තිට‍්ඨති. යං වා පනස‍්ස අනුප‍්පවෙච‍්ඡන‍්ති මිත‍්තා වා අමච‍්චා වා ඤාති වා සාලොහිතා වා, තෙන සො තත්‍ථ යාපෙති. තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදං ඛො බ්‍රාහ‍්මණ ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං උපකප‍්පතී ති.

බ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. -පෙ- මිසදිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයට එළඹෙයි. ප්‍රේතවිෂයට අයත් සත්ත්‍වයන්ගේ යම් අහරෙක් වේ නම්, එයින්, හෙ එහි යැපෙයි. එයින් හෙ එහි සිටුනේය. ඔහට මිත්‍රයෝ වෙත්වයි, සගයෝ වෙත්වයි, ඥාතීහු වෙත්වයි, සහ ලේ නෑයෝ වෙත්වයි යමක් හෝ දෙත් නම්, හෙ ඉන් එහි යැපෙයි. හෙ එයින් සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය එළැඹේ නම්, එ ස්ථානය වෙයි.

සචෙ පන භො ගොතම සො පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුප‍්පන‍්නො හොති, කො තං දානං පරිභුඤ‍්ජතීති?

පින්වත් ගෞතමයන් වහන්ස, ඉන් පරලොව ගිය ඒ ඥාති සාලෝහිතයා එතැනට නො පැමිණියේ නම් කවරෙක් එ දන පරිභෝග කෙරේ දැ යි?

අඤ‍්ඤෙපිස‍්ස බ්‍රාහ‍්මණ පෙතා ඤාති සාලොහිතා තං ඨානං අනුප‍්පත‍්තා හොන‍්ති. තෙ තං දානං පරිභුඤ‍්ජන‍්තී ති.

බ්‍රාහ්මණය, පරලොව ගිය අන්‍යඥාතිසාලෝහිතයෝද එතැනට පැමිණියාහු වෙත්, ඔහු එ දන් වළඳත් යයි.

සචෙ පන භො ගොතම සො චෙව පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන‍්නො හොති, අඤ‍්ඤෙපිස‍්ස පෙතා ඤාතිසාලොහිතා තං ඨානං අනුපපන‍්නා හොන‍්තී. කො තං දානං පරිභුඤ‍්ජතී ති?

භවත් ගෞතමයන් වහන්ස, පරලොව ගිය ඒ ඥාති සාලොහිත ද එහි නො පැමිණියේ වෙයි, පරලොව ගිය ඔහුගේ අන්‍යඥාතිසාහිලෝහිතයෝ ද එතැනට නොපැමිණියාහු වෙත්නම්, කවරෙක් ඒ දන් වළඳනාහුදැයි?

අට‍්ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ, අනවකාසො යං තං ඨානං විචිත‍්තං අස‍්ස ඉමිනා දීඝෙන අද‍්ධුනා යදිදං පෙතෙහි ඤාති සාලොහිතෙහි. අපි ච බ්‍රාහ‍්මණ දායකොපි අනිප‍්ඵලො හොති.

බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මෙ දීර්‍ඝකාලයෙහි පරලොවගිය ඥාතිසාලෝහිතයන්ගෙන් එ ස්ථානය විවික්ත වන්නේ ය, යන තෙල කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි, බ්‍රාහ්මණය, නැවැත දායක තෙමේ ද අනිෂ්ඵල වෙයි.

අට‍්ඨානෙපි භවං ගොතමො පරිකප‍්පං වදතීති? අට‍්ඨානෙපි ඛො අහං බ්‍රාහ‍්මණ පරිකප‍්පං වදාමි

භවත් ගෞතමයන් වහන්සේ අස්ථානයෙහිදු (දානඵලයාගේ) පරිකල්පය වදාරත්හු දැයි?

ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතී හොති. අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨිකො හොති, සො දාතා හොති, සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං, සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො කායස‍්ස භෙදා පරං මරණා හත්‍ථීනං සහව්‍යතං උපපජ‍්ජති. සො තත්‍ථ ලාභී හොති අන‍්නස‍්ස පානස‍්ස මාලා නානාලඞ‍්කාරස‍්ස.

බ්‍රාහ්මණය, මම අස්ථානයෙහිදු දානඵල පරිකල්පය වදාරමි. බ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. අයිනාදන් ගන්නාසුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණනසුලු වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. හේ ශ්‍රමණයකුහට වේවයි, බ්‍රාහ්මණයකුහට වේවයි, අන්න, පාන, වස්ත්‍ර, යාන, මාලාගන්‍ධ විලේපන, ශය්‍යා ආවසථ, ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි, හෙ කාබුන් මරණින් මතු ඇතුන්ගේ සහභාවයට එළඹෙයි. හෙ එහි අන්න, පාන, මාලා නානාලඞ්කාර ලබන සුලු වෙයි.

යං ඛො බ්‍රාහ‍්මණ ඉධ පාණාතිපාතී, අදින‍්නාදායී, කාමෙසු මිච‍්ඡාචාරී, මුසාවාදී, පිසුනවාචො, ඵරුසවාචො, සම‍්ඵප‍්පලාපී, අභිජ‍්ඣාලූ, ව්‍යාපන‍්නචිත‍්තො, මිච‍්ඡාදිට‍්ඨිකො, තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා හත්‍ථීනං සහව්‍යතං උපපජ‍්ජති. යං ච ඛො සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං, සෙය්‍යාවසථපදීපෙය්‍යං, තෙන සො තත්‍ථ ලාභී හොති අන‍්නස‍්ස පානස‍්ස මාලා නානාලංකාරස‍්ස.

බ්‍රාහ්මණය, මෙ ලොව්හි යම්හෙයෙකින් පණිවා කරනසුලුද අයිනාදන් ගන්නා සුලු ද කාමයන්හි මිසහසර ඇතියේ ද පිසුනුබස් ඇතියේ ද පරොස්බස් ඇතියේ වේද සම්ඵප්‍රලාප ඇතියේද අභිධ්‍යා බහුලකොට ඇතියේ ද ව්‍යාපාදයට පත් සිතැතියේද, මිථ්‍යාදෘෂ්ටික වේද, එහෙයින් හේ කාබුන් මරණින් මතු හස්තීන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණෙකින් හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්තු යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා ආවස්ථා ප්‍රදීපෝපකරණ දෙන්නේ වේද එකරුණින් හෙ එහි අන්නපාන මාලා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.

ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතී හොති. අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලූ හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨිකො හොති. සො දාතා හොති, සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං, සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො කායස‍්ස භෙදා පරං මරණා අස‍්සානං සහව්‍යතං උපපජ‍්ජති -පෙ- ගුන‍්නං සහව්‍යතං උපපජ‍්ජති -පෙ- කුක‍්කුරානං සහව්‍යතං උපපජ‍්ජති -පෙ- සො තත්‍ථ ලාභී හොති අන‍්නස‍්ස පානස‍්ස මාලා නානාලඞ‍්කාරස‍්ස.

බමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා කරනසුලු වෙයි. අයිනාදන් ගන්නා සුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසාවාදී වෙයි. පිසුනු බස් ඇති වෙයි. පරොස්බස් ඇති වෙයි. සම්ඵප්‍රලාප ඇති වෙයි. අභිජ්ඣා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිත් ඇති වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධවිලේපන ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු අශ්වයන්ගේ සහභාවයට යෙයි. ගෙරින්ගේ සහභාවයට එළඹෙයි. ... සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. ... හෙ එහි අන්න පාන මාලා හා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.

යං ඛො බ්‍රාහ‍්මණ ඉධ පාණාතිපාතී -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකො, සො තෙන කායස‍්ස භෙදා පරම‍්මරණා කුක‍්කුරානං සහව්‍යතං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං, සෙය්‍යාවසථපදීපෙය්‍යං, තෙන සො තත්‍ථ ලාභී හොති අන‍්නස‍්ස පානස‍්ස මාලා නානාලඞ‍්කාරස‍්ස.

බමුණ යම් කරුණකින් මෙලොව පණිවා කරන්නේ වේද, මිසදිටු ඇති වේද, හෙ එ කරුණින් කාබුන් මරණින් මතු සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණකින් හෙ මහණකුට වේවයි, බමුණෙකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ එකරුණින් එහි අන්නපානමාලා නානාලඞ්කාර ලබනසුලු වෙයි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලූ හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති. සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො කායස‍්ස භෙදා පරං මරණා මනුස‍්සානං සහව්‍යතං උපපජ‍්ජති. සො තත්‍ථ ලාභී හොති මානුසකානං පඤ‍්චන‍්නං කාමගුණානං.

බමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි. අයිනාදනින් වැළැක්කේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැක්කේ වෙයි. මුසාවායෙන් වැළැක්කේ වෙයි. පිසුනු බසින් වැළැක්කේ වෙයි. පරොස් බසින් වැළැක්කේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි. අනභිජ්ඣාලූ වෙයි. අව්‍යාපන්නචිත්ත වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබනසුල්ලේ වෙයි.

යං ඛො බ්‍රාහ‍්මණ ඉධ පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම‍්මාදිට‍්ඨිකො, තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සානං සහව්‍යතං උපපජ‍්ජති, යඤ‍්ච ඛො සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං, තෙන සො තත්‍ථ ලාභී හොති මානුසකානං පඤ‍්චන‍්නං කාමගුණානං.

බ්‍රාහ්මණය, යම් හෙයකින් මෙලොව්හි පණිවායෙන් වැළැක්කේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට එයි. යම් හෙයකින් හෙතෙම මහණකුට වේවයි, බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යාආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වේ ද, එහෙයින් හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබන සුලු වෙයි.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම‍්මාදිට‍්ඨිකො හොති, සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො කායස‍්ස භෙදා පරං මරණා දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. සො තත්‍ථ ලාභී හොති දිබ‍්බානං පඤ‍්චන‍්නං කාමගුණානං.

බමුණ මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි ..... සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා - ආවසථ ප්‍රදීපෙය දෙන්නේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එහි දෙවියන් සතු පස්කම් ගුණ ලබන්නේ වෙයි.

යං ඛො බ්‍රාහ‍්මණ ඉධ පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම‍්මාදිට‍්ඨිකො. තෙන සො කායස‍්ස භෙදා පරං මරණා දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො දාතා හොති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං, තෙන සො තත්‍ථ ලාභී හොති දිබ‍්බානං පඤ‍්චන‍්නං කාමගුණානං. අපි ච බ්‍රාහ‍්මණ, දායකො පි අනිප‍්ඵලො ති.

බ්‍රාහ්මණය, යම් හෙයකින් මෙ ලොව්හි අතැමෙක් පණිවායෙන් වැළැක්කේ වේද … සම්‍යග් දෘෂ්ටික වේ ද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණේ. යම් හෙයෙකින් හේ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෙය දෙන්නේ වේද, එහෙයින් හේ එහි දෙවියනට හිමි පස්කම් ගුණ ලබන්නේ වෙයි. වැලිදු බ්‍රාහ්මණය දායක ද අනිෂ්ඵල වේ යයි.

අච‍්ඡරියං භො ගොතම, අබ‍්භුතං භො ගොතම, යාවඤ‍්චිදං භො ගොතම අලමෙව දානානි දාතුං, අලං සද‍්ධානි කාතුං, යත්‍රහි නාම දායකො පි අනිප‍්ඵලො හොති.

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයි. පින්වත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, යම් යම් දානයෙක්හි ලා දායක ද අනිෂ්ඵල වේ. දන්දීම නිසිමැයි. ශ්‍රාද්ධ කිරීම නිසි මැයි.

එව මෙතං බ්‍රාහ‍්මණ, එවමෙතං බ්‍රාහ‍්මණ, දායකොපි හි බ්‍රාහ‍්මණ අනිප‍්ඵලො හොති.

බ්‍රාහ්මණය, තෙල කරුණ එසේ මැයි. බ්‍රාහ්මණය තෙල කරුණ එසේමැයි. බ්‍රාහ්මණය දායකයා ද අනිෂ්ඵල ම වෙයි.

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවි -පෙ- භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්වා යි.

ජාණුස‍්සොණීවග‍්ගො දුතියො.

දෙවැනි ජාණුස්සෝණී වර්‍ග යි.